ඉරියව් කරපටියක් යනු බෙල්ලේ චලනය සීමා කිරීමට තරම් පුළුල් වන BDSM සහ අර්චනික ක්‍රියාකාරකම් වලදී භාවිතා කරන දෘඩ කරපටියකි. [1] මේවා සෘජු ඉරියව්වක් පවත්වා ගැනීමටත්, නිකට ඉහළට එසවී සිටින සේ බෙල්ල කෙලින් කර තැබීමටත් උපකාරී වේ. ඉරියව් කරපටි සාමාන්‍යයෙන් ඉදිරිපසින් පුළුල් ලෙස සාදා ඇති අතර එමඟින් නිකටේ සිට උරතලය දක්වා විහිදී යයි. එමගින් එය පැළඳ සිටින තැනැත්තාට හිස පහත්ට නැවීම හෝ පහළ බැලීමට ඇති හැකියාව වළක්වයි.

රබර් ඉරියව් කරපටියක් පැළඳි කාන්තාවක්

ඉරියව් කරපටි සාමාන්‍යයෙන් සම් වලින් සාදා ඇත. නමුත් ඒවා ලෝහ, රබර් හෝ PVC වැනි ප්ලාස්ටික් වලින්ද සෑදිය හැක. ඉරියව් කරපටි විවිධාකාරයෙන් අලංකාර කළ හැක. මෙම කරපටි වලට අගුලු දැමීමේ විධික්‍රම, සැරසිලි ලෙස ඇති කුඩා උල්, D හැඩැති මුදු වැනි වෙනත් බන්ධන අංග ඇතුළත් විය හැක. [2]

Neck corset ලෙස හැඳින්වෙන විශේෂ ආකාරයේ ඉරියව් කරපටි ද ඇත.

මේවාත් බලන්න සංස්කරණය

  • BDSM

යොමු කිරීම් සංස්කරණය

  1. "Risks of Posture Collars" Livestrong.com, retrieved 21 July 2012
  2. Description on www.peter-masters.com, retrieved 21 July 2012
"https://si.wikipedia.org/w/index.php?title=ඉරියව්_කරපටිය&oldid=627720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි