ඉන්දියානු දඟ පන්දු චතුරංගිකය

ඉන්දියානු දඟ පන්දු චතුරංගිකය යනු, 1960 ගණන් සහ 1970 ගණන් වල ක්‍රීඩා කළ ඉරාපලි ප්‍රසන්නා සහ ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන් (දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන්), භගවත් චන්ද්‍රසේකර් ( පා දඟ පන්දු යවන්නෙක්), සහ බිෂන් සිං බේදි ( වමතින් දඟ පන්දු යවන්නෙක්) නමැති ඉන්දියානු දඟ පන්දු යවන්නන් වෙනුවෙන් භාවිතා වන සාමුහික නාමයකි. ඔවුනතර, ටෙස්ට් තරග 231ක් ක්‍රීඩා කරමින්, කඩුළු 853 ක් දවා ගැනුමට ඔවුහූ සමත් වූහ. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙහි, විශේෂයෙන් උපමහාද්වීපික දූවිලි සහිත තණ නිල්ල තුලදී, බෙහෙවින් භීතිය ඇති කල සංකලනයන් අතරින් එකක් බවට ඔවුන් සැලකිණි.