ආර්ය ජාතිය (නාසිවාදය)

ආර්ය ජාතිය (ඉංග්‍රීසි: Aryan race) යනු 19 වැනි ශතවර්ෂයේ අගභාගයේදී ඉදිරිපත් කෙරුනු ව්‍යාජවිද්‍යාත්මක මානව වර්ගීකරණයකි. එයට අනුව ප්‍රාග්-ඉන්දු-යුරෝපානු ජනයාගෙන් පැවත එන්නන් ආර්ය ජාතියට අයත් වෙයි. 'ආර්ය' යනු ඉන්දු-ඉරාන භාෂාවල ඇති 'උතුම්' වැනි අරුතක් දෙන වචනයකි. මානවවිද්‍යාත්මක, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් මෙම සංකල්පයට සහය නොදැක්වේ.

මානව වර්ග
පිළිබඳ ලිපි මාලාවක කොටසකි
ප්‍රධාන මාතෘකා
මානව වර්ග (Race)
ජනවර්ගය සහ ප්‍රවේණි විද්‍යාව
මිනිස් ජානමය විවිධත්වය
ඓතිහාසික මිනිස් වර්ගීකරණ
ජනවර්ගය සහ සෞඛ්‍යය
ජනවර්ගය සහ බුද්ධි මට්ටම
සමාජීය
Social interpretations of race
වර්ගවාදය
වාර්ගික වෙන්කිරීම
අන්තර්වාර්ගික විවාහ වලට එරෙහි නීති
විද්‍යාත්මක වර්ගවාදය
Racial profiling
එක්සත් ජනපදයෙහි ජනවාර්ගිකත්වය
බ්‍රසීලයෙහි ජනවාර්ගිකත්වය
සබැඳි
ජනවාර්ගික කණ්ඩායම්
මිනිස් පරිණාමය
ප්‍රවේණි විද්‍යාව
වර්ගවාදය සමග සබැඳි මාතෘකා
ප්‍රවර්ගය:ජනවර්ග

ආර්ය සංකල්පයට අනුව ප්‍රාග්-ඉන්දු-යුරෝපානු භාෂාව කතා කළ පුද්ගලයින් සෙසු මනුෂ්‍යන්ට උත්තරීතර වූ අතර, ඔවුන්ගෙන් පැවතගෙන එන්නන්ගෙන් සමන්විත 'ආර්ය ජාතිය' ද අනෙක් මිනිසුන්ට වඩා උසස් වේ. මෙම 'ආර්ය ජාතිය' කොකේසියන් ජාතියෙහි උප වර්ගයක් ලෙස සැළකුනි. ඊට අමතරව කොකේසියන් ජාතියට සෙමිටික් සහ හැමිටික් ජනවර්ගද අයත් විය. නවීන ජානවිද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මෙකී වර්ගීකරණයන්ට ජීවවිද්‍යාත්මක පදනමක් නැති බව වර්තමානයේ පිළිගැනේ.

19 වැනි ශතවර්ෂයේදී, ආතර් ඩි ගොබිනෝ, රිචඩ් වැග්නර් සහ හූස්ටන් ස්ටුවර්ට් චැම්බලින් වැනි වර්ගවාදී සහ යුදෙව් විරෝධී ලේඛකයන් විසින් 'ආර්ය ජාතිය' යන යෙදුම භාවිතයට ගැනුනි. ඔවුන් විසින් ප්‍රචලිත කෙරුනු විද්‍යාත්මක වර්ගවාදය පසු කාලීන නාසි මතවාද වලට පදනම් සපයන ලදී. නාසිවාදීන් ආර්ය ජාතිය 'උසස් ජාතිය' (ජර්මානු: Herrenrasse; ඉංග්‍රීසි: Master race) ලෙස සළකන ලද අතර, ආර්ය නොවන ජනවර්ග පහත් ජාතීන් ලෙස සැළකුනි. ආර්ය නොවන පුද්ගලයින් 'උපමිනිසුන්' (ජර්මානු: Untermensch; ඉංග්‍රීසි: Subhuman) ලෙස හැදින්වූ අතර, ඔවුන් ආර්ය ජාතියෙහි පැවැත්මට තර්ජනයක් බවත්, එනිසා ඔවුන් විනාශ කර දැමිය යුතු බවත් නාසිවාදීහු විශ්වාස කළහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර නාසීන් විසින් පහත් යැයි සැලකුනු යුදෙව්, ස්ලාව්, රෝමා ඇතුලු ජනවර්ගවලට අයත් මිනිසුන් මිලියන ගණනක් සමූල ඝාතනය කිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ය_ජාතිය_(නාසිවාදය)&oldid=693986" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි