මහා යුදෙව් සංහාරය යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් සහ එහි සහයෝගකරුවන් විසින් යුදෙව්වන් මිලියන හයක් පමණ මරා දැමුණු වර්ග සංහාරයකි. ප්‍රධාන වශයෙන් අවුෂ්විට්ස්-බර්කනෝ, ට්‍රෙබ්ලින්කා, බෙල්සෙක්, සොබිබෝර් සහ චෙල්ම්නෝ නමැති සමූලනාශක කඳවුරු වලදී වෙඩි තැබීමෙන් හෝ විෂ වායු ආඝ්‍රහනය කරවීමෙන් ඝාතන සිදු කෙරුනි.

මහා යුදෙව් සංහාරය
දෙවන ලෝක යුද්ධයහී කොටසකි
1944 මැයි මස, ජර්මනිය විසින් යටත් කරගත් පෝලන්තයෙහි පිහිටි අවුෂ්විට්ස් II සමූලනාශක කඳවුරු වෙත යුදෙව්වන් රැගෙන ඒම. ඔවුන්ගෙන් බහුතරයක් ගෑස් කාමර තුලට යැවුනි.
ස්ථානයනාසි ජර්මනිය සහ නාසි ජර්මනිය විසින් අල්ලාගත් යුරෝපයේ ප්‍රදේශ
දිනය1941-1945
ප්‍රහාර මාදිලිය
මරණයුදෙව්වන් මිලියන 6 ක් පමණ
ප්‍රහාරකයෝ
චේතනාව

යුදෙව්වන්ට අමතරව නාසිවාදීන් විසින් පහත් යැයි සළකන ලද ස්ලාව් ජාතිකයින්, කොමියුනිස්ට්වාදීන්, රෝමා (ජිප්සී) ජනතාව, ආබාධිත පුද්ගලයින්, සමලිංගිකයන් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ද මරණයට පත් කෙරුනි.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_යුදෙව්_සංහාරය&oldid=604052" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි