අබ්දුල් ෆටා අල්-සිසී


අබ්දුල් ෆටා සයීද් හුසෙයින් කාලිල් අල්-සිසී (අරාබි: عبد الفتاح سعيد حسين خليل السيسي‘Abd al-Fattāḥ Sa‘īd Ḥusayn Khalīl as-Sīsī, උපත 19 නොවැම්බර් 1954) යනු, ඊජිප්තුවේ ජනාධිපති ලෙසින් තේරී පත්වූ තැනැත්තේය. ඊජිප්තු හමුදා ආඥාපති වරයෙකු වූ ඔහු 2012 අගෝස්තු 12 සිට 2014 මාර්තු 26 දක්වා එහි ප්‍රධාන හමුදා ආඥාපති ලෙසත් ඊජිප්තුවේ ආරක්ෂක ඇමති ලෙසත් ක්‍රියා කළේය.[1] හමුදා ප්‍රධානියා ලෙස ජනාධිපති මොහොමඩ් මොර්සි හා ඔහුගේ රජයට තරයේ ම විරුද්ධ ව ක්‍රියා කළ ඔහු මොහොමඩ් මොර්සි ධූරයෙන් පහ කිරීමේ දී ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. අල්-සිසී පසුව ඊජිප්තුවේ ආරක්ෂක අමාත්‍යධූරය දරමින් ම ඊජිප්තුවේ ප්‍රථම නියෝජ්‍ය අගමැති බවට පත් විය. 2014 මාර්තු 26 වන දින තමාට 2014 ජනාධිපතිවරණය ට තරඟ වැදීම ට ඇති බව නිවේදනය කළ අල්-සිසී හමුදාවෙන් ඉල්ලා අස් විය.[1] 2014 මැයි 26 සිට 28 දක්වා පැවති ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයක් ඔහුට හිමි විය.[2]

ඊජිප්තුවේ ජනාධිපතිවරයා
තේරී පත්වූ
පදවි ප්‍රාප්තිය
1 ජූනි 2014
අග්‍රාමාත්‍යවරයාඉබ්‍රාහිම් මහ්ලාබ්
අනුප්‍රාප්තිකඇඩ්ලි මන්සූර් (වැඩබලන)
ඊජිප්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
16 ජූලි 2013 – 26 මාර්තු 2014
අග්‍රාමාත්‍යවරයාහසීම් අප් බෙබ්ලාවි
ඉබ්‍රාහිම් මහ්ලාබ්

පූර්ව ජීවිතය සහ හමුදා අධ්‍යාපනය සංස්කරණය

අල්-සිසී, 1954 නොවැම්බර් 19 දින කයිරෝ හි දී උපත ලැබීය.[3] ඔහු අල්-අසාර් මස්ජිදයේ සිට කෙටි දුරකින් පිහිටා ඇති මුස්ලිම්, ජුදා හා ක්‍රිස්තියානි ජනයා වාසය කළ චතුරස්‍රයක පිහිටි ගමාලියා හි හැදී වැඩුණේ ය.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "Egypt's El-Sisi bids military farewell, says he will run for presidency". Ahram Online. 26 March 2014. සම්ප්‍රවේශය 26 March 2014.
  2. "Former army chief scores landslide victory in Egypt presidential polls". Egypt News.Net. 31 May 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 May 2014. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "Profile: Egypt armed forces chief Abdul Fattah al-Sisi". BBC. 21 August 2012. සම්ප්‍රවේශය 21 August 2012.
"https://si.wikipedia.org/w/index.php?title=අබ්දුල්_ෆටා_අල්-සිසී&oldid=591251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි