ඊජිප්තුවේ ජනාධිපතිවරයා

ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති (අරාබි: رئيس جمهورية مصر العربية‎) යනු, ඊජිප්තුවේ රාජ්‍ය නායකයා වෙයි. ඊජිප්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, එහි ජනාධිපතිවරයා, සන්නද්ධ හමුදාවන්හී ආඥාපතිවරයා සහ ඊජිප්තියානු රජයේ විධායක අංශයෙහි ප්‍රධානියාද වෙයි. 2013 ජූලි 3 දින සිට මෙම තනතුර හිස්ව පවතියි. මෙම තනතුරු ඉතාමත් මෑතදී දැරූ තැනැත්තා වූයේ, ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් පත්වූ පළමු ජනාධිපතිවරයාවූ හා ඉහත දිනයේදී ඊජිප්තියානු සන්නද්ධ හමුදාව විසින් බලයෙන් පහ කරන ලද මොහමඩ් මුර්සි විය.