අප්සරාව යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු සහ බෞද්ධ පුරාණෝක්තිවේදයේ එව වලාකුළු සහ ජලයන්ට අධිපති කාන්තා ආත්මයකි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් හමුවූ 12වන සියවසට අයත් වැලිගල් අප්සරා ප්‍රතිමාවක්.

'අප්සරාව' යන වදන සම්භවය වී ඇත්තේ සංස්කෘත अप्सरा අප්සරා යන වදනෙනි. මොනියර්-විලියම්ස් ශබ්දකෝෂයෙහි මෙහි නිරුක්තිය ලෙස දී තිබෙන්නේ (अप् + √सृ) එනම්, "ජලය තුළින් ගමන් කරන හෝ වලාකුළුවල ජලය තුළින් ගමන් කරන" යන්නයි.

අප්සරාවන් විධ්‍යා ධාරී හෙවත් තෙප් අප්සර් (ទេពអប្សរඛෙමර්, අච්ඡරා (පාලි) හෝ a bố sa la tư (වියට්නාම), බිදාදාරී (ඉන්දුනීසියානු සහ මැලේ), බිරද්දාලි (ටෞසූග්), හප්සාරි/අප්සාරි හෝ විදාදාරි/විද්‍යාදාරී (ජාවා) සහ අප්සොන් (තායි: อัปสร) වැනි නම්වලින් ද හැඳින්වේ.

ඉන්දියානු පුරාණෝක්තිවේදයේ එන අප්සරාවෝ රූමත් අධිස්වාභාවික ස්ත්‍රීහු වෙති. තාරුණ‍්‍යයෙන් පිරිපුන් දර්ශනීය තැනැත්තියන් වන ඔවුහු නර්තනයෙහි විශිෂ්ඨයෝ ය. නිතරම ඔවුහු ඉන්ද්‍රගේ රාජමාලිග සංගීතඥයන් වන ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ලෙස සලකනු ලැබෙති. ගාන්ධර්වයන්ගේ සංගීතයට දිව්‍ය මාලිගාවන්හි නර්තනයේ යෙදෙන ඔවුහු දෙවිවරුන් සහ මිනිසුන් පිනවති; ඇතැම් විටෙක වසඟයට ගනිති. අහසේ වෙසෙන දිව්‍යමය ප්‍රාණීන් නිතරම අහසේ පාවෙමින් සිටිනු නිරූපණය කෙරෙන නිසා ඔවුන් ඇතැම් විටෙක සුරදූතයන් සමග සසඳනු ලැබේ.

අප්සරාවන්ට සිය පෙනුම වෙනස් කරගැනීමේ හැකියාවක් ඇතැයි පැවසේ.[1] ඌර්වසී, මේනකා, රම්භා, තිලෝත්තමා සහ ඝෘතාචි මේ අතරින් වඩාත් ප්‍රකට අප්සරාවෝ වෙති.[2] ඇතැම් අවස්ථාවන්හි දී අප්සරාවන් පුරාතන ග්‍රීසියේ සංගීතයට අධිපති මියූස්වරියන් සමග සසඳනු ලැබේ. ඉන්ද්‍රගේ රාජ මාලිගයේ අප්සරාවන් 26 දෙනා විවිධ වූ අභිවාහ්‍ය කලා ස්වරූප නිරූපණය කළහ. ඔවුන් සශ්‍රීකත්ව චාරිත්‍ර සමග ද සම්බන්ධ ය.

අප්සරාවන් ආකාර දෙකකි; ලෞකික (ලෝකයෙහි) අප්සරාවන් තිස් හතර දෙනකු ද, දෛවික (දිව්‍යමය) අප්සරාවන් දස දෙනකු ද වේ.[1]

භගවත පුරාණයේ දැක්වෙන්නේ අප්සරාවන් උපත ලැබූයේ කාශ්‍යප සහ මුණිතුමන්ගෙන් බවයි.

මේවාත් බලන්න

සංස්කරණය

පාදක සටහන්

සංස්කරණය
  1. ^ a b Chisholm 1911.
  2. ^ Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 68.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=අප්සරා&oldid=591246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි