අනුර රණසිංහ

(අනුර රනසිංහ වෙතින් යළි-යොමු කරන ලදි)

අනුර නන්දන රණසිංහ (ඉංග්‍රීසි: Anura Ranasinghe) (13 ඔක්තොම්බර 1956, කළුතර – 9 නොවැම්බර 1998, කොළඹ) යනු, ජාත්‍යන්තර මට්ටමෙහිදී ශ්‍රී ලංකාව 11 වරක් නියෝජනය කල ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කෙසේවෙතත්, රණසිංහගේ ක්‍රීඩා අභිවෘත්තිය ලුහුවත් වූයේ, 1982-83 දී දකුණු අප්‍රිකාවෙහි සංචාරය කිරීමට තීරණය කිරීමත් හා සමගින් වන අතර, එය හේතුවෙන්, ක්‍රිකට් ක්‍රීඩාවේ සියළු ආකාර අරභයා, ඔහු වෙත වසර-25 ක තරග තහනමක් පැනවිණි.

අනුර රණසිංහ
පුද්ගලික තොරතුරු
උපත13 ඔක්තෝබර් 1956(1956-10-13)
කළුතර
මරණය9 November 1998(1998-11-09) (වයස 42)
කොළඹ
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයවමතින් මඳ වේග පන්දු
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා
තරග 2 9
රැස් කල ලකුණු 88 153
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 22.00 21.85
100ඒවා/50ඒවා 0/1 0/1
වැඩිම ලකුණු 77 51
යැවුනු පන්දු 19 54
කඩුළු 1 2
පන්දු යැවීමේ සාමාන්‍යය 69.00 140.50
ඉනිමකදී කඩුළු පහක් 0 0
තරගයකදී කඩුළු 10 ක් 0 n/a
හොඳම පන්දු යැවීම 1/23 1/21
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/0 0/0
මූලාශ්‍රය: [1], 1982 22 සැප්තැම්බර්

කොළඹ. නාලන්ද විද්‍යාලය වෙනුවෙන් ඔහු පළමුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී, 1974-75 ක්‍රිකට් තරග වාරය සඳහා, රණසිංහ විසින් හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගන්නා ලදි.

කණ්ඩායම සඳහා ඔහු සිය මංගලාවතරණය සිදු කලේ 1975 ලෝක කුසලාන වෙතින් වන අතර, එහිදී ඔහු ශී ලංකාව වෙනුවෙන් තරග තුන සඳහාම ක්‍රීඩා කරමින්, ඉනිම තුනෙහිම ලකුණු 19 පමණක් රැස් කල අතර පන්දු වාර දහයක් තුලදී ලකුණු 65 රැස් කිරීමට ඉඩ දුනි.

රණසිංහගේ දුර්වල ක්‍රීඩා කෞෂල්‍යය නිසා, 1979 ලෝක කුසලාන සඳහා මෙන්ම, එංගලන්තය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කල සමාරම්භක ටෙස්ට් තරගය සඳහාද ඔහු සලකා නොබැලුනි. ඔහු විසින් එංගලන්තයට එරෙහිව එදිජා දෙකෙහි තරග කල අතර, ඔහුගේ වාසනාව ශ්‍රී ලංකාවේ වාසනාවට ප්‍රතිවිරුද්ධ විය - පළමු එදිජා තරගයේදී, ඔහු විසින් යුහු වේගී ලකුණු 51 රැස් කල මුත්, එංගලන්තයේ මුළු ලකුණු සංඛ්‍යාව හඹායෑම සඳහා ශ්‍රී ලංකාවේ ලකුණු රැස් කිරීමේ වේගය ඉහළ නැංවිය යුතු මෙහොතක ජෙෆ් කුක් විසින් උඩ පන්දුවක් රැකීම නිසා දැවී ගියේය. . ඔවුහු ජයග්‍රහණයට ලකුණු හයක් පසුපසින් සිටියදී සියල්ල දැවී ගියහ. දෙවැන්නේදී, රණසිංහ විසින් තාර බිත්තරයක් රැස් කල මුත්, ශ්‍රී ලංකා විසින් ලකුණු තුනක ජයග්‍රහණයක් අත් කර ගන්නා ලදි - ඔහු විසින් එවන ලද සකසුරුවම් සහිත පන්දු වාර නවය වෙතින්, ලකුණු 37 පමණක් ලබා දීම, ජයග්‍රහණයට කිසියම් දායකත්වයක් හිමි කර දුනි. 1981-82 පකිස්තාන තරග සංචාරය සඳහා ඔහු කැඳවීමට, ඔහුගේ එදිජා ක්‍රීඩා කිරීම් හේතු වන්නට ඇත. ඔහු පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා නොකල අතර, දෙවැන්නේදී රවි රත්නායක වෙනුවට ක්‍රීඩා කලේ, කණ්ඩායමේ පිතිකරණ හැකියාව නැංවීමට තේරීම් කමිටු සාමාජිකයන්ට අවශ්‍ය වූ නිසාය. ශ්‍රී ලාංකිකයන් හොඳින් ක්‍රීඩා කල නමුදු, ඉනිම දෙකෙහිදීම ලකුණු එකොළහක් පමණක් රැස් කරමින් සහ පන්දු වාර දොළහක් යවා ලකුණු 40 ලබා දුන් රණසිංහගේ දායකත්වය මද වූ නමුත්, කඩුළු-රකින්නා අෂ්රෆ් අලිගේ කඩුල්ල ලබා ගති.

තුන්වන ටෙස්ට් තරගයට ඔහු තෝරා නොගත් අතර, වසරකට පසුව, ශ්‍රී ලංකාවේ 1982-83 ඉන්දියානු සංචාරයට යළි කැඳවිණි. ලකුණු බින්දුවකට දැවී ගිය ඔහුගේ පළමු ඉනිම කලකිරීමට හේතු වුවද, ඉනිමෙහි අග රකිමින්, කපිල් දේව් සහ ඩිල්ප් දෝෂි යන පන්දු යවන්නන්ට එරෙහිව ඔහු දෙවන ඉකිමේදී රැස් කල ලකුණු 77 නිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. කෙසේවෙතත්, මෙය ඔහුගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වූයේ, දකුණු අප්‍රිකානු සංචාරය නිසා ඔහුගේ අභිවෘත්තිය කප්පාදුවට ලක්වූ බැවිනි.

දකුණු අප්‍රිකානු තරග සංචාරයෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව, රැකියාවක් සොයා ගැනීමට රණසිංහට අපහසු වූ අතර, අවපීඩනය පාලනය කර ගත නොහැකිවූ ඔහු මද්‍යසාරයට ඇබ්බැහි විය.[1]

රණසිංහ කොළඹදී අවසන් හුස්ම හෙලන විට, 42 වියැති විය.

නාලන්ද කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) විසින් ආදි ආනන්ද නාලන්ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සීමිත පන්දු වාර සටන සංවිධානය කරන අතර එය අනුර රණසිංහ අනුව නම් කර ඇත.

ආශ්‍රිත සංස්කරණය

  1. අල්ටර්, ජේ. (5 සැප්තැම්බර් 2009). "දි වන් දැට් ගොට් අවේ". Cricinfo.com. සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2009.
"https://si.wikipedia.org/w/index.php?title=අනුර_රණසිංහ&oldid=412863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි