අනුරාධපුර නව නගරය
බස් නැවතුම් පොළවල් දෙකකින් සහ දුම්රියපොළ දෙකකින් සමන්විත අනුරාධපුර නවනගරයට පිවිසුම් මාර්ග හතරක් සදහන් කළහැක. මීගමුව පුත්තලම හරහා එන අංක 4 බස්මාර්ගය පළමුවැන්නයි. කුරුණෑගල මහව හරහා එන 57 බස් මාර්ගය දෙවැන්නයි. දඹුල්ල හරහා එන බස් මාර්ගය කැකිරාවේදී දෙකට බෙදී එක් මාර්ගයක් මරදන්කඩවල හරහාද අනෙක් මාර්ගය එප්පාවල හරහාද අනුරාධපුරයට ළගාවෙයි.අනුරාධපුර නගරයේ එකම පිරිමි පාසැල ශාන්ත ජෝශප් විද්‍යාලය වන අතර එකම බාලිකා පාසැල ස්වර්ණපාලී බාලිකා පාසැලයි. මධ්‍ය විද්‍යාලයක්ද නිවත්තකචේතිය හා වලිසිංහ හරිස්චන්දර මහා විද්‍යාලයද අනුරාධපුර නගරයේ පාසැල්ය. සහිරා මුස්ලිම් විදුහලද විවේකානන්ද දමිළ පාසැලද අනුරාධපුරයේ පාසැල් අතර දැකියහැක. නුවර වැව තානායම සහ ගැල්වේ මිරිදිය යන සංචාරක හෝටල් දෙක සහ තවත් බොහෝ නවාතැන්පොළවල් අනුරාධපුරයේ දැකියහැක. සැම රාජ්‍යය සහ පුද්ගලික බැංකුවක්ම අනුරාධපුර නගරයේ ඇති අතර ශික්ෂන රෝහලක් සහ පුද්ගලික රෝහලක්ද යුදහමුදා රෝහලක්ද ඇති අනුරපුර නගරයේ ආරක්ෂාවට මූලස්ථාන පොලීසියක් සහ යුද නාවික හා ගුවන් හමුදා කදවුරු ද ගුවන් හමුදාව සතු ගුවන් තොටුලපක් ද දැත. සල්ගාදු බේකරිය සහ ච්න්තන සමුහ ව්‍යාපාරයද පැමිලි බේකර්ස් ද ලෙස කදිම බේකරි 3ක් මෙම නගරයේ දැකියහැකි අතර සෑම ජංගම දුරකතන සමාගමකම සහ ස්ථාවර දුරකථන සමාගමකම ශාකා මෙම නගරයේ ඇත. අනුරාධපුර මහ නගර සභාවෙන් පරිපාලිත නගරයක් වන අනුරාධපුර නවනගරය දිනෙන් දින දියුණුවට පත්වෙන නගරයකි.
අනුරාධපුර Anuradhapura | |
---|---|
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
ඛණ්ඩාංක: 8°21′0″N 80°23′7″E / 8.35000°N 80.38528°Eඛණ්ඩාංක: 8°21′0″N 80°23′7″E / 8.35000°N 80.38528°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු මැද පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | අනුරාධපුර දිස්ත්‍රික්කය |
ජනගහණය(2001) | |
• මුළු | 53,151 |
• ඝණත්වය | 20/වර්ග සැත (8/කිමී2) |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
අනුරාධපුර පූජා නගරය හා අනුරාධපුර නව නගරය
සංස්කරණයනිශ්ශංක විජයරත්න 1958 සිට 1962 දක්වා සේවය කළේ අනුරාධපුරය දිසාපතිවරයා ලෙසය. ඒ අනුරාධපුර නව නගරය ඉදි වෙමින් තිබූ කලබලකාරී අවධියයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වූ විජයරත්න මහතා පූජා නගරය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළේය. පූජා නගරය තුළ ඉදි කර තිබූ අන්‍යාගමික ගොඩනැගිලි සාකච්ඡා මාර්ගයෙන් ඉන් ඉවතට ගෙන ගොස් ඉදි කිරීමට පියවර ගත්තේය. නටබුන් සහිත පූජා භූමියේ පදිංචිකරුවන් නව නගරයේ පදිංචි කරවා පූජා භූමිය තුළ නිදහසේ වන්දනා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේය. එනිසා අදටත් අනුරාධපුරය අටමස්ථානය වන්දනා කරනන්ට යන බැතිමතුන්ට අවහිරයකින් තොරව වතාවත් කිරීමට අවකාශ ලැබී ඇත්තේ ඒ හේතුවෙනි.
එපමණක් නොව 25000ක් පමණ දෙනාට සැලසුම කර තිබූ නව නගර සැලැස්ම ලක්ෂයක් ජනතාව වෙනුවෙන් පුළුල් කිරීමට ද ඔහු කටයුතු කළේය. අනුරාධපුරයට ඇතුළුවීම සඳහා පාලම් දෙකක් ඉදි කළේය. ඇතැම් විරෝධතා නොතකා අනුරාධපුර ගුවන් තොටුපළ ඉදි කිරීමේ වගකීම ද ඉටු කළේය.[1][2]
ආර්ථිකය
සංස්කරණයප්රදාන ආදායම ගොවිතන
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- ^ ෙශෝක පකාශය : ආචාර්ය නිශශංක විජයරත්න මහතා - ශී ලංකා පාර්ලිෙම්න්තුව 10 ජුනි 2011
- ^ වැඩ ගොඩක් හැඩ කළ නිශ්ශංක ලකුණ සංරක්ෂණය කළ පිටපත 2022-08-12 at the Wayback Machine. Dinamina, සම්ප්‍රවේශය on 20 අගෝස්තු 2021.