අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

(අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතින් යළි-යොමු කරන ලදි)

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හෝ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ඉංග්‍රීසි: International Space Station හෝ කෙටියෙන් ISS) යනු පහළ පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට පියවි ඇසින් ‍දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 408 ක් (හැතැප්ම 253) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,580 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරයි.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්තථානය
A rearward view of the ISS backdropped by the limb of the Earth. In view are the station's four large, gold-coloured solar array wings, two on either side of the station, mounted to a central truss structure. Further along the truss are six large, white radiators, three next to each pair of arrays. In between the solar arrays and radiators is a cluster of pressurised modules arranged in an elongated T shape, also attached to the truss. A set of blue solar arrays are mounted to the module at the aft end of the cluster.
A silhouette of the ISS shown orbiting above the Earth. This image is suspended within an orange and purple shield, with the words 'International Space Station' above the image, and laurel leaves beneath.
ISS නිලබරණය
Station statistics
සංඥා නාමයඇල්පා
කාර්ය මණ්ඩලය7
Expedition 65
අණ දෙන නිළධාරී: අකිහිකෝ හොෂිඩේ (JAXA)
ගුවන්ගත කිරීම1998 නොවැම්බර් 20
ගගන වේදිකාවබයිකොනූර් කොස්මොඩ්‍රෝමය
කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය
ස්කන්ධය417,289 kg (919,965 lb) (as of 03/09/2011)[1]
Length51 m (167.3 ft)[තහවුරු කර නොමැත]
from PMA-2 to Zvezda
Width109 m (357.5 ft)[තහවුරු කර නොමැත]
along truss, arrays extended
Heightc. 20 m (c. 66 ft)
nadir–zenith, arrays forward–aft
(27 November 2009)[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
Pressurised volume837 m3 (29,600 cu ft)
(21 March 2011)
වායුගෝලීය පීඩනය101.3 kPa (29.91 inHg, 1 atm)
Periapsis altitude352 km (190 nmi) AMSL
(21 March 2011)
Apoapsis altitude355 km (192 nmi) AMSL
(21 March 2011)
කක්ෂීය ආනතිය51.6 degrees
Orbital speed7,706.6 m/s
(27,743.8 km/h, 17,239.2 mph)
කක්ෂීය ආවර්තයමිනිත්තු 91
කක්ෂයේ තිබූ දින ගණන9529
(22 දෙසැම්බර්)
විසුම් දින ගණන8816
(22 දෙසැම්බර්)
ආවර්ත149573
(22 දෙසැම්බර්)
Orbital decayමාසයකට 2km බැගින්
Statistics as of 2011 මාර්තු 9
References: [2][3][4][5][6][7]
Configuration
The components of the ISS in an exploded diagram, with modules on-orbit highlighted in orange, and those still awaiting launch in blue or pink.
මධ්‍යස්ථානයේ මූලිකාංග (2021 ජුලි)

ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (නාසා), රුසියාවේ (රොස්කොස්මොස්), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරෝපීය රටවල් විසිදෙකක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යාවකාශ ඒජන්සිය (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමඟ වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ.[8] එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලිය ද ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙනම ගිවිසුම් ඇති කරගෙන තිබේ. චීනය මේ සඳහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත. ISS යනු කලින් සැලසුම් කෙරුනු වෙනත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන ‍නොකඩවා පවත්වාගෙන යාමක් බව දැක්විය හැකිය. රුසියාවේ මීර් 2, දරුණු ලෙස අරමුදල් හිඟයකට ලක්වුනු ඇමෙරිකානු ෆ්‍රීඩම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, යුරෝපීය කොළම්බස් සහ කිබෝ මධ්‍යස්ථාන, ජපානයේ එක්ස්පරිමන්ට් මොඩියුල් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථාන කීපයකි.

ISS වෙත පළමුව නේවාසික කණ්ඩායමක් ඇතුළු වූ දිනයේ (2000 නොවැම්බර් 2) සිට නොකඩවා එය ජනයාගෙන් යුක්ත වූ බැවින් මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව ඇත. වර්තමානයේ දී මෙහි ඉඩපහසුකම් ඇත්තේ හයදෙනෙකුගේ කණ්ඩායමකටය. මුල් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පැමිණීයේ රුසියාවෙන් සහ ඇමෙරිකාවෙනි. 2006 ජුලි මාසයේ දී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරීමට රටවල් 16 ක ගගනගාමීන්ට හැකිවී තිබේ. ප්‍රථම අභ්‍යවකාශ සංචාරයකින් පස් දෙනාගේ ද චාරිකා අන්තය වුයේ ISS ය.

මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සෝයූස් සහ ප්‍රොග්‍රස් අභ්‍යාවකාශ යානා මඟිනි. 2008 වසරේ මාර්තු 9 වනදා ESA මඟින් ඇ‍රියෙන් 5 සමඟ පළමු ස්වයංක්‍රීය හුවමාරු වාහනය (Automatic transfer Vehicle) වන ජුල්ස් වර්න් ATV වාහනය කිලෝග්‍රෑම් 8000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමඟ ISS කරා ගුවන් ගත කෙරුනි. 2008 අප්‍රේල් 3 වනදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බව වාර්තා වේ. ආරම්භයේ සිට 2010 දක්වා ISS සඳහා වැය වී ඇති මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 150 ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නගා ඇති මිල අධිකම වස්තුව ISS වේ.

මූලාශ්‍ර

සංස්කරණය
International_Space_Station
  1. ^ "NASA - The ISS to Date (03/09/2011)". Nasa.gov. සම්ප්‍රවේශය 2011-07-12.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ISStD නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; OnOrbit නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ^ Chris Peat (18 June 2010). "ISS—Orbit Data". Heavens-Above.com. සම්ප්‍රවේශය 18 June 2010.
  5. ^ "STS-132 Press Kit" (PDF). NASA. 7 May 2010. සම්ප්‍රවේශය 19 June 2010.
  6. ^ "STS-133 FD 04 Execute Package" (PDF). NASA. 27 February 2011. සම්ප්‍රවේශය 27 February 2011.
  7. ^ "NASA — Facts and Figures — International Space Station". NASA. 21 March 2011. සම්ප්‍රවේශය 9 April 2011.
  8. ^ "Human Spaceflight and Exploration—European Participating States". යුරෝපානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ESA). 2009.