රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව "රොස්කොස්මොස්" (රුසියානු: Государственная корпорация по космической деятельности «Роскосмос») හෝ සාමාන්‍යයෙන් කෙටියෙන් රොස්කොස්මොස් (රුසියානු: Роскосмос) යනුවෙන් හැඳින්වෙන්නේ රුසියානු සමූහාණ්ඩුවේ අභ්‍යවකාශ පියාසැරි, ගගනගාමී වැඩසටහන් සහ අභ්‍යවකාශ පර්‍යේෂණ වලට වගකිව යුතු රාජ්‍ය සංස්ථාවයි.

රොස්කොස්මොස් රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව
Государственная Корпорация "Роскосмос"
රොස්කොස්මොස් මූලස්ථානය, මොස්කව්
සංකේතනාමයරොස්කොස්මොස්
අයිතිකරු රුසියාව
පිහිටුවීම25 පෙබරවාරි 1992; වසර 32 කට පෙර (1992-02-25)
(රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය ලෙස)
මූලස්ථානයමොස්කව්
සේවාදායකයෝ170,500 (2020)
ප්‍රාථමික අභ්‍යාවකාශතොට
පරිපාලකයූරි බොරිසෝව්
අයවැය බිලියන 154 (2021)[1]
(එ.ජ. $ බිලියන 1.92)
නිල භෂාව(න්)රුසියානු
වෙබ් අඩවියwww.roscosmos.ru

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන අත් හිටුවන ලද අතර, ඒ වෙනුවට රොස්කොස්මොස් බිහිවිය. එය 1992 පෙබරවාරි 25 රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය නමින් ආරම්භ වී, 1999 "රුසියානු ගුවන් සහ අභ්‍යවකාශ ඒජන්සිය" ලෙසත්, ඉන්පසුව 2004 දී "ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය" ලෙසත් ප්‍රතිව්‍යුහගත කෙරුනි. 2015 දී ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය "එක්සත් රොකට් සහ අභ්‍යවකාශ සංස්ථාව" නම් තවත් රාජ්‍ය සංස්ථාවක් සමග ඒකාබද්ධ කරන ලදී.

රොස්කොස්මොස්හි මූලස්ථානය මොස්කව් හි පිහිටා ඇති අතර, එහි ප්‍රධාන මෙහෙයුම් පාලක මධ්‍යස්ථානය මොස්කව් වලට ආසන්න කොරොල්‍යොව් නගරයේත්, යූරි ගගාරීන් ගගනගාමී පුහුණුකිරීමේ මධ්‍යස්ථානය මොස්කව් ඔබ්ලාස්ටයේ "තාරකා නගරයේත්" (Звёздный городо́к) පිහිටා ඇත. එහි ප්‍රධාන දියත් කිරීමේ සංකීර්ණය කසකස්ථානයේ ඇති බයිකනූර් කොස්මොඩ්‍රෝමය වන අතර එය ලෝකයේ ප්‍රථම සහ විශාලතම අභ්‍යාවකාශ තොටුපොළ වේ.

ආශ්‍රිත සංස්කරණය

  1. ""Роскосмосу" разрешили не возвращать в бюджет часть доходов". 2 October 2020. සම්ප්‍රවේශය 22 February 2022.
"https://si.wikipedia.org/w/index.php?title=රොස්කොස්මොස්&oldid=519835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි