අධෝහනුව
අධෝහනුව,[2] අධෝහනුක අස්ථිය හෝ යටිහනුව යනුවෙන් හැඳින්වෙන්නේ මුහුණේ පිහිටි විශාලතම, ශක්තිමත්ම සහ පහතින්ම පිහිටි අස්ථියයි.[3] යටි හනුව සාදන මෙය පහළ දත් සම්බන්ධ කර තබා ගනියි. අධෝහනුවේ පූර්ව පෘෂ්ඨයේ මධ්‍ය රේඛාව මඳ මියර සැකැස්මකින් යුතු ය. මෙය අධෝහනුක යෝගය පිළිබඳ ඉඟියකි. මෙහි දී අධෝහනුක වර්ධනයේ දී දකුණු සහ වම් ප්‍රසර හා වී ඇත. සිරුරේ අනෙකුත් යෝගයන් මෙන්, මධ්‍යරේඛා සන්ධානයක් වන මෙහි ද අස්ථි සම්බන්ධ වී ඇත්තේ තන්තුමය කාටිලේජයකින් වන නමුත්, මෙම සන්ධානය හා වීම සිදුවන්නේ මුල්කාලීන ළමාවියේ දී ය.[4]
අධෝහනුව | |
---|---|
තොරතුරු | |
ලතින් | mandibula |
පූර්වජ | 1වන ජලක්ලෝම වක්‍රය[1] |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.172 |
MeSH | Mandible |
FMA | 52748 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
සංස්කරණයඅධෝහනුව පහත කොටස්වලින් සමන්විත වේ:
- වක්වූ, තිරස් කොටසක් වන දේහය හෙවත් පාදම. (බලන්න අධෝහනුවේ දේහය).
- ලම්බාකාර කොටස් දෙකක් වන, බාහු, නැතහොත් වෙන් වෙන්ව ගතහොත් බාහුව, ආසන්නව ඍජුකෝණවලින් දේහයේ අග සමග සම්බන්ධ ය. (බලන්න අධෝහනුක බාහුව). මෙම සන්ධියේ දී සෑදෙන කෝණය හනුක කෝණය නම් වේ.
- ගර්තික ප්‍රසරය, අධෝහනුවේ දත් දරා සිටින ප්රදේශයයි. (අධෝහනුක දේහයේ ඉහළ කොටස)
- සන්ධාන අග්‍රය, බාහුවෙන් විහිදෙන උත්තර (ඉහළ) සහ අපර නෙරුමකි. මෙය ශංඛක අස්ථිය සමග ශංඛකඅධෝහනුක සන්ධිය සාදයි.
- තුණ්ඩාකාර ප්‍රසරය, බාහුවෙන් විහිදෙන උත්තර සහ පූර්ව නෙරුමකි. මෙය ශංඛක පේශිය සම්බන්ධ වීමට පෘෂ්ඨය සපයයි.
අධෝහනුව ශංඛකඅධෝහනුක සන්ධියේ දී ශංඛක අස්ථි ද්විත්වය සමග සන්ධානය වේ.
අමතර පින්තූර
සංස්කරණය-
පාර්ශ්වික පෙනුම
-
පූර්ව පෙනුම
-
අධෝහනුව
-
අධෝහනුව
-
අධෝහනුක කෝණයේ බිඳීමක් සඳහා ශල්‍යකර්ම ප්‍රතිකාරය.
මේවාත් බලන්න
සංස්කරණයමානව ව්‍යූහ විද්‍යාව, අධෝහනුව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්‍රේයයන්
සංස්කරණයමෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- ^ සැකිල්ල:EmbryologyUNC
- ^ Mandible on www.merriam-webster.com
- ^ Gray's Anatomy - The Anatomical Basis of Clinical Practice, 40th Edition, page: 530
- ^ Illustrated Anatomy of the Head and Neck, Fehrenbach and Herring, Elsevier, 2012, page 59
බාහිර සබැඳි
සංස්කරණයඅධෝහනුව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Anatomy photo:34:st-0203 at the SUNY Downstate Medical Center – "මුඛ කුහරය: අස්ථි"
- uni-mainz.de තුළ ඇති සටහන් සංරක්ෂණය කළ පිටපත 2009-02-20 at the Wayback Machine