ටෙල් අවිව්
ටෙල් අවිව්-යාෆො (ඉංග්‍රීසි: Tel Aviv-Yafo, හීබෲ: תל אביב-יפו,, අරාබි: تل أبيب يافا) හෝ ටෙල් අවිව් (ඉංග්‍රීසි: Tel Aviv, හීබෲ: תל־אביב, අරාබි: تل أبيب) ලෙස හැඳින්වෙන්නේ, ජෙරුසලෙමට අනතුරුව ඊශ්‍රායලයේ දෙවන විශාලතම ජනගහනයක් සහිත නගරය යි. 52 square කිලෝmetres (20 sq mi) ක භූමි ප්‍රමාණයක් සහිත මෙම නගරයෙහි 426,138ක ජනතාවක් වාසය කරයි. ගුෂ් ඩැන් ලෙසද හැඳින්වෙන ටෙල් අවිව් අගනුවර කලාපයෙහි කොටසක් සෑදෙන්නේ මෙම ටෙල් අවිව් නගරයෙන් වන අතර එය ඊශ්‍රායලයේ විශාලතම පරිපාලන ප්‍රදේශය යි. එහි ජනගහනය 3,464,100 ක් වන අතර එය රටෙහි මුළු ජනගහනයෙන් 42% කි. එම පරිපාලන කලාපයෙහි විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ කොටස ටෙල් අවිව්-යාෆො වෙයි.[2]
ටෙල් අවිව්-යාෆො
|
|||
---|---|---|---|
|
|||
අපනාමය(න්):
|
|||
ඛණ්ඩාංක: 32°4′N 34°47′E / 32.067°N 34.783°Eඛණ්ඩාංක: 32°4′N 34°47′E / 32.067°N 34.783°E | |||
රට | ඊශ්‍රායලය | ||
දිස්ත්‍රික්කය | ටෙල් අවිව් | ||
අගනගර ප්‍රදේශය | ගුෂ් ඩැන් | ||
පිහිටුවන ලද්දේ | අප්‍රේල් 11, 1909 | ||
පාලනය / පරිපාලනය | |||
• වර්ගය | නගරාධිපති-සභා | ||
• බඳ | ටෙල් අවිව් මහනගර සභාව | ||
• නගරාධිපති | රොන් හුල්ඩායි | ||
වර්ගප්‍රමාණය | |||
• City | 52 කිමී2 (20 සතරැස් සැත) | ||
• නාගරික | 176 කිමී2 (68 සතරැස් සැත) | ||
• පුරවර | 1,516 කිමී2 (585 සතරැස් සැත) | ||
උන්නතාංශය | 5 මී (16 අඩි) | ||
ජනගහණය (2014) | |||
• City | 426,138 | ||
• අනුස්ථිතිය | ඊශ්‍රායලයේ 2වන ස්ථානය | ||
• ඝණත්වය | 8,195/කිමී2 (21,220/වර්ග සැත) | ||
• ඝණත්ව අනුස්ථිතිය | ඊශ්‍රායලයේ 12වන ස්ථානය | ||
• නාගරික | 1,339,238 | ||
• Urban density | 7,504.4/කිමී2 (19,436/වර්ග සැත) | ||
• පුරවරය | 3,642,000 | ||
• පුරවර ඝණත්වය | 2,291.4/කිමී2 (5,935/වර්ග සැත) | ||
ජාතිනාමය(න්) | ටෙල් අවිවි | ||
වේලා කලාපය | IST (UTC+2) | ||
• ගිම්හානය (DST) | IDT (UTC+3) | ||
තැපැල් කේතය | |||
ප්‍රාදේශීය කේතය | +972 (Israel) 3 (City) | ||
GDP | US$ 153.3 බිලියන [1] | ||
GDP per capita | US$ 42,614 [1] | ||
වෙබ් අඩවිය | tel-aviv.gov.il |
නගරය පිහිටා ඇත්තේ බටහිර ඊශ්‍රායලයේ මධ්‍යදරණී වෙරළ සීමාවෙහි වන අතර රොන් හුල්ඩායිගේ ප්‍රධානිත්වයෙන් යුතු ටෙල් අවිව්-යාෆො නගර සභාව මගින් පාලනය කරනු ලබයි. බොහෝ විදේශ තානාපති කාර්යයාල ටෙල් අවිව් නගරයෙහි පිහිටා ඇත. ටෙල් අවිව් නගර වැසියන්ව හීබෲ භාෂාවෙන් පොදුවේ ටෙල් අවිවිම් ලෙස හඳුන්වනු ලබන අතර පිරිමියෙකු සඳහා ටෙල් අවිවි යනුවෙන් සහ ගැහැණියක සඳහා ටෙල් අවිවිට් යනුවෙන්ද ඒක වචන පද භාවිත වෙයි.
යුදෙව් ප්‍රජාවන් විසින් ක්‍රි.ව. 1909 දී ජෆ්ෆා (හීබෲ: יָפוֹ Yafo) පුරාණ තොටුපළ නගරයට යාබදව ටෙල් අවිව් නගරය පිහිටුවන ලදී. යුදෙව් සරණාගතයින්ගේ සංක්‍රමණයවීම් නිසා ටෙල් අවිව් නගරය ඉක්මනින්ම, එකළ වැඩිවශයෙන් අරාබි ජනයා සිටි ජෆ්ෆා නගරය ඉක්මවා වර්ධනය විය.[3] 1950 දී, එනම් ඊශ්‍රායල් ජනරජය පිහිටුවීමෙන් වසර දෙකකට පසුව ටෙල් අවිව් සහ ජෆ්ෆා තනි නගරසභාවක් යටතට ගෙන යන ලදී. ටෙල් අවිව්හි ධවල නගරය, 2003 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.[4][5]
ටෙල් අවිව් විශ්ව පුරවරයක් වන අතර ලොව 25 වන වඩාත් වැදගත් මූල්‍ය කේන්ද්‍රස්ථානය ද වෙයි[6]. අබු ඩාබි වලට පසු මැදපෙරදිග නගර අතුරින් දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේද ටෙල් අවිව් නගරය යි[7]. අන්තර්ජාතික සංචාරකයන් මිලියනයකට අධික ප්‍රමාණයක් වාර්ෂිකව මෙහි පැමිණෙයි[8][9]. සජීවී නිශා දිවි පැවැත්මක්, උද්‍යෝගිමත් වාතාවරණයක් සහ 24-පැය සංස්කෘතියක් පවතින බැවින් ටෙල් අවිව් නගරය "කිසිදා නොනිදන නගරය" සහ "සාද අගනුවර" යන අන්වර්ථ නාමවලින් ද හඳුන්වනු ලබයි.[10][11]
නිරුක්තිය
සංස්කරණයටෙල් අවිව් යනු, නහුම් සුකොලොම් විසින් ජර්මන් බසින් හීබෲ භාෂාවට පරිවර්තනය කරන ලද Altneuland (පැරණි නව භූමිය) නමැති කෘතියෙහි හීබෲ නාමය යි. සොකොලොව් එම නම නිර්මාණයේ දී ඊස්කීල් හී එන බැබිලෝනියාවට ආසන්න මෙසපොටේමියානු ප්‍රදේශයක් වන ටෙල් අබිබ් හි නම උපයෝගී කරගෙන තිබිණි. 1910 දී නාම යෝජනා කිහිපයක් අතුරින් ටෙල් අවිව් නාමය තෝරා ගන්නා ලදී. පුරාණ යුදෙව් ජන්මභූමියෙහි පුනර්ජිවයක් යන අදහස කැටි කරගත් බැවින් එම නාමය වඩාත් පිළිගැනීමට ලක්විය. හීබෲ භාෂාවෙන් අවිව් යනු "වසන්තය" යි. එය නව ජීවය සංකේතවත් කරයි. එමෙන්ම ටෙල් යනු එකක් මතින් එකක් ගොඩනැගුණු ශිෂ්ටාචාරවල ස්ථර ඒකරාශී වීමෙන් සෑදුණු, මිනිසා විසින් සාදන ලද ගොඩැල්ල යන්නයි. එමගින් පුරාණ බව සංකේතවත් කරයි.
හීබෲ බසින් යාෆො හෙවත්, ජෆ්ෆා යන නාමයෙහි නිරුක්තිය පිළිබඳව විවිධ මත පවතී. ඇතැමුන් විශ්වාස කරන්නේ "ලස්සන" හෝ "සුන්දර" යන අරුත් ඇති හීබෲ වචන වන යාෆා හෝ යෝෆි මගින් එය ව්‍යුත්පන්න වූ බවයි. තවත් විශ්වාසයක් වන්නේ නෝවාගේ පුත්‍රයා වන ජාෆෙත් විසින් නගරය පිහිටුවණු ලැබූ බව සහ ඒ නිසාවෙන් ඔහුගේ නම අනුව යමින් නගරයට නම ලැබුණු බවයි.[12]
ප්‍රවාහනය
සංස්කරණයපුළුල් පොදු ප්‍රවාහන ජාලයකින් සැපයුම ලබන ටෙල් අවිව්, ප්‍රධාන ගමනාගමන කේන්ද්‍රස්ථානයක් වනඅතර ජාතික ප්‍රවාහන ජාලයෙහි බොහෝ මාර්ග නගරය හරහා දිවෙයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "Global city GDP 2014". Brookings Institution. සම්ප්‍රවේශය 18 November 2014.
- ^ "Localities, Population and Density per km², by Metropolitan Area and Selected Localities" (PDF). Statistical Abstract of Israel 2013. Israel Central Bureau of Statistics. 2012. සම්ප්‍රවේශය 7 November 2013.
- ^ 85% in 1922, 92% in 1931 (Census reports)
- ^ "The White City of Tel Aviv" (PDF). UNESCO. සම්ප්‍රවේශය 29 March 2008.
- ^ Strimpel, Zoe (16 February 2008). "Hip and happening in Tel Aviv". The Times. London. 19 July 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 February 2008.
- ^ Ami Sedghi (1 September 2015). "TheGlobal FinancialCentres Index 18" (PDF). QFC. සම්ප්‍රවේශය 1 September 2015.
- ^ Ami Sedghi (12 June 2012). "Which is the world's most expensive city? Cost of living survey 2012 | News | guardian.co.uk". Guardian. සම්ප්‍රවේශය 6 November 2012.
- ^ Goldman, Yoel (12 June 2012). "MasterCard ranks Tel Aviv as fifth most visited city in Middle East and Africa". The Times of Israel. සම්ප්‍රවේශය 12 June 2012.
- ^ Sapty, Tanya (19 July 2011). "Tourists rank Jerusalem and Tel Aviv among top cities to visit". Haaretz. 12 November 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 July 2011.
- ^ "The world's top 10 party towns". Sydney Morning Herald. 19 November 2009. සම්ප්‍රවේශය 19 November 2009.
- ^ /usa/new-york-city/travel-tips-and-articles/76165 "Lonely Planet's top 10 cities for 2011". සම්ප්‍රවේශය 31 October 2010.
{{cite web}}
: Check|url=
value (help) - ^ "Jaffa". Jewish Virtual Library. සම්ප්‍රවේශය 16 September 2012.
ආශ්‍රිත ග්‍රන්ථ
සංස්කරණය- Michael Turner, Catherine Weill-Rochant, Geneviève Blondiau, Silvina Sosnovsky, Philippe Brandeis, Sur les traces du modernisme, Tel-Aviv-Haïfa-Jérusalem, CIVA (ed.), Bruxelles 2004. (Hebrew and French)
- Catherine Weill-Rochant, L'Atlas de Tel-Aviv 1908–2008, Paris, CNRS Editions, 2008. (Historical maps and photos, French, soon in Hebrew and English)
- Catherine Weill-Rochant, Bauhaus " – Architektur in Tel-Aviv, L’architecture " Bauhaus " à Tel- Aviv, Rita Gans (éd.), Zürich, Yad Yearim, 2008. (German and French)
- Catherine Weill-Rochant, 'The Tel-Aviv School: a constrained rationalism', DOCOMOMO journal (Documentation and conservation of buildings, sites and neighbourhoods of the modern movement), April 2009.
- Rochant Weill, Catherine (2006). Le plan de Patrick Geddes pour la " ville blanche " de Tel Aviv : une part d’ombre et de lumière. Volume 1 (PDF) (PhD thesis). Paris: Université Paris 8. 3 December 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 July 2010. And: Rochant Weill, Catherine (2006). Le plan de Patrick Geddes pour la " ville blanche " de Tel Aviv : une part d’ombre et de lumière. Volume 2 (PDF) (PhD thesis). Paris: Université Paris 8. 3 December 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 July 2010.
- Catherine Weill-Rochant, Le travail de Patrick Geddes à Tel-Aviv, un plan d'ombre et de lumière, Saarbrücken, ةditions Universitaires Européennes, May 2010.
- Jochen Visscher (ed.): Tel Aviv The White City, Photographs by Stefan Boness, JOVIS Verlag Berlin 2012, ISBN 978-3-939633-75-4
බාහිර සබැඳි
සංස්කරණය- The official Tel Aviv municipality website සංරක්ෂණය කළ පිටපත 2015-10-16 at the Wayback Machine
- The official Tel Aviv municipality website (Hebrew)
- The official Tel Aviv municipality website (අරාබි)
- The History of Tel Aviv (අරාබි)
- visit-tlv.com සංරක්ෂණය කළ පිටපත 2020-08-21 at the Wayback Machine - Tel Aviv-Jaffa Tourism Site
- The Tel Aviv Foundation
- Tel Aviv bus map