ගුවන්විදුලිය
ගුවන් විදුලිය හෙවත් රෙදෙවුම[1] යනු දෘශ්‍ය ආලෝකයට වඩා අඩු අගයක් දරන සංඛ්‍යාත මගින් විද්‍යුත්චුම්බක තරංග මූර්ඡනය කිරීමෙන් නිදහස් අවකාශය තුලින් සංඥා සම්ප්‍රේෂණය කිරීමයි .[2] විද්‍යුත් චුම්භක විකිරණ ගමන් කිරීම යනු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෝලනයන් වාතය සහ රික්තක හරහා දෝලනය වීමයි.මේ පිළිබඳ පුර්ව කල්පිතයක් වන්නේ මේ සඳහා ගමන් කිරීමට මාධ්‍යයන් අවශ්‍ය බවයි. ඊට ප්‍රදීපන ඊතර් යොදා ගත් අතර පසුව එය අසත්‍යක් බව වටහා ගැනිණි.මෙම තොරතුරු රැගෙන යන්නේ ක්‍රමානුකූලව වෙනස් වන විකිරණ තරංගවල ඇති සමහර ගුණාංග නිසා වන අතර ඒවා නම් තරංග ආයාමය, සංඛ්‍යාතය සහ කලාව වේ. රේඩියෝ තරංග විද්‍යුත් සන්නායකයක් හරහා යන විට දෝලනය වන ක්ෂේත්‍රය නිසා ප්‍රත්‍යාවර්ථ විද්‍යුත් ධාරාවක් සන්නායකයට ආරෝපණය වේ. සමය අනාවරණය කර ගෙන පරිණාමනය කිරීමෙන් ශබ්දය හා අනෙක් සංඥා විලසින් තොරතුරු රැගෙන යා හැකිය. ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ,ස්කොට් ජාතික විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්බකත්වය විස්තර කරමින් මෙහි සිද්ධාන්තය පහදාදී වැඩිදියුණු කරන ලදී.ඔහු විද්‍යුතය සහ චුම්බක ක්ෂේත්‍ර එකටම එකතුවී විද්‍යුත් චුම්භක තරංග ඇතිකරන බවට ඔහු අනාවැකි පහල කළේය. හෙන්රිච් හට්ස් නැමති ජර්මන් විද්‍යාඥයාට මෙවැනි තරංග සහ රේඩියෝ සංඛ්‍යාත සොයාගන්නා ලද බවට ගෞරවය හිමිවේ. 1888 දී සිදු වූ එය ඉතා අධික සංඛ්‍යාත පරාසයක් ඇති සම්ප්‍රේෂකයක් භාවිතාකර සිදු කරන ලදී.
1893දී නිකොලා ටෙස්ලා ප්‍රථම වතාවට රැහැන් රහිත සංඥා හුවමාරු ක්‍රම ප්‍රායෝගික බව පෙන්වා දුනි.ගුග්ලිමෝ මාර්කෝනි නැමැති ඉතාලි ජාතික නව සොයාගැනීමට ප්‍රථම ඔහු විසින් වාණිජ ක්‍රියාකාරීත්වය ඇති ගුවන් විදුලි පණිවුඩ හුවමාරුව සොයාගන්නා ලදී. 1895 දී ඉතාලියේ ඔහු ප්‍රථම සංඥා හුවමාරු ක්‍රමය භාවිතා කළ බව පැවසේ.
ඉතිහාසය
සංස්කරණයමෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2024 ජූනි) |
ශ්‍රී ලංකාවට ගුවන් විදුලියේ සම්ප්‍රාප්තිය
සංස්කරණයබ්රිතාන්ය යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවට මුලින්ම ගුවන් විදුලිය පිළිබඳව අත්දැකීම් ලැබුණේ 1910 දක්වා ඈතට දිවයයි. මුලින්ම දකුණු ආසියාතික ආධුනික යා රේඩියෝ සංගමය ලෙස පීඨ වූ සංගමයක් මගින් මේ මූලාරම්භය සිදුවිය.