අඩු අවදානමක් සහිත විශේෂ
ලෝක සංරක්ෂණ සංගමය (ICUN) මගින් සත්ත්ව ගහණ, ඒවා වඳ වී යාමේ තර්ජනය මත පදනම් ව ප්‍රවර්ග කිහිපයක් පෙළ ගස්වා ඇත.[1] ජීවී විශේෂ රතු දත්ත ප්‍රවර්ග නවයකට (9) බෙදා දක්වා ඇත: Extinct, Extinct in the Wild, Critically Endangered, Endangered, Vulnerable, Near Threatened, Least Concern, Data Deficient, සහ Not Evaluated.[2] ඔවුන් විසින් පෙර දී සමහරක් සත්ත්ව විශේෂ සඳහා "අඩු අවදානමක් සහිත විශේෂ" (lower risk) නම් වූ ප්‍රවර්ගයක් භාවිතා කරන ලදී.
අනුව සංරක්ෂණ තත්ත්වය | |
---|---|
වඳ වී ගිය | |
තර්ජනයට ලක්වූ | |
අඩු අවදානමක් සහිත | |
වෙනත් ප්‍රවර්ග | |
සබැඳෙන මාතෘකා | |
රතු ලැයිස්තු පන්ති (ඉහත) සහ නේචーසーව් තත්ත්වය (පහත) සංසන්දනය කිරීම | |
යම් ජීවී විශේෂයක උන්නතිය සඳහා ප්‍රමාණවත් ගහණක් පවතින විට දී, එහි සංරක්ෂණ තත්ත්වය "අඩු අවදානමක් සහිත විශේෂ" ලෙස ලෝක සංරක්ෂණ සංගමය විසින් නම් කෙරෙයි.[3] මෙම තත්ත්වය දරණ සත්ත්ව විශේෂ වඳ වී යාමට හෝ තර්ජනයට ලක් වීමට ඉඩ ඇතැයි නොසැලකෙයි. නමුත් ස්වභාවික ව්‍යසන හෝ මානව ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම වර්ගීකරණය වෙනස් වීමට ඉඩ ඇත.[4]
භාවිතයේ දී මෙම වර්ගීකරණය නැවත කොටස් තුනකට (3) බෙදෙයි:
- Conservation dependent - දැනට සිදුවන සංරක්ෂණ ක්‍රියාවලි නැවතීම සිදු වුවහොත් අන්තරායට ලක් වූ ලෙස වර්ගීකරණය වීමට ඉඩ ඇත.
- Near threatened - ආසන්න අනාගතයේ දී endangerment සඳහා ඉඩ ඇති මුත් දැනට අදාළ උපමාන සපුරන්නේ නැත.
- Least concern - ඉහත අවස්ථා දෙකටම අදාළ නොවන විට.
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Raw Data to Red List". IUCN Red List of Threatened Species. June 23, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 23, 2023.
- ^ "IUCN Red List of Threatened Species". www.iucn.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-26.
- ^ "lower risk species (IUCN)". www.eionet.europa.eu. සම්ප්‍රවේශය 2023-05-18.
- ^ "What are the differences between endangered, threatened, imperiled, and at-risk species? | U.S. Geological Survey". www.usgs.gov. සම්ප්‍රවේශය 2023-04-25.