හරිතාගාර

(Greenhouse වෙතින් යළි-යොමු කරන ලදි)

හරිතාගාරය යනු යම් ප්‍රදේශයක ස්වභාවික උෂ්ණත්වයටවඩා ඉහල උෂ්ණත්වයක් අවැසි ශාක වැවීම සඳහා භාවිතා වන විනිවිද පෙනෙන මාධ්‍යයකින් බිත්ති සෑදූ ගොඩනැගිල්ලකි. කුඩා ගොඩනැගිලි වල සිට කර්මාන්ත-ප්‍රමාණයෙහි ගොඩනැගිලි දක්වා, මෙම ව්‍යුහයන්, ප්‍රමාණ පරාසයක් දක්වයි. ක්ෂුද්‍රරූපී හරිතාගාරයක් හැඳින්වෙන්නේ ශිශිර කූඩුව ලෙසිනි.

යෝධ දියමානෙල් (දකුණේ) – රුසියාවේ, සෙන්ට් පීටර්ස්බර්ග් උද්භිද උද්‍යානයේ, මහා විශාල හරිතාගාරයක තබා ඇති වික්ටෝරියා ඇමසෝනිකා (යෝධ ඇමසන් දියමානෙල්).
එංගලන්තයේ, කෝන්වෝල්‍හී, දි ඊඩන් ව්‍යාපෘතිය. [1][2]
බෙල්ජියමේ, බ්‍රසල්ස්හී, ලයිකන්හී රාජකීය හරිතාගාර. 19වන-සියවසෙහි හරිතාගාර ගෘහ නිර්මාණ ශිල්පයට නිදසුනක්

වහලය සඳහා වීදුරු හෝ ප්ලාස්ටික් සහ බිත්ති සඳහා නිතොර වීදුරු හෝ ප්ලාස්ටික් වැනි, විවිධවූ වර්ගයේ ආවරණ ද්‍රව්‍ය සමගින් සැදි ගොඩනැගිලි ආකෘතියක් හරිතාගාරයක් සතු වෙයි; සූර්යයාගෙන් නිකුත් වන දෘශ්‍ය සූර්ය විකිරණය (මෙය සඳහා වීදුරු පාරදෘශ්‍ය වෙයි), ගොඩනැගිල්ල තුල ඇති ශාක, පස, සහ අනෙකුත් දේ විසින් උරාගැනීම නිසා එය උණුසුම් වෙයි. උණුසුම් අභ්‍යන්තර පෘෂ්ඨයන් විසින් නිකුත් කෙරෙන තාපය නිසා රත් වන වාතය නිදහස් වන්නට නොදී අභ්‍යන්තරයෙහි රඳා තබාගන්නේ වහලය හා බිත්ති වලිනි. මෙයට අමතරව, හරිතාගාරයෙහි ඇකුලත පිහිටි උනුසුම්වූ ව්‍යුහයන් සහ ශාක විසින් ඔවුන්ගේ තාප ශක්තියෙන් කොටසක්, අධෝරක්ත වර්ණාවලීයෙහි යළි-විමෝචනය කරන අතර, මෙය සඳහා වීදුරු භාගික වශයෙන් පාරාන්ධ වන බැවින් මෙම ශක්තියෙන් කොටසක් හරිතාගාරය තුල සීමා වෙයි. කෙසේවෙතත්, මුලින් දැක්වූ (සංවහන) ක්‍රියාවලිය හා සංසන්දනය කළ විට මෙම පසුව දැක්වුණු ක්‍රියාවලිය සුළු භූමිකාවක් ඉටු කරයි. මේ අනුව, හරිතාගාරයක ප්‍රාථමික උණුසුම්කරණ යාන්ත්‍රණය සංවහනය වෙයි. මෙය ප්‍රදර්ශනය කෙරුමට හරිතාගාරයක වහලයට කිට්ටු කුඩා කවුලුවක් විවෘත කර තැබිය හැක: උෂ්ණත්වය විගසින් පහළ බසියි. ස්වයංවාතානය නම් ස්වයංක්‍රිය සිසිලන ක්‍රමයෙහි පදනම මෙම මූලධර්මයයි. මේ අනුව, හරිතාගාරයක් සඳහා වීදුරු භාවිතා කෙරෙන්නේ, වාතය ගලායෑමට බාධකයක් පැනවීමට හා ඒ මගින් හරිතාගාරය තුල ශක්තිය සිර කර තබා ගැනීමට උත්සාහයක් දැරීමටය. භූමිය අසබඩදී උණුසුම්වූ වාතය අවහිරයක් නොමැතිව ඉහළ යෑම හා ඉවතට ගලා යෑම වලකනු ලැබේ.


ආශ්‍රිත ලිපි සංස්කරණය

සටහන් සංස්කරණය

  1. ICONS of England | Culture24
  2. බියර්ඩ්, මැතිව් (18 දෙසැම්බර් 2001). "දි ඊඩන් ප්‍රොජෙක්ට්". ලන්ඩනය: දි ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/news/uk/home-news/eden-project-gives--area-acircpound111m-boost-620578.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-10-06. "The commercial success of the lottery-funded Eden Project, the world's largest greenhouse, was confirmed yesterday by a report which showed it had generated for the local economy since it opened eight months ago. ((සිංහල) පරිවර්තනය: ලොතරැයි-අරමුදලෙන් ඇරඹුනු, ලොව විශාලතම හරිතාගාරය වන ඊඩන් ව්‍යාපෘතියෙහි වාණිජ සාර්ථකත්වය පිළිබිඹු වූයේ, එය ඇරඹී අට මසකට පසු, දේශීය සමාගම උපයා ඇති £111මි දැක්වුනු වාර්තාව ඊයේ එළිදැක්වීම හා සමගය. )" 
"https://si.wikipedia.org/w/index.php?title=හරිතාගාර&oldid=266645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි