බේස්බෝල්

(Baseball වෙතින් යළි-යොමු කරන ලදි)

බේස්බෝල්baseballයනු පිත්තක් සහ පන්දුවක් bat and ball game භාවිතා කරමින් එක් පිළකට 9දෙනා බැගින් ක්‍රීඩා කරන ක්‍රීඩාවකි. පන්දුවට පහර දෙනකණ්ඩායම (batting team) පන්දු යවන්නා(pitcher) එල්ල කරන පන්දුවට පහර දී පළමු දෙවන තෙවන හා හෝම් බේස(home plate) පසුකරමින් ලකුණක් සම්පුර්ණ කිරීමට උත්සහ කරයි. පන්දු රකින කණ්ඩායම(fielding team) පන්දුවට පහර දෙන කණ්ඩායමේ පිතිකරුවන්,බේස අතර දුවයන්නන්(base runneres) දවා ගනිමින් ලකුණු ලබා ගැනීම වැලක්වීමට උත්සහකරයි. මෙම ක්‍රීඩාවේදී දවා ගැනීමේ අවස්ථා කිහිපයක්ම ඇත.පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඕනෑම බේසයක නැවතී කෙසේහෝ නැවතත් හෝම් බේසය පසුකල විට ලකුණ ලබාගත හැක. කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට පන්දුවට පහර දෙන අතර මාරු වීමක් සිදුවන්නේ පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු දැවී ගිය පසුවය. ඉනිම නවයක්(9) පුරා දිවයන මෙම ක්‍රීඩාවේ පළමුව පන්දුවට පහර දෙන්නේ සංචාරක කණ්ඩාමය(visiting team). ඉනිම නවය අවසානේ වැඩිම ලකුණු ලැබූ කණ්ඩායමට ජය අත් වේ.

බේස්බෝල්
The baseball diamond at Wrigley Field, Chicago
පළමුව ක්‍රීඩා කලේMid-18th century or prior, England (early form)
June 19, 1846, Hoboken, New Jersey (first recorded game with codified rules)
ගුණාංග
කණ්ඩායම් සාමාජිකයෝ9
වර්ගීකරණයBat-and-ball
උපකරණBaseball
Baseball bat
Baseball glove
පැවතීම
ඔලිම්පික්1992–2008

බේස්බෝල් මුලින්ම 18 වන ශතවර්ෂයේ එංගලන්තයේදී ක්‍රීඩාකල බව වාර්තාවේ.එංගලන්තයෙන් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූ පිරිස බේස්බෝල් උතුරු ඇමෙරිකාවට රැගෙන එනලදී.එතනපටන් අද දක්වා බේස්බෝල් දියුණු වෙමින් පවතී.19 වන සියවසේ අග භාගයේදී මුළු ඇමරිකාව පුරාම බේස්බෝල් ජාතික ක්‍රීඩාව ලෙසහැදින්වෙනු ලැබිනි.අද වනවිට බේස්බෝල් උතුරු ඇමෙරිකාව,දකුණුඇමෙරිකාව,යුරෝපය සහා ආසියාවේ ද ජනප්‍රය ක්‍රීඩාවක් බවට පත් වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහා කැනඩාවේ ප්‍රදාන බේස්බෝල් ලීගයේ(Major League Baseball) කණ්ඩායම් ජාතික ලීගය(National League) සහා ඇමරිකන් ලීගය (American League) යන ලීග සදහා කොටස් 3ක් යටතේ බෙදනු ලැබේ. ඒවා නම් බටහිර නැගෙනහිර සහ මධයම වේ .තවද ඉහල මට්ටමේ තරගාවලි ජපානයේ සහා කියුබාවේ ද පැවෙත්වේ

ඉතිහාසය

සංස්කරණය

බේස්බෝල් සම්භවය

සංස්කරණය

බේස්බෝල් හි ක්‍රමවිකාශනය සිදුවූනේ පිත්තකින් සහ පන්දුවකින් කරනලද අවස්ථාවක පටන්ය. 1344 දී ප්‍රංශ අත්පිටපතක බේස්බෝල් ක්‍රීඩාවට සමාන ලක්ෂණ සහිත ක්‍රීඩාවක රුපසටහන් අන්තර්ගතවිය. ප්‍රංශයේ තවත් ඊට සමාන ලෙස පැවතුනු පැරණි ක්‍රීඩා ලෙස thèque,la balle au bâton, සහා la balle empoisonnée යන ක්‍රීඩා හදුනාගෙන ඇත . නමුත් සැමගේ පිළිගත් මතය නම් අද දක්වා බේස්බෝල් පැවත එන්නේ උතුරු ඇමෙරිකාවේ සිට එල්ලේ වැනි ක්‍රීඩාවකින් වර්ධනය වූවාක් ලෙසය.ඩේවිඩ් බ්ලොක් ගේ (David Block) Baseball Before We Knew It: A Search for the Roots of the Game (2005) යන කෘතියේ එංගලන්තයේ පැවති එල්ලේ වැනි ක්‍රීඩාව (rounders)බේස්බෝල් හි ඉතිහාසය ගැන සෙවීමට ඉතාම වටිනා සාක්ෂියක් බව අදහස් කෙරේ.බ්ලොක් ගේ අදහස වන්නේ එල්ලේ වැනි ක්‍රීඩාව සහ පැරණි බේස්බෝල් අතර තිබේ ඇත්තේ පළාත් බද වෙනස්කම් පමණි යන්නය.තවද එංගලන්තයේ ක්‍රීඩා උණු stoolball සහා tut-ball,යන ක්‍රීඩාද මේ සදහා සම්බන්ද බව පෙරවිත්ති වලින් දැක්වේ.තවද ක්‍රිකට් ක්‍රීඩාව පෙවත එන්නේද මෙමගින් බව දීර්ග කාලයක සිට විශ්වාස කෙරේ.

මුලින්ම බේස්බෝල් ගැන පල වූ කෘතිය වන්නේ 1744 බ්‍රිතාන්‍යයේ පල වූ (A Little Pretty Pocket-Book) නම් ජෝන් නිව්බරි (John Newbery)ගේ කෘතියයි.එහි බේස්බෝල් පිළිබද විස්තරයක් සහා පන්දුරකිනන් ස්ථානගත කර ඇති ආකාරය අන්තර්ගතවිය. ඩේවිඩ් බ්ලොක්(David Block) සම්මීක්ෂණයකින් අනාවරණය කරගත් ආකාරයට මුලින්ම බේස්බෝල් තරගයක් වාර්තාපොත් අතරට එක් වූයේ 1749 දීය.එංගලන්තයේ නීතිවේදියෙකු වූ විලියම් බ්රේ(William Bray) 1755 දී බේස්බෝල් තරගයක් වාර්තා කර ඇත .ඇමෙරිකාවේ පළමුවරට බේස්බෝල් ගැන සටහනක්‌ තබන්නේ 1791 දීය .1830 මුල භාගයේ උතුරු ඇමෙරිකානු වාර්තා වල බේස්බෝල් හි මුලිකාංග අඩංගු පිත්තෙන් සහ පන්දුවෙන් කරන ක්‍රීඩා ඇතුල්විය. එම ක්‍රීඩා ටවුන් බෝල්(town ball) රවුන්ඩ් බෝල්(round-ball) බේස්බෝල්(base ball) ලෙස හදුන්වා තිබේ. 1845 දී නිව්යෝක් සිටි හි ( Knickerbockers ක්‍රීඩා සමාජයේ ) ඇලෙක්සැන්ඩර් කාර්රයිට් Alexander Cartwright Knickerbockers නීති ලෙස නීති පද්ධතියක් හදුන්වාදෙන ලදී.වාර්තා වලට අනුව ඇමෙරිකාවේ නිත්‍යානුකූලව ක්‍රීඩා කල පළමු බේස්බෝල් තරගය වාර්තා වන්නේ නිවුයෝර්ක් Knickerbockers සහා නිවුයෝර්ක් Nine 1846 ජුනි 19 වනදා පැවති තරගය වේ.ජය ගනු ලැබුවේ 23-1 ලෙස ඉන්නිම 4 ක් අවසානයේ නිවුයෝර්ක් Knickerbockers පිලයි . මෙතැන පටන් නුතන බේස්බෝල් ක්‍රීඩාව පරිණාමය වීම ආරම්භ විය.


ඇමෙරිකාවේ බේස්බෝල් ඉතිහාසය

සංස්කරණය

1850 මැද භාගයේ නිව්යෝක්(New York) හි බේස්බෝල් උන්මාදය පැතිරෙන්නට විය .ප්‍රාදේශීය සඟරා වල බේස්බෝල් ජාතික ක්‍රීඩාව ලෙස හැදින්විණි .ඉන්පසු ක්‍රීඩාසමාජ මටටමේ බේස්බෝල් පැතිරී ගියේය.විධිමත් ආකෘතියකට අනුව ජාතික ලීගය(NL) 1876 දී ඇති විය.ඊටපෙර තවත් ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලි ඇතිවූන අතර ඒවා දීර්ගලෙස ක්‍රියාත්මක වුයේ නැත.1884 හිසට ඉහලින් අත ගෙනවිත් පන්දු යැවීම වලංගු කරන ලදී.1901දී අවසාන විශාලම වෙනස සිදුවිය.ඒ අවලංගුපන්දු(foul balls) හා ස්ට්‍රියික(strike) හදුන්වාදීම වේ.


ශ්‍රී ලංකාවේ බේස්බෝල් ඉතිහාසය

සංස්කරණය

අසු ගණන වල මැද භාගයේදී ශ්‍රීලංකාවට බේස්බෝල් හදුන්වා දී ඇත. හිටපු ඇමති කෙනෙකු වූ ෆෙස්ටස් පෙරේරා(Festus Perera)මහතාගේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු තානපාති කාර්යාලයේ (US Embassy) ලී.ඈන්.රොස්(Ms. Lee Ann Ross)මහත්මියගේ දායකත්වයෙන් යුතුව බේස්බෝල් ලංකාවට හදුන්වා දෙනු ලැබිණි. ඒ සදහා බේස්බෝල් පදනමක්ද ස්ථාපිත කරන ලදී.ඇමෙරිකානු පුහුණුකරුවෙකු වූ ජිම් ඩිමික්(Jim Dimick)මහතා මුල්ම පුහුණුකරු විය.ශ්‍රීලංකාවේ මුලින්ම ඇතිවූ කණ්ඩායම් ලෙස ගුවන් හමුදා කණ්ඩායම(SriLanka Airforce) ,ශක්ති බේස්බෝල් කණ්ඩායම (Shakthi Baseball Club),ගෝල්ඩ් ෆිෂ් බේස්බෝල් කණ්ඩායම(Gold Fish Baseball Club) රාජකීය විදුහල් බේස්බෝල් කණ්ඩායම(Royal College) දැක් විය හැකිය .මුලදී හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල සමාජිකයන් සහා ලංකාවේ තිබු ක්‍රීඩා සමාජ අතර සුහද තරග පැවැත්විණි.පළමු තරගාවලිය පැවැත්වුනේ 1995 දීය.

ගොනුව:Chamaraperis.jpg
ශ්‍රීලංකා ජපාන මිත්ත්‍රත්වයෙන් පැවති තරගයකදී ලංකා ක්‍රීඩක චාමර පීරිස් ලකුණක් ලබා ගැනීමට උත්සහ කරන ආකාරය

කණිෂ්ඨ බේස්බෝල් ක්‍රීඩකයන් 6 දෙනෙකු 1992 දී පැවැත්වුණු ලෝක බේස්බෝල් පොළට (World Children’s Baseball Fair) සහභාගී වුහ. ජපානයේ නන්කු බේස්බෝල් පදනමේ(Nankue Baseball Federation) කනිෂ්ට ක්‍රීඩකයන් ශ්‍රීලංකාවේ සංචාරය කර ඇති අතර ශ්‍රීලංකාවේ කණිෂ්ඨ ක්‍රීඩකයින් ද ජපානයේ සංචාරය කර ඇත. බේස්බෝල් ක්‍රීඩාවට නවකයෙකු වූ ලංකාව 1995 පිලිපීනයේ පැවති පළමු ආසියානු බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබිය . මේ දක්වා පස් වතාවක් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සහභාගී වී ඇත. 2009 දී ලෝකඩ පදක්කම දිනා ගැනීමටද සමත් විය.



බේස්බෝල්
 
බේසයන් 4 සහ ක්‍රීඩාංගණයේ දිග පළල දැක් වේ.

නීති සහා ක්‍රීඩා කරන ආකාරය

සංස්කරණය

මෙය එක වරකට කණ්ඩායම් දෙකක් අතර සිදුවන ක්‍රීඩා තරගයකි.එක් කණ්ඩායමකට එක්වරකට ක්‍රීඩාකරනු ලබන්නේ ක්‍රීඩකයින් 9දෙනෙකි .මාරුවෙන් මාරුවට කණ්ඩායම් ඉනිම බැගින් පන්දුවට පහරදීම(batting) හා පන්දුරැකීම(fielding) සිදුකරනු ලැබේ.තරගයකදී එක් පිලකට ඉනිම 9ක් හිමිවේ.සංචාරක කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සිදුකරයි .ජයගැනීම සදහා අනෙක් පිලට වඩා ලකුණු ලබාගත යුතුය.පහර එල්ලකරන කණ්ඩායම සමචතුරස්රයක පවතින බේස(bases) පසුකරමින් ලකුණු ලබාගැනීම සිදුකල යුතුය.පන්දුරකින කණ්ඩායම ලකුණු ලබාගැනීම වළක්වමින් පන්දුවට පහරදෙන කණ්ඩායමේ දැවීයාම් 3ක් ලබාගත යුතුවේ.එලෙස දැවීයම් 3ක් ලබාගත් පසුව කණ්ඩායම් පන්දුවට පහරදීම සහා පන්දුරැකීම මාරුකර ගනුලැබේ.ඉනිම 9වය අවසානයේ ලකුණු සමවුවහොත් අතිරේක ඉනිම ලබාදේ.

රුපසටහනෙන් දැක්වෙන්නේ බේස්බෝල් පිටියකි.(බේසය 4 වට වූ සමචතුරස්‍රාකාර පිටිය ) මෙහි දත්ත වෘතිමය මට්ටටමේ තරගාවලි සදහාය. කුඩා ළමුන්ගේ තරග වලදී කුඩා ක්‍රීඩාංගන යොදාගැනේ. බේස්බෝල් සිමාවන් සහිත ක්‍රීඩාංගනයක ක්‍රීඩාකරනු ලබන අතර හෝම් ප්ලේටය(home plate) කෙලින් අංශක 90ක් ඇතුලත වලංගු කලාපය(Fair territory)වන අතර ඉන්පිටත අංශක 270ක් අවලංගු කලාපය (foul territory) ලෙසහැදින්වේ.බේස 4 මෙපිටින් කලාපය ඇතුලත පන්දුරැකීමේ කලාපය(infield) ලෙසහැදින්වේ.ඉන් එහා පිටත පන්දුරැකීමේ කලාපය(outfield) ලෙස හැදින්වේ. ඇතුලත පන්දුරැකීමේ කලාපය තුල පන්දුයවන්නගේ කලාපය(pitcher's mound) පිහිටන අතර එහි සෘජුකොනාශ්‍ර රබර් තීරුවක්(pitching plate) මද්‍යයේ ඇත.පිටත පන්දුරැකීමේ කලාපය අවසාන වන්නේ ඉහලට නැගුනු වැටකිනි(fence).(බොහෝ ආධුනික තරගාවලි සදහා මෙම වැටක් නොමැති ක්‍රීඩාපිටි භාවිතාකරනු ලැබේ .)

බේස්බෝල් ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය මුලික අංගෝපාංග : බෝලය(ball) පිත්ත(bat) නොහොත් බැට් එක සහ ග්ලවුස(glove or mitt)


  1. බේස්බෝලයක වටප්‍රමාණය අඟල් 9ක්(සෙන්ටිමීටර 23 )පමණවේ.එහි මද්‍යයේ රබර් හෝ කිරල වැනි ජාතියක් ඇති අතර ඒවා නුල්වලින් ඔතා සුදු පැහැහි ගව හමකින් වටකරඇත.ගවහම මැසිම සදහා රතුනුල් යොදාගනී.
  2. පිත්ත(bat) පන්දුවට පහරදීම සදහා යොදාගන්නා මෙවලම වන අතර එය තනි ශක්තිමත් ලීයකින් සම්ප්‍රදායිකව සාදනුලබයි.වෘත්තිමය නොවන(nonprofessional)තරගාවලි සදහා වෙනත් අමුද්‍රව්‍ය වලින් සැදු පිති යොදාගනුලැබේ.ශ්‍රීලංකාවේ නම් ලෝහ වලින් සැදු පිති වැඩි වශයෙන් භාවිතාකෙරේ.පිත්ත ශක්තිමත් රවුන් හැඩති වන අතර පන්දුවට පහරඑල්ල කරන කොටස අගල් 2.5(සෙන්ටිමීටර් 6.4 ) පමණවේ.
  3. ග්ලවුස(glove or mitt) ලෙදර් (leather) වලින් තනාඇති අතර ඒවා පන්දුරැකගැනීමේදී සිදුවන අනතුරු අඩුකර ගැනීම සදහා යොදාගැනේ.ග්ලවුස විවිද හැඩ වලින් ඇති අතර ඒ එකඑක පන්දුරැකීමේ ස්ථාන වලට ගැලපෙන පරිදිය.

ආරක්ෂක හිසවරණය(helmet) සැම පන්දුවට පහර දෙන්නෙක් හටම පැළදියයුතු අංගයකි.

පන්දු යවන්නා (pitcher) පන්දුයවීමේ කලාපය(pitcher's mound) මත ඇති රබර් තීරුව (pitching plate)මත එක් පාදයක් ස්පර්ශ වන අයුරින් ඉදිරියට ඇදෙමින් හෝම් ප්ලේටය දෙසට පන්දුව යොමුකරයි. පන්දුරකින ක්‍රීඩකයා(catcher) හෝමේ ප්ලටයට පිටිපසින් පන්දුයවන්නාට මුහුණලා සිටි. සම්මතයක් ලෙස පළමුබේසයේ පන්දුරකින්නා(first baseman) පළමු බේසයට මදක් වමෙන් (අඩි 3ක් 4ක් පමණ ) දෙවන බේසයට මදක් දකුණින් වන්නට දෙවනබේසයේ පන්දු රකින්නාද(second baseman) එයට වමට වන්නට ෂෝර්ට්ස්ටොප් ක්‍රීඩකයාද(shortstop ) තෙවන බේසයට මදක් දකුණට වන්නට තෙවනබේසයේ ක්‍රීඩකයාද(third baseman) පන්දු රකිනු ලැබේ. පිටත පන්දු රැකීමේ කලාපයේ ක්‍රීඩකයන් තිදෙනෙකු සිටින අතර ඔවුන් වමත් කලාපයේ (left fielder )මධ්‍යම කලාපයේ(center fielder) දකුණු කලාපයේ ( right fielder)ලෙස පන්දු රැකීම කරනු ලැබේ. ප්‍රධාන විනිසුරු(neutral umpire) හෝමේ ප්ලටය පිටුපසද අනෙකුත් අතිරේක විනිසුරුවන් පිටිය ඇතුළතද සිටිනු ලැබේ. ප්‍රධාන ලීග තරගවලදී විනිසුරුවන් 6 දෙනෙකු යොදා ගනු ලැබේ. පන්දුවට පහරදෙන්නා පහරදීමට පැමිණි විට පන්දුයවන්නා පන්දුව යොමු කරන අතර එයට පහර දී පළමු බේසය කරා දිවයාම පන්දුවට පහර දෙන්නාගේ උත්සාය වේ.නොදැවේ පළමු බේසය වෙත පහරක්(safe hit) එල්ල කර ගිය විට එය හිට්(hit) එකක් ලෙසහැදින්වේ .පන්දුව වලංගු කලාපයෙන් ඉදිරියෙන් අති වැටට ඉහළින් පහර එල්ල කල විට එය හෝම් ලකුණක්(home run) ලෙස වර්තා වේ. පන්දුවට පහර දෙන්නා පන්දුරකින්නන්ගේ වරදකින්( fielding mistake) පළමු බේසයට ගිය විට එය හිට් එකක් ලෙස නොව වැරදීමක්(error)ලෙස වාර්තා වේ. බේස වල බේසඅතර දිවයන්නන් සිටින විටදී පන්දුව පිත්තේ වැදුණු විට ඔවුන් දිව යනු ලැබේ. නමුත් පන්දුව අවලංගු කලාපයට(foul territory) ගිය විට දිවයන්නන්ට නැවතත් ඔවුන් සිටි බේසයට පැමිණීමට සිදු වේ. පන්දුවට පහරදෙන්නා උඩපන්දුවක් එල්ල කල විට දිවයන්නන්ට පන්දුරකින්නා පන්දුව අල්ලා ගත් පසු ඔවුන් සිටින බේසය ස්පර්ශ කර දිව යා හැකිය.තවද පන්දුයවන්නා පන්දුව යොමුකරන අතර තුර බේසයක් දිව යා හැකි අතර නොදැවී එලස බේසයක් දිව ගිය විට බේසයක් සොරාගත්තා(stolen base) යයි කියනු ලැබේ. පන්දුයවන්නා එල්ල කල පන්දුවකට පන්දුවට පහරදෙන්නා පහරක් එල්ල නොකළ විට විනිසුරු එය බෝලයක්(ball) හෝ ස්ට්‍රයිකයක්(strike) යන්න ලබා දෙනු ඇත.පන්දුවට පහරදෙන්නාට එරෙහිව ස්ට්‍රයික 3ක් වාර්තා වූ විට ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම් වේ. බෝල 4 ක් වාර්තා වූ විට නිදහසේ (free base)පළමු බේසයට යාමට අවස්ථාව ලැබේ.තවද පන්දුව ඇගේ වැදුණු විටද පන්දුවට පහරදෙන්නාට නිදහසේ පළමු බේසයට යාමට ලැබේ. ස්ට්‍රයික සටහන් කරන අවස්ථා.

  1. පන්දුවට පහර දෙන්නා ස්ට්‍රයික කලාපයේ(strike zone) පන්දුවක් නිදැල්ලේ හැරිය විට
  2. ඕනෑම පන්දුවකට පහරදෙන්නට උත්සහ කර පන්දුව පිත්තේ නොවැදුනු විට
  3. අවලංගු කලාපයට(foul territory) පන්දු පහර එල්ල කලවිට කෙලින්ම අවලංගු කලාපයට පහර එල්ල කල විට සහා වලංගු කලාපයේ පන්දුව වැදී පළමු සහ තෙවන බේස වලට මෙපිටින් අවලංගු කලාපයට යාම . තවද ස්ට්‍රයික 2ක් වාර්තාවී ඇතිවිට එල්ලකරන අවලංගු පහර තෙවන ස්ට්‍රයිකය ලෙස නොසැලකේ.( ස්ට්‍රයික 2 ක් වාර්තා වී ඇති විට බන්ට්(bunt) පහරක් එල්ල කර අවලංගු කලාපයට ගිය විට එය තෙවැනි ස්ට්‍රයිකය ලෙස වාර්තා වේ.)

දැවියමේ අවස්ථා (විශාල අවස්ථා ගණනක් තිබ්බත් පොදුවේ අවස්ථා වර්ග 5 ක හදුනා ගැනේ )

  1. ස්ට්‍රයික දැවියාම්(strike out)  : කලින් සදහන් කළා වගේම පන්දුවට පහරදෙන්නාට එරෙහිව ස්ට්‍රයික(strike) 3ක් වාර්තා වූවිට ඔහූ දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සලහන්වේ.
  2. ෆ්ලයි දැවියාම් (fly out): පන්දුවට පහරදෙන්නා එල්ලකල පන්දුව බිම වැදීමට පෙර අවලංගු කලාපයේ හෝ වලංගු කලාපයේ දේ පන්දු රකින ක්‍රීඩකයෙකු රැකගැනීම
  3. ග්‍රරවූන්ඩ් දැවියාම්(ground out): පන්දුවට පහර දෙනනා වලංගු කලාපයට පහරක් එල්ල කරමින් පළමු බේසයට දිවයාමට පෙර පන්දුව සමගින් පන්දුරකින්නෙකු පළමු බේසය ස්පර්ශ කල විටදී.
  4. ෆොස් දැවියාම් (force out): දිවයන්නන් බේසයක් පසුකර යාමට සැරෙසෙන විට පන්දුරකින්නෙකු පන්දුව සමග දිවයන බේසය ස්පර්ශ කිරීම.(පන්දුවට පහර දෙන ක්‍රීඩකයා පන්දුවට පහර දී අනිවාර්යෙන්ම පළමු බේසයට දිව ය යුතුය .එහිදී පළමු බේසයේ සිටින ක්‍රීඩකයාට දෙවන බේසයට යාමට සිදුවේ එහිදී දෙවන බේසයට දිවයන ක්‍රීඩකයා ෆොස් දැවියාමකට හසු වේ.) ග්‍රරවූන්ඩ් දැවියාම් ද ෆොස් දැවියාම් ගොන්නට වැටේ.
  5. ටැග් දැවියාම්(tag out) : බේස අතර දුවයන්නන් බේස ස්පර්ශ කර නොමැති අවස්ථාවක පන්දුරකින්නෙකු පන්දුව අතැතිව දුවයන්නාව ස්පර්ශ කල විට . මෙහිදී පන්දුව තිබෙන අතින් ස්පර්ශ කල යුතුය.

එකම අවස්ථාවක දැවියාම 2 ක් (double play)වාර්තා කර ගත හැකි අතර දැවියාම 3ක්(triple play) වාර්තා කර ගත හැකිය. දිවයනන්නන් බේසමත සිටියදී දැවියාම 3 වාර්තා වූ විට ඊළහ ඉන්නිමේදී ඔහුනට බේස මතටයා නොහැකිය .සැම ඉන්නිමක්ම බේස මත කිසිම දිවයන ක්‍රීඩකයින් නොමැතිව ආරම්භ වේ. සම්පුර්ණ ලකුණක් හෝ පන්දුවට පහර දීමේදී දැවීයමක් සිදුවහොත් ඉන්පසු ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට අවස්ථාව උදා වේ. පන්දුවට පහර දුන් පසු නැවත අවස්ථාව උදාවන්නේ අනෙකුත් ක්‍රීඩකයන් 8 දෙනා පහර දුන් පසුවය. පන්දුවට පහර දීමේ අනුපිලිවෙල(batting order) තරගයට පෙර ලබා දිය යුතු අතර පහර දෙන ක්‍රීඩකයෙකුට ආදේශක ක්‍රීඩකයෙකු(substitute) නම් කල විට අදේශික ක්‍රීඩකයා පෙර ක්‍රීඩකයා වෙනුවට දිගටම ක්‍රීඩා කලයුතු වේ. එම ක්‍රීඩකයාට නැවත එම තරගයා ක්‍රීඩා කල නොහැක. සමහර තරහ සදහා ඩී.එච් නිතිය(designated hitter (DH) rule ) ක්‍රියාත්මක වේ. ඩී.එච් (DH) ක්‍රීඩකයා යොදාගන්නේ පන්දුයවන ක්‍රීඩකයා(pitcher) වෙනුවට පන්දුවට පහරදීම සහ බේස අතර දිවයාම සදහාය.


බේස්බෝල්
 
පන්දුයවන්නන් ඇග උණුසුම් කර ගැනීමේ අවස්ථාවක් දැක්වේ මෙහිදී වමත් දකුණත් ක්‍රීඩකයින් 2දදෙනෙක් සැමවිටම සුදානම් කර තබාගැනේ.


සංයුතිය

සංස්කරණය

ක්‍රීඩක සංයුතිය

සංස්කරණය

ප්‍රධාන ලීග තරග(Major League) සදහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට හැකිය.

  1. පන්දුරකිනන් 8 දෙනෙක්(position players).කැචර් ක්‍රීඩකයා(catcher)ඇතුළුව
  2. ආරම්භක පන්දුයවනන්( starting pitcher) 5 දෙනෙක්
  3. ආරම්භක පන්දුයවන්නගෙන් අනතුරුව පන්දු යැවියහැකි (relief pitchers) ක්‍රීඩකයින් 6 දෙනෙක්
  4. අතිරේක කැචර් ක්‍රීඩකයා(substitute catcher)
  5. අතිරේක ඉදරිකලපයේ පන්දු රකින්නන්(backup infielders) 2 ක්
  6. අතිරේක පසුපෙළ කලපයේ පන්දු රකින්නන්(backup outfielders) 2 ක්
  7. අදේශික පන්දුවට පහර දෙන්නෙකු(pinch hitter) හෝ දෙවන අතිරේක කැචර් ක්‍රීඩකයා

ලංකාවේ නම් සාමාන්‍යයෙන් කණ්ඩායමකට ක්‍රීඩකයන් 18 දෙනෙකු පමණක් නම් කරනුලැබේ.

අනෙකුත් සංයුතින්

සංස්කරණය

කළමනාකරු(manager) හෝ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු(head coach) උපායාත්මක තීන්දු තීරණ(strategic decisions) ගනු ලබන අතර උදාහරණ ලෙස කණ්ඩායම් සංයුතිය(lineup)පන්දුවට පහරදෙන අනුපිලිවෙල(batting order) ක්‍රීඩක අදේශකයන්(substitutions) දැක්වියහැකිය.බොහෝ කණ්ඩායම් වල විශේෂිත වගකීම් භාරගත් පුහුණුකරුවන් කිහිපදෙනෙක්ම ඇත. තරගය ක්‍රියාත්මක වනවිට පන්දුවට පහරදෙන කණ්ඩායමේ පුහුණුකරුවන් 2ක්(base coach ) පළමු හා දෙවන බේස අසල අවලංගු කලාපයේ රැදී සිටි. ඔවුන් උපායාත්මක සංඥා ලබා දේ. වෙනත් ක්‍රීඩා වල මෙන් නොව බේස්බෝල් හි සුවිශේෂී ලක්ෂණයක් නම් කළමනාකරු සහ සියලුම පුහුණුකරුවන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇදුමෙන්ම සැරසී සිටීමයි . සැම බේස්බෝල් තරගයකම විනිසුරුවන් 6 දෙනෙකු ඇති අතර ස්ට්‍රයිකකලාපය හොදින් පෙනෙන ලෙස කැචර් ක්‍රීඩකයාට පිටිපසින් ප්‍රධාන විනිසුරු ද බේස 3 අසල තවත් විනිසුරුවන් තිදෙනෙකුද අවලංගු කලාපය හා වලංගු කලාපය වෙන්කරන රේඛාව අසල තවත් දෙදෙනෙකුද ඇත.ලංකාවේනන් විනිසුරුවන් 4 දෙනෙකු පමණක් යොදා ගැනේ.

බේස්බෝල්
 
පන්දුයවන්නනා පලමුබේසයේ සිටින ක්‍රීඩකයා දවා ගැනීම සදහා පන්දුව පන්දුරකින්නාට යොමුකරන විට ධාවකයා බිමදිගාවී බේසයකරා ලගාවන අවස්ථාවක්

භාවිතකරන උපායමාර්ග

සංස්කරණය

සාමාන්‍යයෙන් දකුණතින් පහර දෙන්නන්(right-handed batters) වමතින් පන්දු එල්ල කරන්නන්ට(left-handed pitchers) වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කෙරේ. එලෙසෙම වමතින් පහර දෙන්නන්(left-handed batters)දකුණතින් පන්දුයවන්නන්ට(right-handed pitchers) වඩා හොදින් පහරඑල්ල කරනුලබයි. අනෙක් කණ්ඩායමේ සංයුතිය අනුව ආරම්භක පන්දුයවන්නා(starting pitcher) කළමනාකරු විසින් තෝරනුලැබේ.ඉනිම අවසානයට වන්නට පන්දුයවන්නන් මාරු කරන අතර අදේශික ක්‍රීඩකයින්ද යොදනුලැබේ.


බේස්බෝල්
 
කුඩා පහරක් එල්ල කිරීමට තැත්කරන අවස්ථාවක්, මෙහිදී පිතිකරු අත පිත්ත මැදට ගෙනවිත් පන්දුව හොදින් ස්ථානගත කිරීමට අවශ්‍ය ඉඩ ලබාගැනේ

පන්දුයවන්නා සහා පන්දුරකිනන්ගේ උපායමාර්ග

සංස්කරණය

පන්දුයවන්නන්ට එක් එක් ආකාරයේ පන්දු සංකලනයක් ඇත. වේග පන්දුව(fastball), වේගවෙනස් කර එල්ලකරන පන්දුව(changeup or off-speed pitch),කැරකෙන පන්දුව(curveball and slider), බිමට බාන පන්දුව(breaking ball) ඒවා අතර වේ. පන්දුයවන්නා පන්දු යැවීමට පෙර කැචර් ක්‍රීඩකයා සංඥාවක්(signal)මගින් යැවිය යුතු පන්දුව කියනු ලැබේ.ධාවකයින්() බේස වල සිටින විට(runner on base) බේස සොරා ගත නොහැකිවන පරිදි පන්දුයැවීමට පන්දුයවන ක්‍රීඩකයා තවත් උපාය පාවිච්ච් කරනු ලැබේ.තවද බේස වලට පන්දුව යොමු කර ටැග් දැවියාමකට(tag out) උත්සහ කරනු ලැබේ. තෙවන බේසයේ ක්‍රීඩකයෙකු සිටිනවිට ඉදරිපෙල ක්‍රීඩකයින් මදක් ඉදිරියට පැමිණ පන්දුරැකීම සිදුකරයි.ඒ තෙවන බේසයේ ක්‍රීඩකයා ලකුණ ලබාගැනීම වැලැක්වීම සදහාය.


පන්දුවට පහරදෙන්නන් සහා ධාවකයන්ගේ උපායමාර්ග

සංස්කරණය

පලමු බේසයේ ක්‍රීඩකයෙකු සිටින විට පන්දුවට පහර දෙන්නා ද නොයෙකුත් උපාය අනුගමනය කරනුලැබේ. පහරදෙන ගමන් ධාවනය (hit and run) මෙය ඉතාම හැකියාව පිරිපුන් ක්‍රීඩකයන්(skillful contact hitter) සිදුකරනු ලැබේ.පුංචි පහර(bunt)එල්ල කිරීමේ අරමුණ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා දැවී ගියද පළමු පාදමේ ක්‍රීඩකයා ලකුණක් ලබාගත හැකි බේසයකට ගෙනඒමය. පළමු හා දෙවන බේස ලකුණක් ලබාගත හැකි බේස ලෙස හැදින්වේ. මෙම පහර තෙවන බේසයේ ක්‍රීඩකයාට ලකුණ ලබාගැනීම සදහා ද ප්‍රකට ලෙස භාවිතා වේ. දැවීම් 2 කට වඩා අඩු අවස්ථා වලදී තෙවන බේසයේ ක්‍රීඩකයෙකු සිටින විට පන්දුවට පහර දෙන්නා ඉහලින් පහර(fly ball )එල්ල කරන අතර පිතට කලාපයේ පන්දු රකින්නෙකු පන්දුව රැක ගත්තත් ඉන්පසු තෙවන බේසයේ ක්‍රීඩකයාට ලකුණ සම්පුර්ණ කල හැක. තවද සමහරවිට කළමනාකරු පන්දුවට පහරදෙන ක්‍රීඩකයාට ස්ට්‍රයික වලට වඩා බෝල වැඩිවූ විට පහරඑල්ල කිරීමෙන් වැලෙකෙන ලෙස උපදෙස් ලබාදේ.

බේස්බෝල් ක්‍රීඩාවේ සුවිශේෂී ලක්ෂණ

සංස්කරණය

අනෙකුත් ක්‍රීඩා වල මෙන්නොව බේස්බෝල් සදහා වේලාව සලකා නොබලන අතර බේස්බෝල් හි නැදෑ ක්‍රීඩාව ලෙස සලකන ක්‍රිකට් වලට වඩා සංකීර්ණවේ.ලංකාවේ නම් පවතින තරගාවලි වල කාලය සීමිත නිසා ඒවා උපරිම තරගයක් පැය 2කට හෝ 2½ කට සිමාකෙරේ. කාලයත් සමග කෙරෙන තරගවලදී ඉදිරියෙන් සිටින කණ්ඩායම කාලය මරාදැමීමට(killing the clock) උත්සහකරන අතර බේස්බෝල් වලදී අවසාන පිතිකරු දැවී යනතෙක් තරගය ක්‍රියාත්මක වේ . බේස්බෝල් හි ජය පරාජයෙන් තොරව අවසන් වන තරග නැත. ඉනිම 9 ය අවසානයේ ලකුණු සම වුවහොත් තීරණයක් එනතුරු තරගය දිගටම ක්‍රියාත්මක වේ. සාමාන්‍යයෙන් ඉනිම 9 ක් ක්‍රියාත්මක කිරීමට 1920 දී පැය 2කකට අඩු කාලයක් ගත වූ අතර 1960 දී එය 2.38 විය. 2004 ඇමෙරිකාවේ ප්‍රධාන ලීග තරගාවලියේදී එය 2.45 විය. මෙලෙස කාලය දිගු වීම අනුග්‍රාහක දැන්වීම් පන්දු යවන්නන් මාරු කිරීමේ වාර ගණනේ වැඩිවීම පන්දු අතර පන්දුයවන්නා වැඩි වේලාවක් ගැනීම හේතු වීඇත.

තනි ක්‍රීඩක අවධානය

සංස්කරණය

බේස්බෝල් කණ්ඩායම් ක්‍රීඩාවක් වුවත් තනි තනි ක්‍රීඩකය පිළිබද බ සුක්ෂම ලෙස අද්‍යනය කරනුලැබේ.පන්දුයවන්නා පන්දුවට පහරදෙන්නා පන්දුරකින්නා ධාවකයා එකම අවස්ථාවකදී වෙන වෙන තනි තනි ක්‍රියා කරනු ලැබේ. යම්කිසි වටිනා අවස්ථාවක් අවසන් වන්නේ මෙම තනි තනි ක්‍රියා කිහිපයක එකතුවක් ලෙසය. තනිතනි ක්‍රීඩකයා සලකන විට සැම හොද හෝ නරක ක්‍රියාවක්ම තරගයේ අවසාන ප්‍රතිපලය දෙස බලපානු ලැබේ.ක්‍රිකට් බේස්බෝල් වලට බොහොම සමාන ක්‍රීඩාව ලෙසද හැදින්වේ.

ක්‍රීඩාපිටියේ විශේෂත්වය

සංස්කරණය

අනෙකුත් ක්‍රීඩාංගන මෙන්නොව බේස්බෝල් ක්‍රීඩාංගන හැඩයෙන් සහ විශාලත්වයෙන් සුවිශේෂීවේ. 1958 ජුනී 1 වනදා සිට පිළිගත් නිතිය නම් අවම වශයෙන් අඩි325 (මීටර් 99 ක් ) හෝම් ප්ලටයේ( home plate) සිට දකුණු සහ වම් වැට (fences in left and right field) දක්වා තිබිය යුතුය . මැද කලාපය දක්වා අඩි 400 ක් (මීටර් 122 ක් ) තිබිය යුතුය .අවලංගු කලාපය පිළිබද කිසිදු නීතියක් වාර්තා නොවේ. මෙම නිසා අවලංගු කලාපය ඉතා කුඩා අතර එයට ඇදී යන බොහොමයක් පන්දු ප්‍රේක්ෂකාගාරය වෙත ඇදී යයි.


සටහන් වන දත්ත

සංස්කරණය

බේස්බෝල් වල සංඛ්‍යාත්මක දත්ත සටහන් කරණය අනෙකුත් ක්‍රීඩා වලට සාපේක්ෂව ඉදිරියෙන් පවතී. 19 වන සියවසේ එංගලන්තයේ උපන් Henry Chadwick හෙන්රි චැඩ්වික් යන ක්‍රිකට් ක්‍රීඩකයා ලකුණු සටහන් කිරීමට පෙට්ටි ලකුණු සටහන box score හදුන්වා දෙන ලදී.

  • පහර දීමට පැමිණීම (At bats) : මෙහිදී බෝල 4 ක් ලබා හෝ ඇගේ වැදී නිදහස් බේසයක් ලැබීම කෙටි පහර මගින් වෙනත් ක්‍රීඩකයන් බේස වල ඉදිරියට යැවීම වාර්තා වේ. මෙමගින් සම්පුර්ණ දක්ෂතාව වාර්තා නොවේ.
  • හිට් (Hits) :පන්දු රකින්නාගේ වැරදි වලින් තොරව තමන් සහ ධාවකයින් ආරක්ෂා කර ගනිමින් බේස වලට පහරක් ගසා යාම
  • ලකුණු (Runs): බේස අතර කැරකුණු වරගණන සහා ආරක්ෂාකාරී ලෙස හෝමයට පැමිණීම.
  • පහර දීමේදී ලබාගත් ලකුණු(Runs batted in (RBIs)) : පන්දුවට පහර දෙන්නාගේ පහර නිසා හෝමයට පැමිණ ලකුණු සම්පුර්ණ කල ධාවකයින් (සම්පුර්ණ ලකුනකදී පහර එල්ල කල ක්‍රීඩකයාද ඇතුලත් වේ.)
  • සම්පුර්ණ ලකුණු (Home runs): එක පහරකින් බේස සියල්ල පසු කරමින් ලකුණක් ලබා ගැනීම.මෙහිදී පන්දුරකින්නන්ගේ වැරදී නිසා සිදුවන සම්පුරණ ලකුණු මේ සදහා සලකන්නේ නැත.
  • පහරදීමේ සාමාන්‍ය(Batting average) : හිට් ගණන පහර දීමට පැමිණී වාර ගණනින් බෙදා ලබා ගැනේ. මෙය පන්දුවට පහර දෙන්නගේ හැකියාව මොනවට පෙන්නුම් කෙරේ.
  • සොරාගත් බේස(Stolen bases) : ධාවකයාගේ හැකියාවෙන් බේසයක් ඉදිරියට ගිය විට (පන්දුයවන්නා පන්දු යවන අතර තුර )
  • බේස සොරාගැනීමේදී දැවීයාම්(Caught stealing : බේස සොරාගනෙමේදී ටැග් දැවීයාමකට හසු වූ වාර ගණන
  • ජයග්‍රහණ(Wins): මෙය ජයගත් කණ්ඩායමේ පන්දුයවන්නා හට හිමි වේ. ජයගත් පිල ඉදිරියට ඒමට පෙර පන්දු යැවූ ක්‍රීඩකයා හට හිමි වන අතර ආරම්භක පන්දුයවන්නා ඉනිම ක් යැවුවහොත් ඔහුද සලකා බැලෙනු ලැබේ
  • පරාජ(Losses) : පැරදුනු කන්දයෙමේ පන්දු යවමින් සිටි ක්‍රීඩකයා අනෙක් කණ්ඩායම ඉදිරියට එන විට
  • බේරාගැනීම් (Saves): පන්දුයවන්නා එන විට ඔහුගේ කණ්ඩායම ඉදිරියෙන් සිටීමේදී (ලකුණු 3 ක්) එම ඉදිරිය පවත්වා ගනිමින් අඩුම ගානේ ඉනිම 3 ක් පන්දු යැවීම.
  • පන්දු යැවූ ඉනිම(Innings pitched) : පන්දුයැවීමේදී වාර්තා වූ දැවීයම් ගණන 3 න් බෙදීමෙන්
  • ස්ට්‍රයික දැවියාම් (Strikeouts) : පන්දු යවන අවස්ථාවේ ලබාගත් ස්ට්‍රයික දැවියාම් ගණන
  • ජයග්‍රාහී ප්‍රතිශතය (Winning percentage) : ජයගැනීම් ගත් තීරණ ගණනින් බෙදීමෙන් (පරාජ සහා ජය වල මුළු එකතුව )


බේස්බෝල්
ගොනුව:රණබිම.jpg
ශ්‍රීලංකානු ක්‍රීඩාසමාජීය මට්ටමේ දස්කමපාන අවුරුදු ගණනක් ශුරතාවය දිනාගත් රණබිම රාජකීය ක්‍රීඩාසමාජය

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බේස්බෝල්

සංස්කරණය
මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රීලංකාව 30 වන ස්ථානයේ පසු වේ.

බේස්බෝල්
ගොනුව:Srilanka baseball team.jpg

වර්තමාන ශ්‍රීලංකා කණ්ඩායම

සංස්කරණය
බේස්බෝල්
ගොනුව:545961 10151563086474380 697616612 n.jpg
අන්තර්ජාතික තරගවලදී ශ්‍රීලංකාව වෙනුවෙන් දකුණත් පිතිකරුවන් සම්පුර්ණ ලකුණු(home hit) ලබාඇති අවස්ථා ගණන එකකි.ඒ චාමර පීරිස් යන ක්‍රීඩකයා පමණි.ඔහුට පෙර වමත් ක්‍රීඩකයින් 3 දෙනෙක් සම්පුර්ණ ලකුණු ලබාඇති අතර මුළුවාරගණන 4ක් පමණි.
අංකය නම පන්දුරකින ස්ථානය
01 පි එම් බි අයි කෝසල (නායකය) ෂෝර්ට් ස්ටොප්( shortstop)
02 ජි පි එන් එස් ජි පුංචිහේවා(උපනායකයා) පළමු බේසයේ(first baseman)
03 අකලංක රණසිංහ මද්‍යය කලාපය(center)
04 අරුණ ශාන්ත පළමු බේසයේ(first baseman)
05 සි පි ජයසිරි දකුණු කලාපය(right out)
06 චානක නදීෂාන් වමත් කලාපය(left out)
07 ඩි චින්තක එස් ප්‍රනාන්දු පන්දුයවන්නා(pitcher)
08 ඩි එල් පි මදුරංග පන්දුයවන්නා(pitcher)
09 දම්පිය මහතන්තිල වමත් කලාපය(left out)
10 දිලාන් විනුර පන්දුයවන්නා(pitcher)
11 දිලින නිශ්ශංක මද්‍යය කලාපය(center)
12 දිනුෂ අමරතුංග ෂෝර්ට් ස්ටොප්( shortstop)
13 ඉෂාර තෙන්නකෝන් තෙවන බේසයේ(third baseman)
14 ක්‍රිෂ්ණ හපුආරච්චි තෙවන බේසයේ(third baseman)
15 එල් එස් මාන්නඋතුම් දෙවන බේසයේ(second baseman)
16 එම් ඩි දමිත් නදීර පන්දුයවන්නා(pitcher)
17 සදුන් මදුශංක ඩි.එච්(D.H)
18 රිශ්මික විජයන්ග දෙවන බේසයේ(second baseman)
19 සාලිය විජේසිංග පන්දුයවන්නා (pitcher)
20 සමීර රත්නායක දකුණත් කලාපය(right out)
21 සම්පත් කුමාර දකුණත් කලාපය (right out)
22 සංජීව ජයරත්න පන්දුයවන්නා (pitcher)
23 සුපුන් සි අබේසුරිය මද්‍යය කලාපය(center)
24 වී එච් නෙලංක කරුණාරත්න කැචර් ක්‍රීඩකයා(catcher)
25 යසිත රුක්ෂාන් කැචර් ක්‍රීඩකයා(catcher)
"https://si.wikipedia.org/w/index.php?title=බේස්බෝල්&oldid=365406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි