ඇල්ෆා ක්ෂයවීම්
අස්ථායී පරමාණුවක් α-අංශුවක් එසේත් නැතහොත් හීලියම් න්‍යෂ්ටියක් පිට කරමින් ස්ථායී අවස්ථාවකට පත් වීම α-ක්ෂය වීමයි (ඇල්ෆා ක්ෂයවීම්) (ඉංග්‍රීසි: Alpha decay or α-decay). සාමාන්‍යයෙන් α-ක්ෂය වීම දැකිය හැකි වන්නේ ස්කන්ධ ක්‍රමාංකය 200 ට වඩා වැඩි න්‍යෂ්ටි වෙතිනි. මෙම ක්ෂය වීමේදී සෑදෙන දුහිතෘ න්‍යෂ්ටිය පීතෘ න්‍යෂ්ටියට වඩා පරමාණුක ක්‍රමාංක 2ක් ද ස්කන්ධ ක්‍රමාංක 4ක් ද අඩු වෙයි.
සෑදෙන දුහිතෘ න්‍යෂ්ටියෙහි සහ α-අංශුවෙහි ස්කන්ධ එකතුව පීතෘ න්‍යෂ්ටියෙහි ස්කන්ධයට වඩා අඩු වෙයි. මෙම අඩු වන ස්කන්ධය ශක්තියට පෙරළෙන අතර α-අංශුවට සහ දුහිතෘ න්‍යෂ්ටියට මෙම ශක්තිය චාලක ශක්තිය ආකාරයෙන් ලැබේ. නමුත් දුහිතෘ න්‍යෂ්ටිය α-අංශුවට වඩා ස්කන්ධයෙන් ඉතා වැඩි නිසා ගම්‍යතා සංස්ථිති මූලධර්මයට අනුව α-අංශුව ඉමහත් වේගයකින් ඉවතට ප්‍රක්ෂේපණය වනු ඇත. α-කිරණ යනුවෙන් හඳුන්වන්නේ මෙ බඳු අංශු ය.
ඇල්ෆා අංශුවක් හීලියම් න්‍යෂ්ටියක් සේ සැලකිය හැකි අතර එය නියුට්‍රෝන යුගලයකින් හා ප්‍රෝටෝන යුගලයකින් සමන්විත වේ. කිසියම් පරමාණුක න්‍යෂ්ටියක් ඇල්ෆා (x) අංශුවක විමෝචනය කරමින් විකිරණශීලි ක්ෂය වීමට ලක්වන විට ප්‍රතිඵලය ලෙස ආරම්භක මූලද්‍රව්‍යයට වඩා අඩු පරමාණුක ක්‍රමාංකයක් ඇති මූලද්‍රව්‍යයක් ලැබේ.