2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ අගෝස්තු 18 වන දින සිට අගෝස්තු 28 දින දක්වා, ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ සුගතදාස ක්‍රීඩාංගනය හීදී පැවැත්විණි. තරග ඉසව් 20 ක් නියෝජනය කිරීම සඳහා රටවල් 8 ක, 1500 කට වඩා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊට සහභාගී වූහ.
10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | කොළඹ, ශ්‍රී ලංකාව |
සහභාගී වූ රටවල් | |
ක්‍රීඩක සංඛ්‍යාව | 1554 |
ඉසව් ප්‍රමාණය | 20 යි |
සමාරම්භක දිනය | 2006 අගෝස්තු 18 |
නිමා වූ දිනය | 2006 අගෝස්තු 28 |
නිල ආරම්භය සිදුකලේ | මහින්ද රාජපක්ෂ මහතා |
ප්‍රධාන ස්ථානය | සුගතදාස ක්‍රීඩාංගනය |
මේ සමයේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුධ ගැටුම් පැවති බැවින්, ක්‍රීඩා උළෙලට දැඩි ආරක්ෂාවක් ලබා දී තුබුණි.[1] ක්‍රීඩා උළෙල 2005 වසරේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කොට තිබුනත්, 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් තරගාවලිය 2006 වසරට කල් දැමුණි.[2]
මංගල සංකේතය
සංස්කරණයපොර පොල් සහ වලි කුකුලා, 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය හා මංගල සංකේතය විය.
ක්‍රීඩා ඉසව්
සංස්කරණය2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 20 ක් පැවැත්විණි.
සහභාගී වූ රටවල්
සංස්කරණයවරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට වලින් තරඟයට සහභාගී වූ ක්‍රීඩක සංඛ්‍යාවයි.[3]
- ඇෆ්ගනිස්තානය (86)
- බංග්ලාදේශය (192)
- භූතානය (54)
- ඉන්දියාව (293)
- මාල දිවයින (59)
- නේපාලය (216)
- පාකිස්ථානය (288)
- ශ්‍රී ලංකාව (366)
පදක්කම් සටහන
සංස්කරණයසත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 118 | 59 | 37 | 214 |
2 | පාකිස්ථානය | 46 | 71 | 67 | 184 |
3 | ශ්‍රී ලංකාව | 37 | 63 | 78 | 178 |
4 | නේපාලය | 15 | 14 | 31 | 60 |
5 | ඇෆ්ගනිස්තානය | 6 | 7 | 18 | 31 |
6 | බංග්ලාදේශය | 3 | 15 | 32 | 50 |
7 | භූතානය | 0 | 3 | 10 | 13 |
8 | මාල දිවයින | 0 | 0 | 0 | 0 |
විශේෂ සිදුවීම්
සංස්කරණය- නාගලිංගම් එදිරිත් වීරසිංහ සහ ශ්‍රියානි කුලවංශ විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගිනි සිළුව දල්වන ලදී.
- 10 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇෆ්ගනිස්තානය, මුල්ම වතාවට නවක රාජ්‍යයක් ලෙස ක්‍රීඩා උළෙලට සහභාගී විය.[4]
- ක්‍රීඩා උළෙලට කාන්තා කබඩි හඳුන්වාදෙන ලදී.
- මාල දිවයිනට පිට පිට දෙවන වතාවටත් තරඟාවලිය තුල කිසිදු පදක්කමක් හිමිකරගැනීමට නොහැකි විය.
- ශ්‍රී ලංකා පිහිනුම් ශූරිය මයුමි රහීම් ක්‍රීඩා උළෙල තුල පදක්කම් 10 ක් දිනා ගත්තාය. (රන් 3, රිදී 4, ලෝකඩ 3) (තරඟාවලියකදී කේවල ක්‍රීඩා ඉසව් තුල ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව.)
තහනම් උත්තේජක චෝදනා
සංස්කරණයනේපාලයේ රාජේන්ද්‍ර බන්ඩාරි (Rajendra Bhandari), පාකිස්තානයේ Nauman Karim හා Mohammed Lassi සහ ශ්‍රී ලංකාවේ ජානි චතුරංගනී යන අයට තහනම් උත්තේජක චෝදනා එල්ල විය.[5]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Colombo shifts focus to SAF Games".The Times of India.August 17, 2006.
- ^ South Asian Games Postponed සංරක්ෂණය කළ පිටපත 2008-03-21 at the Wayback Machine. The Hindu. January 07 2005.
- ^ Competing countries, http://www.kaputa.com/sports/saf_2006/com_countries.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30
- ^ COLOMBO 2006, http://www.ocasia.org/Game/GameParticular.aspx?GPCode=96, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30
- ^ "Nepalese gold medalist among four South Asian Games athletes tested positive for drugs".International Herald Tribune.September 23, 2006.