1993 ලෝක වෙළඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය

1993 වසරේ පෙබරවාරි 26 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අයත් උතුරු කුලුනට පහලින් ට්‍රක් බෝම්බයක් පුපුරුවා හරින ලදී. රාත්තල් 1,336ක් (606 kg) තරම් වූ යූරියා නයිට්රේට් සහ හයිඩ්‍රජන් වායුව මගින් බලගන්වන ලද මෙම බෝම්බය පුපුරුවා හැරිම මගින්, උතුරු කුලුන දකුණු කුලුන මතට ඇදවැටීමට සලස්වා, පසුව කුලුණු දෙකම බිමට කඩාවැටෙන සේ සැලසුම් කර තිබිණි. එමගින් මිනිසුන් දස දහස් ගණනක් ජීවිතක්ෂයට පත් කිරීම අරමුණු විය. නමුත් මෙම ප්‍රහාරය සැලසුම් කල ආකාරයටම සිදු නොවිය. එහෙත් මෙම ප්‍රහාරයෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, දහසකට වැඩි පිරිසක් තුවාල ලැබුහ. මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ රම්සි යූසුෆ්, Mahmud Abouhalima, Mohammad Salameh, Nidal A. Ayyad, Abdul Rahman Yasin සහ Ahmad Ajaj ඇතුළු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසිනි. ඛලීද් ෂෙයික් මොහොමඩ් සහ යූසුෆ් ගේ මාමා ගෙන් මොවුන්ට මේ සඳහා වූ මුල්‍යමය ආධාර ලැබුණි. 1994 මාර්තු මාසයේදී මොවුන්ගන් 4 දෙනෙකු (Abouhalima, Ajaj, Ayyad සහ Salameh) බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම පිලිබඳ වැරදිකරුවන් බවට පත් විය. කුමන්ත්‍රණය කිරීම, පුපුරන ද්‍රව්‍ය මගින් දේපල විනාශ කිරීම, හා ජනපද අතර පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය මොවුන්ට එල්ල වූ අනෙකුත් චෝදනා විය. 1997 නොවම්බෙර් මාසයේදී තවත් දෙදෙනෙකු මෙම ප්‍රහාරයට වැරදිකරුවන් බවට පත් විය. ඒ රම්සි යූසුෆ්; ප්‍රහාරයේ මහමොලකරු, සහ ඉයද් ඉස්මයිල්; බෝම්බය සහිත ට්‍රක් රථයේ රියදුරු, යන අය වේ.

1993 ලෝක වෙළඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය
බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදුවූ හානිය
ස්ථානයලෝක වෙළඳ මධ්‍යස්ථානය, නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක් ජනපදය 10048
ඛණ්ඩාංක40°42′41″N 74°00′43″W / 40.711452°N 74.011919°W / 40.711452; -74.011919ඛණ්ඩාංක: 40°42′41″N 74°00′43″W / 40.711452°N 74.011919°W / 40.711452; -74.011919
දිනයපෙබරවාරි 26, 1993
12:17:37 ප.ව. (UTC-05:00)
ඉලක්කයලෝක වෙළඳ මධ්‍යස්ථානය
ප්‍රහාර මාදිලියට්‍රක් බෝම්බයක්, ත්‍රස්ත ක්‍රියාවක්, සමූල ඝාතන
මරණ6
තුවාලකරුවන්1,042
අපරාධකරුවෝරම්සි යූසුෆ් සහ කුමන්ත්‍රනකරුවෝ
චේතනාවඊශ්‍රායලයට ඇමරිකාව සහය ලබා දීම