නිව්යෝක් නගරය
මෙම ලිපිය "නිව්යෝර්ක් නගරය" පිලිබඳ වේ. "නිව්යෝර්ක් ජනපදය සඳහා නිව්යෝක් බලන්න. වෙනත් භාවිත සඳහා නිව්යෝර්ක් (බහුඅරුත් විවරණය) බලන්න.
නිව්යෝක් නගරය (හෝ නිව්යෝක්; ඉංග්‍රීසි:New York) (නිව්යෝක් ජනපදයෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා New York City ලෙසද, නිල වශයෙන් City of New York ලෙසද හැඳින්වේ.) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය වන අතර නිව්යෝර්ක් නාගරික ප්‍රදේශයේ කේන්ද්‍රය ද වේ. නිව්යෝර්ක් නගරය ඇමරිකාවට සංක්‍රමණය වීමේ ප්‍රධාන ද්වාරය වන අතර ලොව ජනාකීර්ණම නාගරික ප්‍රදේශ වලින් එකකි. මෙම නගරය ගෝලීය නගරයකි. එමෙන්ම එය වාණිජ, මුල්‍ය, මාධ්‍ය, කලා, විලාසිතා, අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ, හා විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එක්සත් ජාතින්ගේ මුලස්ථානයද පිහිටුවා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ වන නිසා එය ජාත්‍යන්තර විදේශ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නගරයකි. නිව්යෝර්ක් නගරය ලොව වාණිජ සහ සංස්කෘතික අගනගරය ලෙසද හැදින්වේ. ලොව විශාලම ස්වභාවික වරාය වලින් එකක් සහිත නිව්යෝර්ක් නගරය, කොට්ඨාශ පහකට බෙදා ඇති අතර, එම සෑම කොට්ඨාශයක්ම නිව්යෝර්ක් ජනපදයේ කෝරළ වේ. එම කොට්ඨාශ පහ නම්; ද බ්‍රොන්ක්ස්, බෲක්ලින්, මෑන්හැටන්, ක්වීන්ස්, සහ ස්ටේටන් අයිලන්ඩ් වේ. මේවා 1898 දී තනි නගරයක් සඳහා ඒකාබද්ධ කෙරිණි.
- ↑ the Mayor, New York City Office of (January 8, 2010). "Biography". New York, City of. Retrieved January 8, 2010.
- ↑ 2.0 2.1 "US Gazetteer files: 2010, 2000, and 1990". United States Census Bureau. 2011-02-12. Retrieved 2011-04-23.
- ↑ "US Board on Geographic Names". United States Geological Survey. 2007-10-25. Retrieved 2008-01-31.
- ↑ Michael Howard Saul (March 27, 2014). "New York City Population Hits Record High". The Wall Street Journal. Retrieved March 27, 2014.
- ↑ "American FactFinder". United States Census Bureau. Retrieved 2008-01-31.