1974 දෙමළ සම්මේලන සිද්ධිය

1974 දෙමළ සම්මේලන සිද්ධිය සිදුවූයේ, 1974 ජනවාරි මස 3 සහ 9 දිනයන් අතරතුර, යාපනය නගරයෙහිදී පැවැත්වුනු සතරවන ලෝක දෙමළ පර්යේෂණ සම්මේලනය අතරතුරය. පොලිස් ක්‍රියාවන් නිසාවෙන් ජීවිත නවයක් අහිමිවූ අතර, සිවිල් දේපොළ අහිමිවී සිවිල් වැසියන් 50 කට වැඩි ගණනක් දැඩි තුවාල ලැබූහ.[1]

1974 දෙමළ සම්මේලන සිද්ධිය
1974 දෙමළ සම්මේලන සිද්ධිය නිසා මියගිය අය සිහිකිරීමට ඉදි කර ඇති ස්මාරකය
1974 දෙමළ සම්මේලන සිද්ධිය is located in Sri Lanka
1974 දෙමළ සම්මේලන සිද්ධිය
ස්ථානයයාපනය, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක9°40′N 80°00′E / 9.667°N 80.000°E / 9.667; 80.000ඛණ්ඩාංක: 9°40′N 80°00′E / 9.667°N 80.000°E / 9.667; 80.000
දිනයජනවාරි10, 1974 (+6 GMT)
ඉලක්කයශ්‍රී ලාංකික දෙමළ ජනයා
ප්‍රහාර මාදිලියවිදුලි සැර වැද්දවීම
ආයුධය(න්)තුවක්කු
මරණ9
තුවාලකරුවන්50
අපරාධකරුවෝශ්‍රී ලාංකික පොලීසිය

මුල් ගැටුම

සංස්කරණය

සම්මේලනය අගනුවර කොළඹදී පවත්වන මෙන් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ශ්‍රීලනිප-ප්‍රමුඛ රජය ඉල්ලා සිටි මුත් සංවිධායකයන් විසින් එය දෙමළ-ප්‍රමුඛ යාපනය නගරයේදී පවත්වන ලදි.[1] ජනවාරි 10 දිනදී, සංවිධායකයන් තීරණය කලේ, සංස්කෘතික වැඩසටහනට සහභාගිවූවන්ට ත්‍යාගබෙදා දීම සඳහා මහජන රැස්වීමක් පැවැත්වීමටය. රැස්වූ පිරිස, ගණනින් 10,000 ඉක්මවූ අතර, මාර්ගයඉක්මවා එළිමහන් භූමිය දක්වා පැතිරිණි.[1]

සිද්ධිය

සංස්කරණය

සිංහල අධිකාරලත් නිලධාරියෙක්වූ, සහකාර පොලිස් අධිකාර් චන්ද්‍රෙස්කර, 40 කට අධික කැරළි-මර්දන පොලිස් කණ්ඩායමක් රැගෙන රැස්වීම පැවති ස්ථානයට පැමිනියේය. දැන්වීමකින් තොරව හදිසියේ සිදුවූ මෙම ආගමනය නිසා උත්සවයෙහි ව්‍යාකූල ලෙසින් කඩාකප්පල්වීම ඇරඹිණි.[1]

යකඩ හෙල්මට් පැළඳ, ජීප් රථයෙහි සහ ට්‍රක් රථයෙහි නැගි පොලිසිය සෙනග අතරින් සෙමින් ඉදිරියට ඇදී ගියේ සෙනගට ඉවත් වන ලෙස නියෝග කරමිනි. ඉන්දියාවෙන් පැමිණි කීර්තිමත් දෙමළ විද්වතෙකුවූ නයිනා මොහමඩ් ඒ වන විට කතාවක් පවත්වමින් සිටි අතර, සෙනග පිරී ඉතිරී ගොස් සිටි බැවින්, පොලිසියට තවදුරටත් ඉදිරියට ගමන් කල නොහැකි විය. .රයිෆල්, කඳුළු-ගෑස් බෝම්බ, බැටන් පොලු සහ වේවැල්පළිහ වලින් සන්නද්ධව සිටි පොලිස්භටයෝ ඉක්බිතිව සිදුකලේ ඔවුන්ගේ ගමන් මග අහුරා සිටි අයට ප්‍රහාර එල්ල කිරීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ සියළු අත සියළු දෙයට එල්ල වුනු පොලිස් ප්‍රහාරයෙන් මිදීමට කලබලවී දිව යාම විය.සමහරෙක් දිව ගොස් කොටුව පසෙක වූ දිය අගලට පැන්නේ ප්‍රහාරයෙන් මිදීමටය.[2]

වෙඩි වරුසාවට ලක්වූ උඩිස් විදුලි කම්බි කඩා වැටුණි.දමා ගැසූ කඳුළු-ගෑස් බෝම්බයක් නොපිපිරීම නිසා පොලිස් නිලධාරියෙක් විදුලි කම්බි වෙතට වෙඩි තැබීම නිසා ගිනිගත් කම්බි වලල්ලක් ඔහු වෙත කඩා වැටුණි. සම්මේලනයට සහභාගී වූ විදේශ නියෝජිතයන්ද සහතික කලේ පොලීසිය අහසට වෙඩි තැබූ බවයි..[2]

සිවිල් වැසියන් සත් දෙනෙක් විදුලි සැර වැදීම නිසා මිට ගියහ. ඔවුන් වෙත එල්ලවූ පොලිස් පහර දීම‍ට ලක්වූ අනෙක් කිහිපදෙනෙක් උග්‍ර තුවාල ලැබූහ.[1]

රජයේ ප්‍රතිචාරය

සංස්කරණය

මෙම සිද්ධියට සම්බන්ධවූ පොලිස් නිලධාරින් හට තරවටු කරනු වෙනුවට රජය විසින් ඔවුන්ට උසස් වීම් ලබා දෙන ලදි.[1]

1974 ජනවාරි 10 දිනදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරික්ෂණ කමිටුවේ වාර්තාව 1974 පෙබරවාරි 18 දිනදී ප්‍රනාශයට පත් කරන ලද අතර එහි වූයේ ,

"අප විසින් එළඹුනු අරෝධ්‍ය අවසන් තීරණය වනුයේ මෙම රාත්‍රියේ (10 ජනවාරි 1974) ප්‍රචණ්ඩ සහ කිසිසේත් අනවශ්‍ය ප්‍රහාරයකට අවිනොදැරූ පුරවැසියන් ලක් කිරීමෙන් පොලීසිය වරදකරුවන් වී ඇති බවයි. "ඉතාමත් දුෂ්කර අවස්ථාවන්හිදී පවා උපායශීලි ලෙසින් ඔවුන්ගේ රාජකාරි මෙහෙයවනු ඇතැයි අප බලාපොරොත්තු වන සිවිල් පොලිස් බලකායක පොලිස් නිලධාරින් වෙත අප පතන විචාර බුද්ධිය නොතිබීම පිළිබඳ අප බරපතල සංවේගය පල කරමු.”

[3]


උරුමවූ ප්‍රතිඵලය

සංස්කරණය

අප්පාපිල්ලේ අමිර්තලිංගම් පැවසුවේ

" සිදුවූ මරණ හත හා එම මරණ සිදුවීමට හේතු කාරක වූ පොලිසියේ චර්යාව පිළිබඳ පරික්ෂා කිරිිඹට ජනාධිපති කොමිසමක් පත් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කිරීම, වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීම සඳහා ප්‍රමුඛ හේතුවක් විය."

[2]

පළිගැනීමක් ලෙසින් දෙඊවිකො විසින් යාපනයේ ශ්‍රීලනිප පුරපති, ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමත් හා සමගම තරුණ පිරිස අතර සටන්කාමිත්වය ඇවිලී ශ්‍රී ලාංකික සිවිල් යුද්ධ යුගයක් වෙතට තල්ලුවීමේ ඇරඹුමට මෙම සිද්ධිය පුරෝධාවකය විය.[1]

මෙයද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය