ෆෝලන් (එවැනසෙන්ස් ඇල්බමය)

ෆෝලන් යනු ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් විසින් නිපදවනු ලැබූ මුල්ම ස්ටූඩියෝ ඇල්බමය යි. 2003 මැදින්මස 4දා Wind-up Records තුලින් එය නිකුත්වුණි. මෙම ඇල්බමය හොලිවුඩ් හි Conway Recording Studios ඇතුලු සිටූඩියෝ රාශියකදී පටිගත කරන ලදී. මෙය කණ්ඩායමේ වැඩිම ආර්ථික සාර්ථකත්වයකට පැමිණි අල්බමය වන්නේ, එහි පිටපත් මිලියන 7ක් ඇමෙරිකාව තුල පමණක් ද, මිලියන 17ක් ලොව පුරා ද විකිණිනු බැවිනි. අන්තර්ජාතිකව, රටවල් 10කට වැඩි සංඛ්‍යාවක ගීත දර්ශකවල ඉහලටම පැමිණීමටද එයට හැකිවිය. ඇමෙරිකාවේ RIAA ප්ලැටිනම් සහතිකය හත් වතාවක් ද, ලොව වටා නානාවිධ සහතික රාශියක් ද මෙම ඇල්බමයට හිමිවුණි.

ෆෝලන්
ස්ටූඩියෝ ඇල්බමය , විසිනි
මුදාහැරුණේ2003 මැදින් 4
පටිගත කෙරුණේ2002–2003
Track Record Studios
ගණයNu metal,[1][2][3] alternative metal
දිග48:52
ලේබලයWind-up, Epic[4]
නිෂ්පාදකඩේව් ෆෝට්මන් (Dave Fortman)
සැකිල්ල:තනි ගීත

එහි නිකුත්වීමත් සමග, "ෆෝලන්" වෙත ගීත විචාරකයන් වෙතින් මිශ්‍ර මෙන්ම ධනාත්මක ප්‍රතිචාර ලැබුණි. එහි තනි ගී 4ක්: "Bring Me to Life", "My Immortal", "Going Under", හා "Everybody's Fool" ඇතුලත් විය. "Bring Me to Life" සහ "My Immortal", ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, හා එක්සත් ජනපදය ඇතුලු රටවල් 10ක ගීත දර්ශකවල මුදුන් පැමිණියේය. ඇල්බමය නිසා එවැනසෙන්ස් කණ්ඩායම 46වැනි ග්‍රැමී සම්මාන උළෙලේ "වසරේ ඇල්බමය" , "හොඳම රොක් ඇල්බමය" සහ "හොඳම රොක් ගීය" යන සම්මානවලට නිර්දේශ වුනු අතර "හොඳම නැගීඑන කලාකරුවා" සහ "හොඳම හාඩ් රොක් ප්‍රදර්ශනය" යන සම්මාන දිනාගත්තේ ය.

පසුබිම සහ පටිගතකිරීම සංස්කරණය

 
එවැනසෙන්ස් 2003 ඩෙන්වර් හි සංදර්ශනයකදී

ඒමි ලී හා බෙන් මූඩි විසින් 1995දී එවැනසෙන්ස් ආර්ම්භකළ පසු, ඔවුන් විසින් විස්තෘත පටි (වි.ප.) 3ක් සහ එක් ආදර්ශ සංයුක්ත තැටියක් නිකුත්කළ අතර, 2001 දුරුතුමස ඔවුන් ඔවුන්ගේ පළමු ලේබලය වන "Wind-up Records" සමග අත්සන් තබන ලදී.[5] ඇල්බමයේ ගීත රචනය සඳහාම අවුරුදු අටක් ගතවී ඇත.[6] MTV සමග තැබූ සම්මුඛ සාකච්ඡාවකදී, බෙන් මූඩි විසින් තමා ලී සමග එක්ව ගීත ලිවීම නොකළ බවද, "අවුරුදු අට ඇතුලත සම්හරවිට දෙතුන්පාරක් විතරයි අපි එක කාමරේ වාඩිවෙලා ලියුවේ" යැයි ද හෙළිකළේය.[5]

නිර්මාණය සංස්කරණය

ගීත හා පදවැල් සංස්කරණය

"මට අවශ්‍ය වුනේ නැ මේක හුදෙක් ගෙත්මක් බවට පත් කරන්න. ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් පාලනය කොච්චර මිහිරි වුනත් මට ප්‍රථමයෙන්ම අපිව ඇත්තම රොක් සංගීත කණ්ඩායමක් විදිහට හඳුන්වාදෙන්න අවශ්‍යවුණා. අපි ඇත්තටම මේ හැම කොටසක්ම වාදනය කරනවා: තත් හඬ ඇත්ත, ගීතිකා කණ්ඩායම ඇත්ත, පියානෝව ඇත්ත. [...] මම හිතන විදියට මෙහි ඇති හොඳම දෙය මෙය ච්ත්‍රපටයක් අග සිට මුලට බලනවා වගේ දැනීම."

-බෙන් මූඩි "ෆෝලන්" පිලිබඳ කථා කිරීම.[6]

ඒමි ලීට අනුව, "Going Under" ගීතයට පාදක වී ඇත්තේ පූර්වකාලීන කායිකව හා මානසිකව අසහනකාරී සම්බන්ධයකි. ඈ මේ පිලිබඳ වැඩිදුරටත් පැවසූයේ, "මෙය හරියට ඔබ ඔබේ ලණුවේ අග කෙළවරට ළඟාවී, ඔබේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති වෙලාවක, ඔබට තවදුරටත් මෙය දරාගැනීමට බැරි බව දැනෙන්නාක් වගේ. මේක නියමයි. හරිම බලසම්පන්න ගීතයක්."[7] එය ඇල්බමයට ලියූ අවසන් ගීතය වන අතර පළමු තනි ගීතය ලෙස ඉදිරිපත් කිරීමට යෙදී තිබුණු නමුත්, "Bring Me to Life" එහි ප්‍රධාන තනි ගීය බවට පත්කෙරුණු නිසා එය දෙවැනි ගීතය ලෙස යෙදිණ.[8] "Bring Me to Life" ලියැවුණේ ලී, බෙන් මූඩි, සහ ඩේවිඩ් හොජ්ස් විසින් වන අතර, එයට පාදක වූයේ ලී ගේ මිතුරියක විසින් අවන්හලකදී ඇය ඇගේ පවත්නා ප්‍රේම සම්බන්ධය පිළිබඳ සතුටට පත්වේදැයි ඇසීමය. තමා සැබැවින්ම සතුටින් නොසිටින බව ලී හට වැටැහී ඇත්තේ එවිට වන අතර, තමා හදිසියේම "ඇහැරුණු" සේ දැනුණු නිසා ම "wake me up inside" යන පදපෙල ගීයට යොදා ඇත.[9] එම ගීය තම 2007 සිට සැමියා සහ දීර්ඝකාලීන මිතුරා වන ජොශ් හාට්ස්ල' වෙත වන බව ද ලී තවදුරටත් පැවසුවා ය.[10]

"Everybody's Fool" ලී,මූඩි හා හොජ්ස් විසින් ලියැවී ඇති අතර, ඉන් කියැවෙනුයේ සම්පූර්ණයෙන්ම ප්‍රෝඪාකාරී ප්‍රතිරූප මවාගත් ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව ය.[11] VH1 නාලිකාව සමග කළ සාකච්ඡාවකදී, ලී කියාසිටියේ, "මගේ නැගණිය මේ වගේ, කාටවත් බනිනවා නොවෙයි, ඒත්, ප්‍රෝඪාකාරී, වංචනික ප්‍රතිමූර්තිවලට අහුවෙලා හිටියේ. ඇය ඔවුන් වගේ අඳින්න-පළඳින්නත් පටන්ගත්තේ අවුරුදු 8 දි විතර. ඉතින් මම ඇයට මේ ගැන පහදලා ගීතයක් ලිවුවා." යන්නයි.[11] "My Immortal" පියානෝ රොක් බැලඩ් ගීයක් වන අතර,[12] ලී විසින් කොටස් යොදා ප්‍රතිනිමවන්නට පෙරම මූඩි විසින් ඔහුගේ කෙටි කතාවකට ලියන ලද්දකි. මූඩි කියාසිටියේ එය ඔහුගේ සීයා වන බිල් හොල්කොම්බ් වෙත පිදෙන වගයි.[13] "Haunted" ද ඔහුගේම තවත් කෙටි කතාවකට ලියන ලද්දක් වන අතර, අනතුරුව එම කතාව කණ්ඩායමේ එව්පුවරුවට ද එක්කරන ලදී.[14] "Tourniquet" ක්‍රිස්තියානි මෙට්ල් කණ්ඩායමක් වන "Soul Embraced" වෙත පළමුව ලියන ලද්දක් සේ සැලකෙන්නේ මෙම කණ්ඩායමේ පූර්ව සාමාජිකයෙකු වන "රොකී ග්‍රේ" එවැනසෙන්ස් කණ්ඩාමට බැඳීම නිසා ය.[15]

සේවක මඬුල්ල සංස්කරණය

"Allmusic" වෙතිනි,[16]

  • බෙව'ලි ඇලන් – ගීතිකා,සමූහ
  • ජෙරී ඇලන් – ගීතිකා,සමූහ
  • සැක් බය'ඩ් – ප්‍රෝග්‍රැමින්
  • ජේ බෝම්ගාඩ්න' – මික්සින්
  • සර්ජියෝ චාවේස් – සහායක ඉන්ජිනේරු
  • ජේසන් කප් – සහායක ඉන්ජිනේරු,ඉන්ජිනේරු
  • මාක් කියුරී – ඉන්ජිනේරු,මික්සින්
  • ෆ්‍රැන්සෙස්කෝ දි කොස්මෝ– බේස්
  • ඩේව් ෆෝට්මන් – මික්සින්,නිෂ්පාදක
  • ජෝෂ් ෆ්‍රීස් – බෙර
  • ඇල් ෆුජිසකි – සහායක ඉන්ජිනේරු
  • රොකී ග්‍රේ – රචක
  • ඩේවිඩ් හොජ්ස් – රචක, ඕගන, පියානෝ, ප්‍රෝග්‍රැමින්, තත් සැකසීම
  • මෙලනී ජැක්සන් – ගීතිකා,සමූහ
  • ටෙඩ් ජෙන්සන් – මෙහෙයවීම
  • ක්‍රිස් ජොන්සන් – ප්‍රෝග්‍රැමින්
  • ජෝන් ලි කොම්ට් – රචක
  • ඒමි ලී – සැකසුම්, රචක, ඕගන, පියානෝ, කටහඬ

  • පෝල් මැකෝයි - "Bring Me To Life" හි ආගන්තුක කටහඬ
  • ඩයනා මෙල්ට්ස' – A&R
  • බෙන් මූඩි – රචක, ගිටාර, ඉන්ජිනේරු, නිෂ්පාදක
  • වික්ට' ම'ගට්‍රොයිඩ් – නිෂ්පාදන මෙහෙයවීම්
  • ඩීන් නෙල්සන් – සහාකාර ඉන්ජිනේරු
  • ජොවෑන් පැරටෝර් – ගීතිකා,සමූහ
  • ජෙරමි පාක' – ඉන්ජිනේරු
  • ලෙස්ලි පේට්න් – ගීතිකා,සමූහ
  • ග්‍රියැම් රෙවෙල් – තත් සැකසුම්
  • ජෝන් රොඩ් – ඉන්ජිනේරු
  • එඩ්ව'ඩ්ස් ශ'මන් – කලා අධ්‍යක්ෂක
  • ටොම් ස්ටීල් – වේදිකා පිරිස
  • ඩ්වයිට් ස්ටෝන් – ගීතිකා,සමූහ
  • සෑම් ස්ටෝරි – සහාකාර ඉන්ජිනඑරු
  • රිච'ඩ් ස්ටබ්ස් – ගීතිකා,සමූහ
  • බිල් ටැල්බට් – ඉන්ජීනේරු
  • ඩේමන් ටෙඩෙස්කෝ – වේදිකා පිරිස
  • ටලායා ට්‍රිගරෝස් – ගීතිකා,සමූහ
  • සූසන් යන්ග්බ්ලඩ් – ගීතිකා,සමූහ

References සංස්කරණය

  1. Loftus, Johnny. [[[:සැකිල්ල:Allmusic]] "Fallen – Evanescence"]. Allmusic. සම්ප්‍රවේශය August 16, 2011. {{cite web}}: Check |url= value (help)
  2. "Oh Amy Lee, Your Voice Deserves Better!". PopMatters.com. සම්ප්‍රවේශය October 28, 2011.
  3. McGovern, Kyle (March 6, 2013). "Evanescence Reissue 'Fallen' Debut on Purple Vinyl for 10th Anniversary". Spin. January 17, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 4, 2014. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "Muse to score first number one album?". Music Week. September 23, 2003. සම්ප්‍රවේශය February 24, 2012.
  5. 5.0 5.1 D'Angelo, Joe. "Evanescence: The Split". MTV News. p. 2. සම්ප්‍රවේශය September 6, 2011.
  6. 6.0 6.1 Reeseman, Bryan (August 1, 2003). "In The Recording Studio With Evanescence: Recording Fallen". Mix. July 9, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 6, 2011.
  7. D'Angelo, Joe (June 4, 2003). "Evanescence Singer Pairs Metal Chains, Fairies For Upcoming Video". MTV News. සම්ප්‍රවේශය September 4, 2011.
  8. D'Angelo, Joe (June 4, 2003). "Evanescence Singer Pairs Metal Chains, Fairies For Upcoming Video". MTV News. සම්ප්‍රවේශය February 12, 2007.
  9. Carioli, Carly (September 12, 2003). "The awakening: Amy Lee on bringing Evanescence's 'Bring Me to Life' to life". The Boston Phoenix. සම්ප්‍රවේශය December 4, 2008.
  10. Eells, Josh (October 2006). "Amy Lee: Back In Black". Blender. September 5, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 27, 2007.
  11. 11.0 11.1 Moss, Corey (June 10, 2004). "Evanescence's Amy Lee Hopes To Get Into Film, Rages Against Cheesy Female Idols". VH1. සම්ප්‍රවේශය November 11, 2006.
  12. Dolan, Jon (October 9, 2006). "The Open Door Review". Entertainment Weekly. June 6, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 4, 2011.
  13. සැකිල්ල:Cite music release notes
  14. Moody, Ben (February 17, 2003). "What "Haunted" is about". Evboard.com. සම්ප්‍රවේශය February 27, 2007.
  15. Kaufman, Gil (May 9, 2003). "Evanescence: Fallen To the Top". VH1. සම්ප්‍රවේශය March 10, 2007.
  16. "Fallen - Evanescence > Credits". Allmusic. සම්ප්‍රවේශය August 16, 2011.

වෙනත් සබැඳි සංස්කරණය