සීමාසහිත ෆොන්ටෑරා සමූපකාර සමූහ ව්‍යාපාරය යනු නවසීලන්ත ගොවීන් 10,600 විසින් හිමිකත්වය දරන නවසීලන්ත බහුජාතික කිරි පට්ටි සමුපකාරයකි. [2] ලොව මුළු කිරි පට්ටි නිෂ්පාදිත අපනයනයන්ගෙන් දළ වශයෙන් 30% වෙනුවෙන් මෙම සමාගම වග කියන අතර, [3] NZ$19.87 බිලියන ඉක්මවන ආදායමක් සහිතව,[1] නවසීලන්තයේ විශාලතම සමාගම වෙයි.

සීමාසහිත ෆොන්ටෑරා සමූපකාර සමූහ ව්‍යාපාරය
වර්ගයසමූපකාර
පිහිටුවනු ලැබුවේ2001 (2001)
මූලස්ථානයඕක්ලන්ඩ්, නවසීලන්තය
ප්‍රධාන පුද්ගලයෝ
කර්මාන්තයනිෂ්පාදක, සිල්ලර වෙළෙන්දා
නිෂ්පාදිතකිරි, බටර්, චීස්, අයිස්-ක්‍රීම්
ආදායම නසී$19,871මි (2010-11)[1]
ක්‍රියාත්මක ආදායම නසී$965මී (2010-11)[1]
ලාභය නසී$771මී (2010-11)[1]
මුළු වත්කම්නසී$15,530මී (2010-11)[1]
මුළු සමකොටස්නසී$6,541මී (2010-11)[1]
සේවාදායකයෝ17,000[2]
අනුබද්ධ සමාගම්ඇන්කර්, ඇන්මම්, ඇන්ලීන්, මේන්ලන්ඩ් චීස්, ටිප් ටොප්
වෙබ් අඩවියfonterra.com

ඉතිහාසය සංස්කරණය

 
හැමිල්ටන් නගරයට උතුරින් පිහිටි ටෙ රාපා කිරි පට්ටි නිෂ්පාදිත කම්හල.

බොහෝ බටහිර රටවල ලෙසම, නවසීලන්තයෙහිද, කර්මාන්ත ක්ෂේත්‍රයෙහි මූලික සංවිධානාත්මක ව්‍යුහයෙහි බොහෝ කලක සිට පැවතීමට කිරි පට්ටි සමූපකාරයන් සමත්වී ඇත. පළමු කිරි පට්ටි සමූපකාරය 1871දී ඔටාගා හි පිහිටුවන ලදි. 1920 වන විට, කිරි පට්ටි නිෂ්පාදිත සකස්කරන කම්හල් 600 ක් ක්‍රියාත්මකව තිබූ අතර ඒවායින් 85% පමණ අයත්ව තිබුණේ සමූපකාර සංගම් වලටය. [4] 1930 ගණන් වලදී සමූපකාර සංගම් 500 පමණ තිබූ මුත්[5] දෙවන ලෝක යුද්ධයට පසුව, ගමනාගමන කටයුතු, සකස්කිරීමේ තාක්ෂණය සහ ශක්ති ප්‍රභව පද්ධතීන්හී වැඩිදියුණුව හේතුවෙන්, එකාබද්ධවීමේ නැඹුරුතාවයක් පෙන්නුම් කල අතර, සමූපකාර සංගම් ඒකාබද්ධ වීමෙන් ඒවා විශාල වෙත්ම සංඛ්‍යාවෙන් අඩු විය.[6] 1990 ගණන් වල අග භාගය වන විට, ඉතිරිව තිබුණේ සමූපකාර සංගම් සතරක් පමණි: වයිකැතෝ හී පදනම්ව තිබූ නිව් සීලන්ඩ් ඩෙයරි ගෲප්, ටරනකි හි පදනම් ව තිබූ කිවි කෝපරේටිව් ඩෙයරීස්, වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රොඩක්ට්ස් සහ ටැටුවා කෝපරේටිව් ඩෙයරි කම්පනි.[4]

2008 ජූනි මාසයෙහිදී, සමාගම විසින් ඕස්ට්‍රේලියානු නෙස්ලේ සමාගමට අයත්ව තිබූ යෝගට් සහ කිරි පට්ටි නිෂ්පාදිත අතුරුපස ව්‍යාපාරයන් අත්පත් කර ගති.[7]

විකිලීක්ස් විසින් 2010දී එළි කෙරුනු එජ තානාපති කාර්යාල කේබල විසින් ඇඟවෙන්නේ, මුල් ආක්‍රමණයෙන් අනතුරුව, නවසීලන්තය විසින් 2003දී ඉරාකයට හමුදා යැවුවේ, ෆොන්ටෑරා සමාගමට අතිශයින් වටනා ආහාර සඳහා තෙල් කොන්ත්‍රාත්තු ප්‍රවේසම් කර ගැනීම සඳහා පමණක්ම බවයි. [8] [9]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "ෆොන්ටෑරා ඇනුවල් රිබෝට් 2010" (PDF). සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2011.
  2. 2.0 2.1 "ෆොන්ටෑරා ඇනුවල් රිපෝට් 2012" (PDF). සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2012. {{cite web}}: |first= missing |last= (help)
  3. "NZX ලෝන්චර්ස් මිල්ක්පවුඩර් ෆියුචර්ස්". නැෂනල් බිස්නස් රිවිවු. NZPA. 4 ජූනි 2009. http://www.nbr.co.nz/article/nzx-launches-milkpowder-futures-103322. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 සැප්තැම්බර් 2011. 
  4. 4.0 4.1 ස්ට්‍රිංගල්මෑන්, හියු; ස්ක්‍රිම්ජියර්, ෆ්‍රෑන්ක් (1 මාර්තු 2009). ඩෙයරිං ඇන්ඩ් ඩෙයරි ප්‍රොඩක්ට්ස් - කෝපරේටිව්ස් ඇන්ඩ් සෙන්ට්‍රලයිෂේසන්. සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය / ටෙ මනාටු ටඔන්ගා. ISBN 978-0-478-18451-8. සම්ප්‍රවේශය 14 ඔක්තොම්බර් 2010. {{cite book}}: |work= ignored (help)
  5. ෆිල්පොට්, එච්.ජී. (1937). අ හිස්ට්‍රි ඔෆ් ද නිව් සීලන්ඩ් ඩෙයරි ඉන්ඩස්ට්‍රි: 1840-1935. ගවර්න්මන්ට් ප්‍රින්ටර්: වෙලිංටන්
  6. වෝඩ්, ඒ.එච්. (1975). අ කමාන්ඩ් ඔෆ් කෝපරේටිව්ස්. ද නිව් සීලන්ඩ් ඩෙයරි බෝඩ්: වෙලිංටන්
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; aus නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. "ෆොන්ටෑරා කන්ට්‍රෑක්ට් බිහයින්ඩ් නිව්සීලන්ඩ් ඉන්වෝල්ව්මන්ට් ඉන් ඉරාක්". 3 News NZ. දෙසැම්බර් 20, 2010. http://www.3news.co.nz/Fonterra-contract-behind-NZ-involvement-in-Iraq/tabid/419/articleID/191612/Default.aspx. 
  9. "නිව්සීලන්ඩ් ඉන් ඉරාක් ටු හෙල්ප් ෆොන්ටෑරා - කේබල්". NZ Herald. දෙසැම්බර් 20, 2010. http://www.nzherald.co.nz/nz/news/article.cfm?c_id=1&objectid=10695604. 
"https://si.wikipedia.org/w/index.php?title=ෆොන්ටෑරා&oldid=340980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි