ෆරීදා ඛානුම්

පාකිස්‍තානි සම්භාව්‍ය ගායිකාව

ෆරීදා ඛානුම් HI PP (උර්දු/පන්ජාබි: فرِیدہ خانُم ) යනුවෙන් හැඳින්වෙන්නේ පන්ජාබයේ පාකිස්තානි සම්භාව්‍ය ගායන ශිල්පිනියකි.

HI PP
ෆරීදා ඛානුම් فرِیدہ خانُم
ෆරීදා ඛානුම් 2005 දෙසැම්බරයේ පුහුණුවීමක දී
පසුබිම් තොරතුරු
උපත් නාමයෆරීදා ඛානුම්
උපත1929 (වයස 94–95)
අම්රිත්සාර්, බ්‍රිතාන්‍ය ඉන්දියාව
ප්‍රභේදඝසල්දාද්‍රාඛ්‍යාල්ථුම්රි
වෘත්තියගායිකා
සක්‍රීය වර්ෂ1949–2015
ලේබලකෝක් ස්ටූඩියෝ පාකිස්තාන්
PTV
රේඩියෝ පාකිස්තාන්
සම්බන්ධිත රඟපෑම්අමානත් අලි ඛාන්නූර් ජෙහාන්

මුල්කාලීන දිවිය සංස්කරණය

ඇය උපත ලැබූයේ 1929 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කල්කටා හි ය. ඇයට සොයුරියක සහ සොහොයුරන් තිදෙනකු විය. ඇගේ සොයුරිය වන මුඛ්තර් බෙගම් ප්‍රසිද්ධ ගායිකාවකි. ඇයට වයස 18 වන විට, ඇගේ මුළු පවුලම බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අම්රිත්සාර් සිට පාකිස්තානයේ ලාහෝර් වෙත සංක්‍රමණය වී ඇත.[1]

පාතියාලා ඝරණ හි උස්තාද් ආෂික් අලි ඛාන් වෙතින් ඇය ඛයාල්, ථුම්රි සහ දද්‍රා හැදෑරුවා ය. ළමා වියේ දී ඇගේ සොයුරිය වූ මුඛ්තර් බෙගම් ඇයව ඛාන්ගේ රියාස් (සම්භාව්‍ය සංගීත පුහුණුව) වෙත රෙගෙන ගියා ය.[2][3] 1947 ඉන්දියාව බෙදීමත් සමඟ ඇගේ පවුල පාකිස්තානය වෙත සංක්‍රමණය වූහ.[2]

වෘත්තිය සංස්කරණය

ෆරීදා සිය ප්‍රථම මහජන ප්‍රසංගය පැවැත්වූයේ 1950 දී ය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 21 කි. අනතුරුව ඇය රේඩියෝ පාකිස්තාන් වෙත සම්බන්ධ වූ අතර, එමඟින් ප්‍රසිද්ධියට පත් විය.[4] 1960 දශකයේ පාකිස්තාන ජනාධිපති ආයුබ් ඛාන් විසින් ඇයට මහජන ගායනාවක් සඳහා ආරාධනා කිරීමත් සමංග ඇය ජනාදරයට පාත්‍ර විය. ඇය පාකිස්තාන් ටෙලිවිෂන් ඇතුළු අනෙකුත් පාකිස්තාන රූපවාහිනී නාලිකා රැසක පෙනී සිට තිබේ.[5] ඇගේ ඝසල් ගායනා අතුරින් වඩාත්ම ප්‍රකට ගායනාව වන්නේ ප්‍රකට කවියකු වූ ෆයියාස් හෂ්මි විසින් රචිත ආජ් ජානේ කි සිද් නා කරෝ ගීතයයි.[6] 2015 දී, 86 වන වියේ සිටි ඇය මෙම ඝසල් ගීය කෝක් ස්ටූඩියෝ වාරය 8 සඳහා ගායනා කළා ය.[7]

පසුකාලීන 1960 හෝ මුල්කාලීන 1970 දශකයන් හි ෆරීදා ඛානුම් ප්‍රසංග සඳහා ඇෆ්ඝනිස්තානයේ කාබුල් වෙත පැමිණ තිබේ. එහි දී ඇය, ඇෆ්ඝන් සංගීතඥයන් සමඟ එක්ව පර්සියානු-භාෂා ඝසල් ගායනා ඉදිරිපත් කොට ඇත.

පෞද්ගලික දිවිය සංස්කරණය

ෆරීදා ඛානුම් පාකිස්තානයේ ලාහෝර් හි ජීවත් වේ ඇයට දියණියන් පස්දෙනකු සහ එක් පුත්‍රයකු වේ. PTV මාලා නාට්‍යයක් වූ සෝනා චන්දි (1982) හි රංගනය නිසා කීර්තියට පත් ශීබා හසන් යනු ඇගේ ලේලියයි. පාකිස්තානය තුළ ෆරීඩා ඛානුම් ඝසල් රැජින යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.[7]

ගීතාවලිය සංස්කරණය

  • 1978 ෆරීදා ඛානුම් ඉන් කොන්සර්ට්
  • 1979 ෆරීදා ඛානුම් ඉන් කොන්සර්ට් වෙළු. 2
  • 1985 Taghazzul Farida Khanum Vol 1
  • 1980 Farida Khanum in Concert Vol. 3
  • 1993 Farida Khanum: Meri Pasand Vol 2
  • 1993 Farida Khanum: Meri Pasand Vol 1

ශබ්දාගාර නිකුතු සංස්කරණය

වර්ෂය තේමාව ඇල්බම විස්තර පථ ලැයිස්තුව
1993 Farida Khanum: Meri Pasand Vol 1 Digital Release Date: 9 April 1993
  • Label: EMI Pakistan
  • Genre: World Music
  • UPC: 829410843775
  1. Voh Ishq Jo Humse
  2. Sham-E-Firaq Ab Na
  3. Main Ne Pairon Mein Payal
  4. Raat Jo Tum Ne Deep
  5. Kuchh Ishq Tha Kuchh
  6. Voh Mujh Se Huwe
  7. Yun Saja Chand
  8. ආජ් ජානේ කි සිද් නා කරෝ
  9. Bairi More Nainan
1993 Farida Khanum: Meri Pasand Vol 2 Digital Release Date: 9 April 1993
  • Label: EMI Pakistan
  • Genre: World Music
  • UPC: 829410843874
  1. Mangwa De Jhumka
  2. Be Chain Bohat Phirna
  3. Suey Maikade Na Jate
  4. Dil Pe Ik Turfa Qayamat
  5. Uzr Aane Main Bhi
  6. Chand Niklee Kisi Janib
  7. Naina Re Naina
  8. Na Rawa Kahiye
  9. Es Tarah Qissa Mera

Compilations and live albums සංස්කරණය

Year Title Album details Track listing
1978 Farida Khanum In Concert Digital Release Date: 1 December 1978
  • Label: EMI Pakistan
  • Genre: World Music
  • UPC: 829410393676
  1. Aaj Jane Ki Zid Na Karo
  2. Mohabbat Karne Wale
  3. Dil Jalane Ki Baat
  4. Uzr Aane Mein Bhi
  5. Mere Hamnafas Mere
  6. Tum Aur Faraib Khao
  7. Sajan Lago Toori
  8. Kuch Ishq Tha
1980 Farida Khanum In Concert Vol. 3 Digital Release Date: 1 January 1980
  • Label: EMI Pakistan
  • Genre: World Music
  • UPC: 829410503679
  1. Dayar-E-Dil Ki Raat Mein
  2. Yeh Kya Ke Ek Jahan Ko
  3. Ab Na Sahoon Tori
  4. Naina Re Naina
  5. Dil-E-Muztar Ko
  6. Ya Rab Gham-E-Hijran Mein
1985 Taghazzul Farida Khanum Vol 1 Digital Release Date: 1 July 1985
  • Label: EMI Pakistan
  • Genre: World Music
  • UPC: 884385348106
  1. Dil Pe Ik Turfa Qayamat
  2. Asar Us Ko Zara Nahin
  3. Voh Ehad Ehad Hi Kya
  4. So Raha Tha To Shor
  5. Voh Kabhi Mil Jaen To
  6. Garmi-E-Shauq-E-Nazara
  7. Le Ke Voh Teghe Jafa
  8. Dil Mein Hamare
  9. Kis Ko Dhoondne Ghar
  10. Ki Wafa Ham Se To
  11. Lutf Voh Ishq Mein
  12. Chand Meri Tarah
1979 Farida Khanum In Concert Vol. 2 Digital Release Date: 1 October 1979
  • Label: EMI Pakistan
  • Genre: World Music
  • UPC: 829410503570
  1. Chand Nikle Kisi Janib
  2. Wo Kabhi Mil Jayen To
  3. Chand Day Mora
  4. Na Aate Hamen
  5. Ashiq Ke Liye Yaksan
  6. Na Rawa Kahiye
  7. Mit Gaya Zoq-E-Yaqeen
  8. Tere Pyar Mein Ruswa

සම්මාන සහ ගෞරවයන් සංස්කරණය

2005 පාකිස්තානයේ ජනාධිපති වෙතින් හිලාල්-ඉ-ඉමිතියාස් ගෞරවය[2][7]

1970 පාකිස්තානයේ ජනාධිපති වෙතින් ප්‍රයිඩ් ඔෆ් පර්ෆෝමන්ස් සම්මානය

2005 ඉන්දියාව මඟින් හෆීස් අලි ඛාන් සම්මානය[2]

මලිකා-ඉ-ඝසල් (ඝසල් රැජින) ලෙස ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා විසින් නම්කරන ලදී (2007)[4][7]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Farida Khanum: Memories New and Old : ALL THINGS PAKISTAN". Pakistaniat.com. 12 December 2007. සම්ප්‍රවේශය 20 June 2018.
  2. 2.0 2.1 2.2 2.3 "Pride of Pakistan -- Farida Khanum: The Iconic Ghazal Singer (includes Hilal-i-Imtiaz Award info)". Pakistan360degrees.com website. 19 July 2010. සම්ප්‍රවේශය 20 June 2018.
  3. "Song Sung True (Farida Khanum interview)". Indian Express (newspaper). 4 May 2010. සම්ප්‍රවේශය 21 June 2018.
  4. 4.0 4.1 "Fareeda Khanum: Made in India, queen of Pak music". The Times of India. 10 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Retrieved 21 June 2018
  5. Farida Khanum performance on YouTube Retrieved 21 June 2018
  6. Rajan, Anjana (13 November 2006). "When mood and melody merged". The Hindu (newspaper). සම්ප්‍රවේශය 8 April 2018.
  7. 7.0 7.1 7.2 7.3 Profile of Farida Khanum on Coke Studio (Pakistan) website Retrieved 20 June 2018

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Pride of Performance for Arts

"https://si.wikipedia.org/w/index.php?title=ෆරීදා_ඛානුම්&oldid=474758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි