හේට් ස්ටෝරි 3 යනු 2015 වසරේ දෙසැම්බර් 4 වැනි දින නිකුත් කෙරූ විශාල් පාණ්ඩ්‍ය විසින් අධ්‍යක්ෂණය කරන ලද [2] ත්‍රාසය මුසු ශෘංගාරාත්මක ඉන්දියානු සිනමා පටයකි. වික්‍රම් භාට් හා මධුරි බැනර්ජි විසින් රචනය කරනු ලැබූ එහි කරන් සිං ග්‍රොවර්, ෂාමන් ජෝශි, සරින් ඛාන් හා ඩේසි ෂා යන රංගන ශිල්පීහූ මූලික රංගනයෙන් දායක වේ. 2014 වසරේ තිරගත වූ පාණ්ඩ්‍යගේ හේට් ස්ටෝරි 2 චිත්‍රපටියෙහි අනුගාමී සිනමාපටය ලෙස 2015 දෙසැම්බර් 4වන දින මෙය සිනමාහල් වෙත නිකුත් කෙරුණි.[3]

හේට් ස්ටෝරි 3
Hate Story 3
සිනමා පටයෙහි තිරදර්ශනයක්
අධ්‍යක්‍ෂණයවිශාල් පාණ්ඩ්‍ය
තිර රචනය
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සංගීතය
Production
company
නිකුත්වූ දිනය
දෙසැම්බර් 4, 2015 (2015-12-04)
තිර කාලය
මිනිත්තු 127
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR13.20 කෝටි (US$2.1 මිලියන)[1]
ආදායමINR35.17 කෝටි (US$5.5 මිලියන) දින පහක් තුල

කතා වස්තුව සංස්කරණය

චිත්‍රපටය ආරම්භවන්නේ ධනකුවේරයෙකු වූ ආදිත්‍ය දිවාන් (ෂාමන් ජෝෂි) හා ඔහුගේ බිරිඳ වූ සියා දිවාන් (සරීන් ඛාන්), වික්‍රම් දිවාන් (අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ආදිත්‍යගේ වැඩිමහල් සහෝදරයා) නමින් රෝහලක් විවෘත කරන අවස්ථාවක් පාදක කර ගනිමිනි. මෙම අවස්ථාවේ අහම්බෙන් හමුවන අමුත්තෙකු වූ සවුරව් සිංහානියා (කරන් සිං ග්‍රෝවර්) දිවාන් පවුල වෙත කාරයක් ත්‍යාග කරමින් ඔවුනට දහවල් ආහාරය සඳහා ආරාධනාවක් සිදුකරයි. එහිදී ඔහු ආදිත්‍ය වෙත අසැබි යෝජනාවක් ඉදිරිපත් කරමින්, සියා තමා වෙත එක් රැයකට ආදිත්‍ය විසින් එවනු ලැබුවහොත් ආදිත්‍යගේ ව්‍යාපාර පුළුල් කරගැනීමටත්, වුවමනා තරම් මුදල් ලබා දීමටත් හැකි යැයි ප්‍රකාශ කරයි. සවුරව්ගේ මෙම පහත් යෝජනාව ආදිත්‍ය විසින් ප්‍රතික්ෂේප කරයි. මේ සිදුවීමෙන් පසු සවුරව්, ආදිත්‍ය විනාශ කිරීමට කුමන්ත්‍රණ සිදුකරමින්, ඔහුගේ හවුල්කරුවෙකු වූ කායා (ඩේසි ෂා) ඝාතනය කරයි. මෙම ඝාතනයේ වැරදිකරුවා බවට ආදිත්‍ය පත්වෙයි. සිය සැමියා සිරභාරයේ සිටිනු දැකීමට අකමැති වන සියා ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනු වස් සවුරව් විසින් සිදුකල යෝජනාව පිළිගනියි. එහිදී ඇය සවුරව්ගේ මෙම යෝජනාව සිදුකිරීමේ මූලික අරමුණ දැනගන්නා අතර, පසුව ඇය සහ ආදිත්‍ය, සවුරව් විනාශ කර දැමීමට ඔවුන්ගේ හැකි උපරිමය සිදු කරයි.

රංගන ශිල්පීන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. [[1]]
  2. staff (6 මාර්තු 2015). "විශාල් පාණ්ඩ්‍ය ටු හෙල්ම් හේට් ස්ටෝරි". ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 21 මැයි 2015.
  3. හේට් ස්ටෝරි 3: ඇන්ඩ් කරන් සිං ග්‍රෝවර්-සරින් ඛාන්'ස් මිස්ට්‍රි අන්ෆෝල්ඩ් ඔන්... : බොලිවුඩ්, නිව්ස් – ඉන්ඩියා ටුඩේ. ඉන්ඩියා ටුඩේ. සම්ප්‍රවේශනය 18 ඔක්තෝම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=හේට්_ස්ටෝරි_3&oldid=354477" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි