සරින් ඛාන්
සරින් ඛාන් (1987 මැයි 14) යනු ඉන්දියානු රංගන ශිල්පිණියක් හා නිරූපිකාවක් වේ. 1987 වසරේ මැයි 14 වන දින ඉන්දියාවේ මහාරාෂ්ට්රාහී පතන් පවුලට,[1][2] දාව උපන් ඇය 2010 වසරේදී ඉන්දීය බොලිවුඩ් සිනමාවට එක්විය. හින්දි චිත්‍රපටිවලට අමතරව ඇය දමිල හා පංජාබි චිත්‍රපට සඳහාද සිය දායකත්වය ලබා දී තිබේ.
සරින් ඛාන් | |
---|---|
දේශීය නම | ज़रीन खान |
උපත | සරීන් ඛාන් 14 මැයි 1987 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2010 – වර්ථමානය තෙක් |
ආගම | ඉස්ලාම් |
2010 වසරේ තිරගත වූ අනිල් ශර්මාගේ' වීර් සිනමාපටයේ සල්මන් ඛාන් සමග ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් සිනමාවට පිවිසි ඇය, ඒ වෙනුවෙන් එම වසරේ උදෙසා පැවති සී සිනමා සම්මාන (Zee Cine Award) උළෙලේදී හොඳම නවක නිළිය වශයෙන් නාම නිර්දේශයට ලක් වූවාය.[3] 2011 වසරේ තිරගත වූ රෙඩී චිත්‍රපටියේ ගීතයක සිදුකල රංගනයෙන් හා 2012 වසරේ තිරගත වූ සජිඩ් ඛාන්ගේ හවුස් ෆුල් 2 චිත්‍රපටියේ සිදුකල රංගනයෙන් ඇය ප්‍රේක්ෂකයා අතර අවධානයට ලක් විය. 2014 වසරේ නිකුත් කෙරුණු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට ලක්වූ ජට් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය හා 2015 වසරේ නිකුත් වූ හේට් ස්ටෝරි 3 චිත්‍රපටිය හරහාද ඇය බොලිවුඩ් සිනමාවේ සිය සාර්ථකත්වය සනිටුහන් කර ගැනීමට සමත් විය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ මංගල් දලාල් (8 ජනවාරි 2010). "වෙන් මෙන් වර් මෙන්". ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 6 මැයි 2014.
Asked about whether it was a risk casting Zarine Khan, the debutant from the UK, Khan says: "She's a Pathan girl who speaks Hindi and Urdu well and was spectacular in the screen test. It was pure luck."
- ^ මංගල් දලාල් (8 ජනවාරි 2010). "'වීර්' ඕල්සෝ හෑස් අ සේෂල් මැසේජ් බිහයින්ඩ් ඉට්: සල්මන් Khan". එක්ස්ප්‍රස් ඉන්ඩියා. 8 ජනවාරි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 මැයි 2014.
Asked about whether it was a risk casting Zarine Khan, the debutant from the UK, Khan says: "She's a Pathan girl who speaks Hindi and Urdu well and was spectacular in the screen test.
- ^ "සරින් ඛාන්: වීර් කි හීර්!". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 23 ජනවාරි 2010. 2012-11-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 ඔක්තෝම්බර් 2010.