සරින් ඛාන් (1987 මැයි 14) යනු ඉන්දියානු රංගන ශිල්පිණියක් හා නිරූපිකාවක් වේ. 1987 වසරේ මැයි 14 වන දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍රාහී පතන් පවුලට,[1][2] දාව උපන් ඇය 2010 වසරේදී ඉන්දීය බොලිවුඩ් සිනමාවට එක්විය. හින්දි චිත්‍රපටිවලට අමතරව ඇය දමිල හා පංජාබි චිත්‍රපට සඳහාද සිය දායකත්වය ලබා දී තිබේ.

සරින් ඛාන්
දේශීය නම
ज़रीन खान
උපත
සරීන් ඛාන්

14 මැයි 1987 (1987-05-14) (වයස 36)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2010 – වර්ථමානය තෙක්
ආගමඉස්ලාම්

2010 වසරේ තිරගත වූ අනිල් ශර්මාගේ' වීර් සිනමාපටයේ සල්මන් ඛාන් සමග ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් සිනමාවට පිවිසි ඇය, ඒ වෙනුවෙන් එම වසරේ උදෙසා පැවති සී සිනමා සම්මාන (Zee Cine Award) උළෙලේදී හොඳම නවක නිළිය වශයෙන් නාම නිර්දේශයට ලක් වූවාය.[3] 2011 වසරේ තිරගත වූ රෙඩී චිත්‍රපටියේ ගීතයක සිදුකල රංගනයෙන් හා 2012 වසරේ තිරගත වූ සජිඩ් ඛාන්ගේ හවුස් ෆුල් 2 චිත්‍රපටියේ සිදුකල රංගනයෙන් ඇය ප්‍රේක්ෂකයා අතර අවධානයට ලක් විය. 2014 වසරේ නිකුත් කෙරුණු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට ලක්වූ ජට් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය හා 2015 වසරේ නිකුත් වූ හේට් ස්ටෝරි 3 චිත්‍රපටිය හරහාද ඇය බොලිවුඩ් සිනමාවේ සිය සාර්ථකත්වය සනිටුහන් කර ගැනීමට සමත් විය.

මූලාශ්‍ර සංස්කරණය

  1. මංගල් දලාල් (8 ජනවාරි 2010). "වෙන් මෙන් වර් මෙන්". ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 6 මැයි 2014. Asked about whether it was a risk casting Zarine Khan, the debutant from the UK, Khan says: "She's a Pathan girl who speaks Hindi and Urdu well and was spectacular in the screen test. It was pure luck."
  2. මංගල් දලාල් (8 ජනවාරි 2010). "'වීර්' ඕල්සෝ හෑස් අ සේෂල් මැසේජ් බිහයින්ඩ් ඉට්: සල්මන් Khan". එක්ස්ප්‍රස් ඉන්ඩියා. 8 ජනවාරි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 මැයි 2014. Asked about whether it was a risk casting Zarine Khan, the debutant from the UK, Khan says: "She's a Pathan girl who speaks Hindi and Urdu well and was spectacular in the screen test.
  3. "සරින් ඛාන්: වීර් කි හීර්!". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 23 ජනවාරි 2010. 2012-11-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 ඔක්තෝම්බර් 2010.
"https://si.wikipedia.org/w/index.php?title=සරින්_ඛාන්&oldid=593661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි