හේඉන්සා
කොරියාවේ හප්චොන් ප්‍රාන්තයේ පිහිටි බෞද්ධ විහාරය
ඛණ්ඩාංක: 35°48′N 128°6′E / 35.800°N 128.100°E හේඉන්සා (해인사, 海印寺: මුද්‍රා සමුද්‍රයේ විහාරය) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු සොන් බුද්ධාගමේ එන ජොග්යේ නිකායයෙහි (대한불교조계종, 大韓佛敎 曹溪宗) මූල විහාරයයි. මෙය දකුණු කොරියාවේ දකුණු ග්‍යොංසං පළාතේ ගයාසන් ජාතික උද්‍යානය (가야산, 伽倻山) තුළ පිහිටා ඇත. හේඉන්සා වඩාත්ම ප්‍රචලිත වී ඇත්තේ එහි තැන්පත් කොට ඇති ත්‍රිපිටක කොරියානා නම් වූ බෞද්ධ ත්‍රිපිටකය කැටයම් කළ දැව මුද්‍රණ ඵලක 81,350 නිසායි. මෙය 1398 සිට මෙම විහාරය තුළ පවතියි.[1]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
පිහිටුම | දකුණු ග්‍යොංසං පළාත, දකුණු කොරියාව |
නිර්ණායකය | සංස්කෘතික: iv, vi |
මූලාශ්‍ර | 737 |
අභිලේඛනය | 1995 (19 වන සැසිය) |
ඛණ්ඩාංක | 35°48′N 128°06′E / 35.800°N 128.100°E |
කොරියානු නම | |
හංගුල් | 해인사 |
---|---|
හන්ජා | 海印寺 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Haeinsa |
මැකූන්–රයිෂවර් | Haeinsa |
ත්‍රිරත්න විහාර අතුරින් එකක් ලෙස සැලකෙන හේඉන්සා මඟින් බුදුන් වහන්සේගේ ධර්මය සංකේතවත් කෙරෙයි. වර්තමානයෙහි පවා මෙම විහාරය සොන් (선, 禪) නිකායයෙහි වන්දනාවට ලක් වෙයි. 1993 දී මරණයට පත්වූ ප්‍රකට සොන් ආචාර්ය සොංචොල්ගේ (성철, 性徹) නිවහන වූයේ ද මෙම විහාරයයි.
ගැලරිය
සංස්කරණයමේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ orientalarchitecture.com. "Asian Historical Architecture: A Photographic Survey". www.orientalarchitecture.com.
බාහිර සබැඳි
සංස්කරණයහේඉන්සා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Official website (Korean language)
- Asian Historical Architecture: Haeinsa
- South Korean Cultural Properties Administration page for Haeinsa and Tripitaka Koreana
- Digital Dictionary of Buddhism (log in as "guest")
- UNESCO: Haeinsa Temple Janggyeong Panjeon
- Cultural Heritage: Haeinsa Janggyeong Panjeon
- Haeinsa Temple on VisitKorea.or.kr