මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි.[1] එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත.[2] මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.[3]

මහවැලි
ගඟ
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ
Source මධ්‍යම පළාත
Mouth බෙංගාල බොක්ක
 - elevation
Length 335 km (208 mi)

මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ.[4] විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.

අතු ගංගා සංස්කරණය

  • කොත්මලේ ඔය
  • හැට්න් ඔය
  • හුලු ගඟ
  • ලොක්ගල් ඔය
  • උමා ඔය
  • බදුලු ඔය
  • අබන් ගඟ
  • නානු ඔය
  • බෙලි උල් ඔය

මෙම අඩවිත් බලන්න සංස්කරණය

ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව

මූලාශ්‍ර සංස්කරණය

  1. https://www.britannica.com/place/Mahaweli-Ganga
  2. https://lk.lakpura.com/pages/mahaweli-river
  3. https://www.dailymirror.lk/article/The-story-of-Mahaweli-an-unending-cascade-from-one-generation-to-another-133494.html
  4. Barry, D. (2001-06-07). Knowledge of the Land. Oxford University Press. ISBN 0-19-829601-0.
"https://si.wikipedia.org/w/index.php?title=මහවැලි_ගඟ&oldid=628965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි