හන්හි චොං අධිරාජයා

(හාං චුංදී වෙතින් යළි-යොමු කරන ලදි)

හන් රාජ වංශයෙහි චොං අධිරාජයා (චීන: 漢冲帝; පින්යින්: Hàn Chōng Dì; වේඩ්–ගයිල්ස්: Han Ch'ung-ti; 143–145) යනු, චීන හන් රාජ වංශයෙහි අධිරාජයෙක් සහ නැගෙනහිර හන් යුගයෙහි අටවන අධිරාජයාද විය.

චොං අධිරාජයා යනු, ෂුවං අධිරාජයාගේ එකම පුතුණුවන් විය. ඔහු සිංහාසානාරූඨ වූයේ එක් අවුරුදු වියැති වත්ම වන අතර සය මසකට වඩා අඩු කාලයක් රාජ්‍ය පරිපාලනය කලේය. ඔහුගේ රාජ්‍ය ධූර කාලයේදී, ලියාං වැන්දඹු අධිරාජණිය සහ ඇයගේ සොහොයුරු ලියාං ජී විසින් සියළු රාජ්‍ය කටයුතු වල නිරත වන ලදි. වැන්දඹු අධිරාජණිය විවෘත-මනසකින් යුතු අවංක අයෙකු වූ බවට ‍පෙනීයතත්, ඇයගේ දූෂිත සොහොයුරා පිළිබඳ ඇය විසින් වැඩි විශ්වාසයක් දැරීම නිසා, දූෂණ ඇති වී ඒ නිසාම ගැමියන් විශාල වශයෙන් පීඩාවට පත්වූහ.

145 වසරෙහිදී, චොං අධිරාජයා මියගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු තුනකට අඩු විය.

හන්හි චොං අධිරාජයා
උපත: 143 මරණය: 145
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හන්හි ෂුන් අධිරාජයා
චීනයේ අධිරාජයා
නැගෙනහිර හන්
144–145
ලියාං වැන්දඹු අධිරාජිනිය සමග (144–145)
අනුප්‍රාප්තික
හන්හි චි අධිරාජයා

සැකිල්ල:Han emperors

"https://si.wikipedia.org/w/index.php?title=හන්හි_චොං_අධිරාජයා&oldid=412696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි