හර්බට් එම්. සෙනෙවිරත්න
කප්පිතදේගිරි හර්බට් මෙන්ඩිස් සෙනෙවිරත්න (උපත 1925 ජූලි 25 - විපත 1987 ජුනි 7) හෙවත් හර්බට් එම්. සෙනෙවිරත්න, යනු ශ්‍රී ලංකා සිනමාවේ නළුවෙක්, ගේය පද රචකයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙකි.[1][2]
හර්බට් එම්. සෙනෙවිරත්න Herbert M. Seneviratne | |
---|---|
උපත | කප්පිතදේගිරි හර්බට් මෙන්ඩිස් සෙනෙවිරත්න 25 ජූලි 1925 |
මියගිය දිනය | 7 June 1987 කෝට්ටේ, කොළඹ | (වයස 61)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය මහාබෝධි විද්‍යාලය |
රැකියාව | චිත්‍රපට නළුවෙක්, ගීත රචකයෙක්, නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, පිටපත් රචකයෙක් |
සක්‍රීය වසර | 1945–1985 |
කලත්‍රයා(යන්) | ස්වර්ණ ලක්ෂ්මි |
දරුවන් | 1 |
පෞද්ගලික ජීවිතය
සංස්කරණයහර්බට් උපත ලැබුවේ 1925 ජූලි 25 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ල කහවේදීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ. ඔහුගේ වැඩිමහල් සොහොයුරා හර්බට් සමඟ නිරන්තරයෙන් සතුරු වූ බැවින් ඔහුගේ ළමා කාලය ප්රසන්න නොවීය. දිනක් ඔහු නිවසින් පැන ගොස් තම නැන්දණිය වූ එමිලි ගුණතිලකගේ සෙවණේ හැදී වැඩුණි.[3] බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට යන විට ක්‍රිකට් තරගාවලිවල පෙරමුණ ගත් ඔහු පසුව සිද්ධාර්ථ ඉංග්‍රීසි පාසලෙන් නොමිලේ ඉගෙනීමට ශිෂ්‍යත්වයක් ද ලබා ගත්තේය. ඊට පස්සේ කොළඹ නැන්දලාගේ ගෙදර හැදුණු වැඩුණු හර්බට් කොළඹ මහාබෝධි විද්‍යාලයට ඇතුළත් වුණා.[1]
වයස අවුරුදු අටේදී මහාබෝධි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී “යන්තම් බේරුණා” නාට්‍යයේ “පීරිස් මුදලාලි” චරිතය රඟපෑවේය. මේ අතර ඔහු සිංහල ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගය සමත් විය.[3]
ඔහු ස්වර්ණ ලක්ෂ්මි සමඟ විවාහ වූ අතර මෙම යුවළට චින්තන නමින් එක් පුතෙක් සිටියේය.[4]
ඔහු 1987 ජුනි 7 වන දින කෝට්ටේ හිදී වයස අවුරුදු 63 දී මිය ගියේය.[1]
වෘත්තීය ජීවිතය
සංස්කරණයමහාබෝධියේ ඉගෙනුම ලබමින් සිටියදී හර්බට් හට කලාවට ලැදි මිතුරෙකු වූ මාකස් පෙරේරා හමු විය. ඔහු ජනප්‍රිය ගායිකාවක් වන චිත්‍රා සෝමපාලගේ සහෝදරයා විය. ඔහු චිත්‍රාට ගීත ලියන්නට පටන් ගත්තේ අතරමගදීය. ඔහු විසින් රචනා කරන ලද පළමු ගීතය චිත්‍රා සහ පී.එල්.ඒ සෝමපාල විසින් ගායනා කරන ලද ‘‘ලලිත කල ඕප කරන’’ ගීතයයි.[1] මෙම කාලය තුළ ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත රචනා කරමින් සිටි ඔහුට පසුව එඩී ජයමාන්න හමුවිය. එඩී හරහා හර්බට් හට ජනප්‍රිය නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්ෂවරයකු වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න හමුවීමට අවස්ථාව ලැබුණි. 1951 දී ඔහු දකුණු ඉන්දියාවේ සිටාඩෙල් චිත්‍රාගාරයට ගොස් ජයමාන්නගේ උමතු විශ්වාසය චිත්‍රපටයේ ගීත 10ක් රචනා කළ අතර එයට "සිරියාවි මගේ", "ස්ත්‍රී ආලේ", "මගේ ප්‍රේම රාජා", "කොලොම්පුරේ ශ්‍රියා", "අම්මා මනමාලි ඔබේ" වැනි ජනප්‍රිය ගීත කිහිපයක් ඇතුළත් වේ.[3]
උමතු විශ්වාසය චිත්‍රපටයේ රුක්මණී දේවි ගේ පෙම්වතා වූ ‘පියසේන’ ගේ සුළු චරිතයක් රඟපාන්නත් ඔහුට අවස්ථාව ලැබුණා. 1951 වසරේ පටන් ඔහු සිය සීමිත සිනමා දිවියේ වසර 20ක කාලයක් රඟපෑවේය.[1] මේ කාලයේදී ඔහුට ‘කලා මන්දිරය’ නමින් නාට්‍ය සංගමයක් පිහිටුවා දස්කොන් නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළ උපාලි වනසිංහ හමුවිය. එම නාට්‍යයේ හර්බට් රඟපෑවේ ‘නරේන්ද්‍රසිංහ රජු’ ලෙසයි. හර්බට් පසුව ග්‍රැමෆෝන් තැටි සහ වෙළඳ දැන්වීම් සඳහා රුක්මණී දේවියට ගීත ගණනාවක් ලිවීය, ඒවාට ජනප්‍රිය ජනප්‍රිය "දුෂ්මන්ත අහෝ කිමදෝ", "සෝක දහරා", "ඇයිද ගියෙ මාව තනිකර" සහ "පෙම් සිහින මවනා" ඇතුළත් විය.[3][5]
ඔහු ලියූ චිත්‍රපට ගීත අතරින් කැලෑ හඳ චිත්‍රපටයට ඔහු ලියූ "මාවිල පැනිවි", "අන්න සුදෝ අර පාටවලා", "කෝ සැපතා මේ සංසාරේ" වැනි සියලුම ගීත අතිශයින් ජනප්‍රිය විය.[6] පසුව ඔහු රුක්මණී දේවි සමඟ දොස්තර (1956), සිරියලතා (1957) සහ දස්කොන් (1962) යන චිත්‍රපටවල රංගනයෙන් දායක විය. 1965 දී ඔහු ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් රචනා කරන ලද නවකතාව ඇසුරෙන් කිංග්ස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ලද හඳපාන චිත්‍රපටයේ "චාලි" සහ "සේන ගලපාත" නම් ද්විත්ව චරිත නිරූපණය කළේය. චිත්‍රපටයේ, ඔහු ජනප්‍රිය ගීත කිහිපයක් ද රචනා කළේය: "ආලෝකේ පතුරා", "පිදුරු සෙවිකළ පැල්පතේ", "ඔබ නැති මේ බිම පාලුයි අඳුරැයි" සහ "ඈත අහසේ නැගේ දිනිඳු පායා" මෙන්ම චිත්‍රපටය නිෂ්පාදනය කළේය.[3]
1956 වසරේ දොස්තර චිත්‍රපටයේ "හෝ පෙම් රජා", "පෙම් සාගරේ ගිලිලා", "වාසනාවන්ත කලා ලැබ", "ජීවිතේ මා පලු වේ යයි" සහ "බලාපල්ලා මේ මූණේ හැටි" යන ගීත රචනා කළා මෙන්ම සහායක භූමිකාවක් ද ඉටු කළේය.[1] රිටිගල සිරිමාන්න 1957 වසරේ තිරගත වූ ‘සිරියලතා’ චිත්‍රපටයේ රුක්මණී දේවි සමඟ ඇගේ පෙම්වතාගේ චරිතයට පණ පෙවූ අතර චිත්‍රපටයේ සියලුම ගීත ලිව්වා. ඔහු 1968 වසරේ තිරගත වූ සේපාලි චිත්‍රපටිය සඳහා "මේ සෞම්‍ය රාත්‍රී ගෙවිලා යති" ගීතය ලීවේය. ඉන්පසුව 1965 වසරේ තිරගත වූ හිතට හිත චිත්‍රපටයට “චන්ද්‍රයා පාය එනවා ප්‍රියා” ජනප්‍රිය ගීතය සහ 1965 වසරේ තිරගත වූ සත පනහ චිත්‍රපටයට “වනමලට ආසාවේ” ගීතය ලීවේය.[7] 1970 දී, හර්බට් සෙනෙහස චිත්‍රපටයේ හමුදා කපිතාන්වරයෙකු ලෙස රඟපෑ අතර, පසුව ඔහු 1970 සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. ඔහු මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයා ද විය.[3]
ඔහු පසුව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙකක් සඳහා තිර රචනය ලියා ඇත: එනම් 1981 දී "රන් එතන" සහ 1982 දී "සිටු දියනිය" ලෙසය. ඔහු මෙම චිත්‍රපට දෙක සඳහා රංගනයෙන් හා ගීත රචනා කළේය.[3]
References
සංස්කරණය- ^ a b c d e f "Herbert M. Seneviratne". Sarasaviya. සම්ප්‍රවේශය 2020-01-04.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "Lyric writers meet again". Daily News. සම්ප්‍රවේශය 2020-01-04.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ a b c d e f g "Songwriter actor who passed away 30 years ago: Herbert". Sarasaviya. සම්ප්‍රවේශය 2020-01-04.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ සංරක්ෂිත පිටපත, https://www.itntv.lk/2018/08/17/nomiyena-sihinaya-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%BB%E0%B7%91-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F-%E0%B6%86%E0%B7%80%E0%B7%8F-he/, ප්‍රතිෂ්ඨාපනය 2022-01-15
- ^ "Timeless nightingale". Daily News. සම්ප්‍රවේශය 2020-01-04.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "A story told by W.A. Silva then". sathmadala. සම්ප්‍රවේශය 2020-01-04.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "All about the film "Satha Panaha"". Sarasaviya. සම්ප්‍රවේශය 2020-01-04.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help)
External links
සංස්කරණය- හර්බට් එම්. සෙනෙවිරත්න සඳහා IMDb හි ඇති තොරතුරු