සෝල්බරි ආණ්ඩුක්‍රමය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
බ්‍රිතාන්‍ය යුගය
කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං
මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි

පැරණි ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පත්වූ ඇමති මණ්ඩලය විසින් 1943 දී සකස්කළ සංදේශ සඳහා සුළු ජාතීන් දැඩි විරෝදය පළකරමින් කියා සිටියේ අදහස් දැක්වීමේ අවස්ථාව තමන්ට ද ලබාදෙන ලෙසයි. එහි ප්‍රතිඑලයක් වශයෙන් 1944 දී ලංකාවේ සියලුම සුළු ජාතීන් සහ සියලුම පක්ෂ වල අදහස් විමසීම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් කොමිසමක් පත්කර එවන ලදී. නමුත් මෙම කොමිසම සඳහා එකල මෙරට සිටි අමාත්‍ය මණ්ඩලය විරුද්ධත්වය ප්‍රකාශ කළහ. මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි දීම සිංහල නායකයින් සහ අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිෂේප කරන ලදී. කෙසේ වෙතත් එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති වූ ඩී.එස්. සේනානායක මහතා පෞද්ගලිකව යම් කරුණු පිලිබඳ සාකච්ජා කරන ලදී. මේ සමගම සුළු ජාතීහු බොහෝ දෙනෙක් මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්හ.

කොමිසම

සංස්කරණය

එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයේ ඇමතිවරයෙකු වූ සෝල්බරි සාමි ගේ ප්‍රධානත්වයෙන් සර් ෆෙඩ්රික් රීස් සහ සර් ෆෙඩ්රික් රෝස් ගෙන් සමන්විත කමිටුවකි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

සංස්කරණය

මුළු නියෝජිත මණ්ඩලය මන්ත්‍රීවරු 101 දෙනෙකුගෙන් සමන්විත වූ අතර 95 දෙනෙකුම ජන්ද කොට්ටාශ අනුව ද 6 දෙනෙකු සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා ද පත් කරන ලදී. මෙකල මුළු ආසන ප්‍රමාණය 89 ක් වූ අතර ඉන් ආසන 5 ක් ම බහු මන්ත්‍රී ආසන ලෙස නම්කර තිබීම විශේෂත්වයකි. මෙයට හේතුව විවිධ කුල සහ ජාතීන් නියෝජනය කිරීම සඳහා බොහෝ ජනතාවක් ඇති ආසන තිබීමයි.

  1. මැද කොළඹ - මන්ත්‍රී වරු තිදෙනෙකු (සිංහල/ දෙමල සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන්)
  2. බදුල්ල සහ බලන්ගොඩ - මන්ත්‍රීවරු දෙදෙනෙකු බැගින් (සිංහල සහ ඉන්දියානු දෙමල)
  3. කඩුගන්නාව සහ අම්බලන්ගොඩ - මන්ත්‍රීවරු දෙදෙනෙකු බැගින් (විවිධ කුල නියෝජනය සඳහා)

මේ අතර සුළු ජාතීන් සඳහා පත්කළ මන්ත්‍රී වරු හයදෙනා අගමැති තුමාගේ උපදෙස් පරිදි ආණ්ඩුකාර තුමා විසින් පත් කරන ලදී. එකල දේශීය කටයුතු සම්බන්ධව පුර්ණ බලතල නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට හිමි විය. මුදල්, අධිකරණ සහ රාජ්‍ය සේවාවන් පිලිබඳ බලතල ද එම මණ්ඩලයම සතු විය. මේ අතර ආරක්ෂක සහ විදේශ කටයුතු පිලිබඳ බලතල තවදුරටත් ආණ්ඩුකාරවරයා සතු විය.

ජන්ද කොට්ඨාශ වෙන්කිරීමේදී සීමාවන් වුයේ වර්ග සැතපුම් 1000 හෝ ජනගහනය 75000 යන දෙකෙන් එකකට අනුව වෙන්කළ යුතු බවය. 1947 ට පෙර එම ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නම් පක්ෂ ක්‍රමයක් අවශ්‍ය වූ බව ආණ්ඩුකාරතුමා තීරණය කල බැවින් එක්සත් ජාතික පක්ෂය බිහිවිය.

මේ වනවිට ලංකා සම සමාජ පක්ෂය, කොමිනියුස්ට් පක්ෂය සහ ද්‍රවිඩ සංගමය, පක්ෂ වශයෙන් බිහිවී තිබිණි.

කොමිනියුස්ට් පක්ෂය - 1943 දී සම සමාජ පක්ෂයෙන් කැඩී දොස්තර වික්‍රමසිංහ, ඇම්.ජී. මැන්දිස් සහ බ්‍රිතාන්‍ය ජාතික පීටර් කෙනමන් සමග පිහිටුවනු ලැබීය

එක්සත් ජාතික පක්ෂය - ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් පිහිටුවනු ලැබීය.

උත්තර මන්ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව)

සංස්කරණය

එකල පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන මණ්ඩල දෙකින් සැදිණි. සෙනෙට් මණ්ඩලය , උත්තර මන්ත්‍රී මණ්ඩලය ලෙසද හැඳින්වූ අතර එය මන්ත්‍රී වරු 30 දෙනෙකුගෙන් සමන්විත විය. මෙයින් 15 දෙනෙකු, අගමැති තුමාගේ උපදෙස් පරිදි ආණ්ඩුකාරවරයා විසින් පත් කල අතර ඉතිරි 15 දෙනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පත් කරන ලදී. සෙනෙට් සභිකයෙකු වීම සඳහා විවිධ අංශ වල දැනුම ඇති විද්වතුන් පමණක් පත් කරන ලදී. මෙයට හේතුව ව්‍යවස්ථා සම්පාදනයේදී උපදෙස් ලබාගැනීම සඳහායි. මුදල් පනත පිලිබඳ කිසිදු අයිතියක් මොවුන් හට නොතිබිණි.

සෙනෙට් සභිකයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම්:

  1. වයස අවුරුදු 35 සම්පුර්ණ කල යුතුය.
  2. නීතිය, බැංකු, වෛද්‍ය, ඉංජිනේරු, වෙළඳාම, කර්මාන්ත , කෘෂිකර්මය යනාදී අංශ වලදී නිපුනත්වයක් ලබාතිබීම

1935 දී බුරුමයට හදුන්වාදී තිබූ සෙනෙට් මණ්ඩලය ආදර්ශයට ගනිමින් මෙරටට මෙම සෙනෙට් මණ්ඩලය හදුන්වාදී තිබේ..

කැබිනට් මණ්ඩලය

සංස්කරණය

1947 දී කැබිනට් මණ්ඩලය පිහිටුවනු ලැබූ අතර මුදල්, නීති සහ රාජ්‍ය කටයුතු ඔවුන් සතු විය. එහි සියලුම නියෝජිතයන් දේශීය ඇමතිවරු වූ අතර ආරක්ෂක සහ විදේශ කටයුතු පිලිබඳ කටයුතු ඔවුන් හට ලබා නොදී තව දුරටත් ආණ්ඩුකාර තුමා යටතේ පවත්වා ගන්නා ලදී. මෙම කැබිනට් මණ්ඩලයේ නායකත්වය ලැබුනේ අගමැති තුමාටයි. මෙහි ඇමතිවරුන් හට තම අදහස් පෞද්ගලිකව ප්‍රකාශ කිරීමේ අයිතියක් නොතිබුන අතර සියලුදෙනා ම සාමුහිකව පාර්ලිමේන්තුවට වග කියමින් අදහස් ප්‍රකාශ කලයුතුය.

අග්‍රාණ්ඩුකාරතුමා

සංස්කරණය

සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාණ්ඩුකාරතුමාගේ බලතල සීමා සහිත විය. නමුත් 1947 දී පුර්ණ ස්වරාජ තත්වයක් ලංකාවට ලබා නොදී ආරක්ෂක සහ විදේශ කටයුතු පිලිබඳ වගකීම තව දුරටත් ඔහු සතු විය. කැබිනට් මණ්ඩලයේ නායකත්වය අගමැති තුමා යටතට පත්වූ නිසා අග්‍රාණ්ඩුකාරතුමා ට අගමැති තුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට සිදු විය.එ නිසා මෙම තනතුර නාමමාත්‍ර විධයක තනතුරක් බවට පත් විය. එවකට ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මන්ක් මේසන් මුවර් මෙරට ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා විය.

පරිශීලන

සංස්කරණය

නන්ද රණවීර, විසිවන ශත වර්ෂයේ මෙරට ආණ්ඩු ක්‍රමය (1900-1994), එම්.ඩී. ගුණසේන සහ සමාගම 1995, ISBN 955-21-0714-8

බාහිර සබැඳි

සංස්කරණය
  1. http://www.priu.gov.lk/Cons/1978Constitution/ConstitutionalReforms.htm
  2. http://www.facebook.com/pages/Soulbury-Constitution/135358156497996
"https://si.wikipedia.org/w/index.php?title=සෝල්බරි_ආණ්ඩුක්‍රමය&oldid=630050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි