සොරබොර වැව
සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි.[1] අතීතයේදී මෙම වැව බින්තැන්නේ මූද ලෙස හඳුන්වා ඇත.[2]
සොරබොර වැව | |
---|---|
ස්ථානය | මහියංගනය |
ඛණ්ඩාංක | 7°21′38.9″N 81°00′21.9″E / 7.360806°N 81.006083°Eඛණ්ඩාංක: 7°21′38.9″N 81°00′21.9″E / 7.360806°N 81.006083°E |
වර්ගය | කෘෂිකර්මාන්ත ජලාශය |
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) | ශ්‍රී ලංකාව |
පෘෂ්ඨ ක්ෂේත්රඵලය | වර්ග කිලෝමීටර 4.5 |
දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ.[3] වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබේ.[4] මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.[5]
තාක්ෂණික විස්තර
වැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 150 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 දම්වැල් 32.5 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 3 දම්වැල් 20 ක් වේ.[6]
මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ මහතාට අනුව සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 10700 ක පමණ ව්න අතර ධාරිතාවය ඝන මීටර් මිලියන 21 ක් ද කුඹුරු අක්‌කර 1270 ක් පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.[7]
මේවාද බලන්න
මූලාශ්‍ර
- ^ "හිඩ්න් බියුටි ඔෆ් සොරබොර වැව". www.nation.lk. 1 ජූනි 2008. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
- ^ "සොරබොර වැව". www.srisalike.com. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
- ^ "සොරබොර වැව විත් අ යුනික් නැචුරල් ස්ටෝන් ස්ලූස් – සොරබොර වැව". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
- ^ "රෙස්ටොරේෂන් ඔෆ් මහියංගන ස්තූප බිගින්ස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 7 සැප්තැම්බර් 2008. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
- ^ "හිඩ්න් බියුටි ඔෆ් සොරබොර වැව". www.srilankatravelnotes.com. අගෝස්තු 2013. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
- ^ ඒ. කේ. බී. උඩුගම්පළ. "බුලතාගේ සොරබොර වැව". MAHAMEGHA.
- ^ මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ. "සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්කළේ". දිවයින. සම්ප්‍රවේශය 2019-04-22.