සුධා චන්ද්‍රන් (උපත 27 සැප්තැම්බර් 1965) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය ප්‍රවීණ භරතනාට්‍යම් නර්තන ශිල්පිණියක ද වේ. 1981 ජූනි මස සිය දෙමාපියන් සමග මදුරාසියේ සිට පැමිණෙමින් සිටිය දී තමිල් නාඩුවේ තිරුචිරපල්ලි අසල දී සිදුවූ මාර්ග අනතුරක් හේතුවෙන් ආසාදනය වීමෙන් පසු ඇගේ පාදයක් ඉවත් කිරීමට සිදු විය.[4] කෙසේනමුත්, නර්තනය අත්නොහළ ඇය දිගටම නර්තනයේ නියැළුණු අතර, පසුව ප්‍රවීණ භරතනාට්‍යම් ගුරුවරියක බවට පත්වීමට ඇයට හැකි විය. මීට අමතරව චන්ද්‍රන් ඇය විසින් නිරූපණය කළ කාහින් කිසී රෝස්හි රමෝලා සිකන්ද් චරිතය, නාගින්හි යාමිනී චරිතය, දෙයිවම් තාණ්ඩ වීඩුහි චිත්‍රදේවී චරිතය සහ හම් පාන්ච්හි (දෙවන කථාවාරයේ) ආනන්ද්ගේ බිරියගේ චරිත හේතුවෙන් ජනප්‍රිය වූවා ය. මින් දෙයිවම් තාණ්ඩ වීඩු යනු සාත් නිභානා සාතියා හින්දි කතාමාලාවේ දෙමළ ප්‍රතිනිර්මාණයයි.

සුධා චන්ද්‍රන්
සුධා චන්ද්‍රන් 2016 කලර්ස් වාර්ෂික සාදයේ දී
උපත
සුධා චන්ද්‍රන්

27 සැප්තැම්බර් 1965 (1965-09-27) (වයස 58)[1][2]
කලත්‍රයා(යන්)රවි දන්ග් (වි. 1994)[3]

මුල්කාලීන සහ පෞද්ගලික දිවිය සංස්කරණය

චන්ද්‍රන් උපත ලැබූයේ මුම්බායිහි දෙමළ පවුලකට දාව ය.[5] ඇය වරක් Nettv4uහි සම්මුඛ සාක්ච්ඡාවක දී පැවසූයේ, ඇය කුඩා කල ඉපිද හැදී වැඩුණේ මුම්බායිහි නමුත්, ඇගේ ස්වදේශික ප්‍රදේශය වන්නේ තමිල් නාඩු දිස්ත්‍රික්කයේ තිරුචිරපල්ලිහි වායලූර් බවයි. ඇගේ මුත්තණුමිත්තණියන් කේරළයේ පාලක්කඩ් ප්‍රදේශය වෙත සංක්‍රමණය වූ සිව්වැනි පරම්පරාව විය. ඇගේ පියා USIS හි සේවය කළ අතර, ඔහු හිටපු නළුවකු ද විය. චන්ද්‍රන් ඇගේ B.A. උපාධිය මුම්බායිහි මිථිබායි කොලීජියෙන් ලබාගත් අතර, අනතුරුව ඇය ආර්ථික විද්‍යා M.A. උපාධියක් ලබාගැනීමට ද සමත් වූවා ය.[6]

1981 මැයි මස, තමිල් නාඩුවේ සංචාරයක නිරතවෙමින් සිටිය දී චන්ද්‍රන් අනතුරට ලක්වූ අතර, ඇගේ පාදවලට හානි සිදු විය. ඇයගේ තුවාල සඳහා මූලික වෛද්‍ය ප්‍රතිකාර ප්‍රාදේශීය රෝහලකින් ලබාගත් අතර, පසුව මදුරාසියේ විජයා රෝහල වෙත ඇතුළත් කෙරිණි. ඇගේ දකුණු පාදයේ ආසාදනයක් හටගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් ආනරවණය කර ගැනීමත් සමග ඇගේ පාදය කපා දැමීමට අවශ්‍ය විය.[7] චන්ද්‍රන් පවසා ඇත්තේ මෙම කාල‍ය ඇගේ දිවියේ දුෂ්කරම කාලසීමාව වූ බවයි. කෙසේනමුත්, ඇය කෘත්‍රිම ජායිපුර් පාදයක් සම්බන්ධ කොටගෙන සිය ආබාධිතතාව ජයගත්තා ය.[8] වසර දෙකක නිහැඬයාවකින් පසු, ඇය යළි නර්තනයට පිවිසි අතර යුරෝපය, කැනඩාව සහ මැද පෙරදිග යන රටවල ඇය සිය නර්තන ප්‍රසංග පවත්වන ලදී. ඇගේ චරිතාපදානය වයස අවුරුදු 8-11 අතර පාසල් ළමුන්ගේ විෂය මාලාවට ද ඇතුළත් කොට ඇත.[9]

1994දී චන්ද්‍රන් සහාය අධ්‍යක්ෂකවරයකු වූ රවි දන්ග් සමග විවාහ වූවා ය.[3] බෙයාරලිහි, ඉන්වර්ටිස් විශ්වවිද්‍යාලය විසින් ඇයට ගෞරව ආචාර්ය පදවියක් පිරිනමන ලදී.

වෘත්තිය සංස්කරණය

චන්ද්‍රන් සිය රංගන වෘත්තිය ඇරඹූයේ මයුරි නැමැති තෙලිඟු චිත්‍රපටය ඔස්සේ ය. මෙම චිත්‍රපටය ඇගේම දිවිය අලලා නිර්මාණය වූවකි. පසුව මෙම චිත්‍රපටය දෙමළ සහ මලයාලම් භාෂාවලට හඬකවන ලදී. මෙම චිත්‍රපටය හින්දි බසින් නාචේ මායුරි යන නාමයෙන් ප්‍රතිනිර්මාණය වූ අතර, චන්ද්‍රන් විසින් එහි ඇගේ චරිතය යළි නිරූපණය කරන ලදී. එහි ඇය සමග ශේඛර් සුමන්, අරුණා ඉරානි සහ දීනා පතක් යන අය ප්‍රධාන චරිත නිරූපණය කළහ. මයුරි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1986දී ඇයට ජාතික චිත්‍රපට උළෙලේ දී ජූරියේ විශේෂ සම්මානය හිමි විය.

රූපවාහිනී තිරයේ චන්ද්‍රන්ගේ සුවිශේෂී වැඩසටහන් ලෙස කාහින් කිසී රෝස් සහ කේ ස්ට්‍රීට් පාලි හිල් හැඳින්විය හැක. 2007දී ඇය ජලක් දිඛ්ලා ජා 2 නැමැති රියැලිටි නර්තන වැඩසටහනේ තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය. 2015 රූපවාහිනී කතාමාලාවක් වූ නාගින් තුළ යාමිනීගේ චරිතය ද නිරූපණය කළේ ඇය විසිනි.

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය/දායකත්වය නාළිකාව භාෂාව
1990 දශකය බහුරාණියාන් - ඩීඩී මෙට්‍රෝ හින්දි
1990 දශකය හමාරි බාහු තුල්සි තුල්සි ඩීඩී නැෂනල් හින්දි
1990 දශකය සාත් සාත් - ඩීඩී මෙට්‍රෝ හින්දි
1994–96 චන්ද්‍රකාන්ත| ස්තායවතී (ශිවදූත්ගේ මව) ඩීඩී නැෂනල් හින්දි
1997 ජානේ භි දෝ පාරෝ - ඩීඩී මෙට්‍රෝ හින්දි
1997 කභි ඉධාර් කභි උධාර් ප්‍රියා සිංහා හෝම් ටීවී හින්දි
1998–99 චෂ්මේ බද්දූර් - සී ටීවී හින්දි
1999 අන්තරාල් - ඩීඩී නැෂනල් හින්දි
2000–08 ක්‍යුන්කි සාස් භි කභි බාහු තී විනිසුරු රේණුකා චෞධරි / ACP රාගිනී සූර්යවංශි ස්ටාර් ප්ලස් හින්දි
2001 කේසේ කහූන් - සී ටීවී හින්දි
2001–04 කාහින් කිසී රෝස් රමෝලා සිකන්ද්/රතන් කා දාදා ස්ටාර් ප්ලස් හින්දි
2003 තාර්කප්පු කලෛ තීරතා අප්පා සන් ටීවී දෙමළ
2003–05 තුම් බින් ජාඌන් කහාන් ගුරුමා සී ටීවී හින්දි
2004–06 තුම්හාරි දිශා දිශාගේ මව සී ටීවී හින්දි
2004–06 කේ. ස්ට්‍රීට් පාලි හිල් ගයාත්‍රි කොවුල් ස්ටාර් ප්ලස් හින්දි
2005–06 හම් පාන්ච් (වාරය 2) ආනන්ද්ගේ පළමු බිරිය සී ටීවී හින්දි
2006 ජෙයම් පද්මා ජයා ටීවී දෙමළ
2006–08 සොල්හා සින්ගාර් රාජේශ්වරී දේවී සහරා වන් හින්දි
2006–09 කාෂ්මකාඛ් සින්දගි කි රාජලක්ෂ්මී ඩීඩී නැෂනල් හින්දි
2007 ජලක් දිඛ්ලා ජා 2 තරගකාරිණිය සෝනි ටීවී හින්දි
2007–08 කුච් ඊස් තාරා මල්ලිකා නන්දා සෝනි ටීවී හින්දි
2007–08 ක්‍යා දිල් මේන් හේ රාජේශ්වරී දේවී 9X හින්දි
2009 අරසි 'මදුරෛ' තිලකාවතී සන් ටීවී දෙමළ
2007–09 කස්තුරි මාසි ස්ටාර් ප්ලස් හින්දි
2008 තක තිමි තා ඇය ලෙසම ජයා ටීවී දෙමළ
2008–09 කලාසම් චන්ද්‍රමතී සන් ටීවී දෙමළ
2008–11 මාතා කි චෞකි මහා ‍ශ්වේතා දේවී සහරා වන් හින්දි
2008-2009 කාතපරයුම් කාව්‍යාංජලි රාජලක්ෂ්මි සූර්යා ටීවී මලයාලම්
2009 Super Dancer විනිසුරු අම්රිතා ටීවී මලයාලම්
2009 Super Dancer Junior විනිසුරු අම්රිතා ටීවී මලයාලම්
2012–13 තෙන්ඩ්‍රල් භුවනා සන් ටීවී දෙමළ
2010-11 පොණ්ඩාට්ටි තේවෛ රාජලක්ෂ්මි සන් ටීවී දෙමළ
2010-11 Super Dancer Junior 2 විනිසුරු අම්රිතා ටීවී මලයාලම්
2010–11 සෞන්දරවල්ලි අකිලන්දේශ්වරී ජයා ටීවී දෙමළ
2011 අදාලත් ඉන්ද්‍රාණි (පැමිණිලි නීතිඥවරිය) සෝනි ටීවී හින්දි
2011–12 Super Dancer Junior 4 විනිසුරු අම්රිතා ටීවී මලයාලම්
2011–12 දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? ව්‍යාස් මහත්මිය ලයිෆ් ඕකේ හින්දි
2012 ජල්ලෝශ් සුවර්ණයුගච විනිසුරු ඊටීවී මරාථි මරාථි
2012 ජිල්මිල් සිතාරොන් කා ආන්ගන් හෝගා කල්‍යාණි දේවී රායිචන්ද් සහරා වන් හින්දි
2013 ආර්ද්‍රම් සුධා පිල්ලෛ ඒෂියානෙට් මලයාලම්
2013 Munch Stars විනිසුරු ඒෂියානෙට් මලයාලම්
2013 ඒක් තී නායිකා උමා බිස්වාස් ලයිෆ් ඕකේ හින්දි
2013-2015 ‍දෙයිවම් තන්ද වීඩු චිත්‍රා දේවී ස්ටාර් විජේ දෙමළ
2014 කේසා යේ ඉෂ්ක්‍ හේ... ආජබ් සා රිස්ක් හේ ලොහාරි ලයිෆ් ඕකේ හින්දි
2014 හාර් මුෂ්කිල් කා හල් අක්බර් ඕර් බිර්බාල් භාවනි බිග් මැජික් හින්දි
2014 ශාස්ත්‍රි සිස්ටර්ස් බුවාජි කලර්ස් ටීවී හින්දි
2015 Celebrity Kitchen ආ‍රාධිත අමුත්තකු පුදියතලෛමුරෛ ටීවී දෙමළ
2015 උග්‍රම් උජ්වාලම් වාරය 1 විනිසුරු මළාවිල් මනෝරමා මලයාලම්
2015-16 සොල්වතෙල්ලම් උන්මෛ වැඩසටහන් මෙහෙයවන්නිය සී ටැමිල් දෙමළ
2015–17 නාගින් යාමිනී/අන්කි කා දාදා වියාකොම් 18 හින්දි
2016-17 ඩාන්ස් ජෝඩි ඩාන්ස් විනිසුරු සී ටැමිල් දෙමළ
2016 Laughing Villa ආරාධිතයා කථාංගය 34 සූර්යා ටීවී මලයාලම්
2017 මලයාලි වීට්ටම්මා විනිසුරු ෆ්ලවර්ස් ටීවී මලයාලම්
2017 Komedy Circus අමුත්තා මළවිල් මනෝරමා මලයාලම්

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2016 Sisters සුධා මරාඨි නිෂ්පාදනය වෙමින් පවතී
2013 අමීරින් ආධි භගවාන් ඉන්ද්‍රා සුන්දරමූර්ති දෙමළ
2013 Cleopatra මලයාලම්
2011 වෙංගෛ තමන්නාගේ මව දෙමළ
2010 Alexander the Great ගයාත්‍රි දේවී මලයාලම්
2008 සත්‍යම් සත්‍යම්ගේ මව දෙමළ
2008 ප්‍රණාලි අකා
2006 ෂාදි කර්කේ ෆාස් ගයා යාර් වෛද්‍යවරිය හින්දි
2006 මලමාල් වීක්ලි තාකුරයින් හින්දි
2004 Smile Please තුල්සි හින්දි
2000 තුනේ මේරා දිල් ලේ ලියා රාණි (වීරුගේ පෙම්වතිය) හින්දි
1999 හම් ආප්කේ දිල් මේන් රහ්තේ හේන් මංජු හින්දි
1999 මා බාප් නේ භුල්සෝ නහී ෂාර්දා ගුජරාති
1995 මිලාන් ජයා
1995 රඝුවීර් ආර්ති වර්මා
1994 අන්ජාම් ශිවානිගේ සොයුරිය හින්දි
1994 දාල්දු චොරායු ධීරේ ධීරේ
1994 බාලි උමාර් කෝ සලාම්
1993 ෆූලන් හසිනා රාම්කාලි
1992 නිශ්චේ ජූලී හින්දි
1992 නිශ්චේ
1992 ඉන්තේහා ප්‍යාර් කි ටානියාගේ විවාහ උත්සවයේ නර්තන ශිල්පිණිය හින්දි
1992 ක්වේඩ් මේන් හේ බුල්බුල් ජූලී
1992 ෂෝලා ඕර් ෂබ්නම් කරන්ගේ සොයුරිය හින්දි
1992 ඉන්සාෆ් කි දේවි සීතා එස්. ප්‍රකාශ් හින්දි
1991 කුර්බාන් පෘථිවිගේ සොයුරිය හින්දි
1991 ජාන් පෙචාන් හේමා
1991 ජීනෙ කි සාසා ශීතල්
1990 රාජ්නර්තකි චන්ද්‍රිමා බෙංගාලි
1990 තානේඩාර් ජග්දිෂ් චන්ද්‍රා මහත්මිය හින්දි
1990 පති පර්මේශ්වර් හින්දි
1988 ඕලාවිනා ආසාරේ කන්නඩ
1988 තංග කලාසම් දෙමළ
1987 කාලම් මාරි කාත මාරි අරිෆා මලයාලම්
1987 ඉවල් ඔරු පෞර්ණමි දෙමළ
1987 චින්න තම්බි පෙරිය තම්බි දෙමළ
1987 චින්න පූවේ මෙල්ල පේසු ශාන්ති දෙමළ
1986 මලරුම් කිලියුම් රේඛා මලයාලම්
1986 ධර්මම් දෙමළ
1986 වසන්ත රාගම් දෙමළ
1986 නම්බිනාර් කේඩුවතිල්ලෛ දෙමළ
1986 සර්වම් ශක්තිමායම් සිවකාමී දෙමළ
1986 නාචේ මයුරි මයුරි හින්දි
1984 මයුරි මයුරි තෙලිඟු

සම්මාන සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Sudha Chandran Herself". Indiatimes. සම්ප්‍රවේශය 23 September 2016.
  2. Madon, Vimala (7 March 2016). "Women's Day special – against all odds". Gulf News. 8 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 June 2016.
  3. 3.0 3.1 Farook, Farhana (21 November 2007). "I view the accident as a blessing: Sudha Chandran". DNA. සම්ප්‍රවේශය 16 June 2016.
  4. "Sudha Chandran's story about her accident will leave you inspired". The Times of India. 18 January 2016. සම්ප්‍රවේශය 16 June 2016.
  5. Never-say-die attitude: BACK ON THE BIG SCREEN – Sudha Chandran The Hindu. 22 February 2010. Retrieved
  6. Swaminathan, Rajeshwari (27 July 2015). "Her Friends Stood by Her". The New Indian Express. Chennai. සම්ප්‍රවේශය 17 June 2016.
  7. Amarnath K. Menon (9 December 2013). "Mayuri: A profile in courage". සම්ප්‍රවේශය 4 February 2015.
  8. Patel, Priyanka J (9 December 2011). "I choose to fight in my life: Sudha Chandran – The Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-06-17.
  9. "Inspiration for world" (Malayalam බසින්). සම්ප්‍රවේශය 13 December 2013. {{cite web}}: |archive-date= requires |archive-url= (help)CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=සුධා_චන්ද්‍රන්&oldid=605869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි