සූ චි ජාතික පාසල

(සුචි ජාතික පාසල වෙතින් යළි-යොමු කරන ලදි)

සූ චි ජාතික පාසැල යනු දැනට ශ්‍රි ලංකාවේ හම්බන්තොට පිහිටා ඇති හොඳ පාසලකි. මෙය නිර්මාණය කරන ලද්දේ තායිවාන සංවිධානයක් වන සූ චි පදනම විසිනි. මෙම පාසැල සැලසුම් කර ඇත්තේ සිසුන් 920 දෙනෙකු සඳහාය. පාසැලෙහි ගොඩනැගිලි සමන්විත වී ඇත්තේ සාමාන්‍ය පංති කාමර 23 කින්, පුස්තකාලයකින්, සහ පරිගණක, සංගීතය, කලාව, සහ විද්‍යාව යන දෙයට වෙන්වූ විශේෂ-කාර්ය කාමර නවයකිනි. මීට අමතරව, රැස්වීම් ශාලාවක් ලෙසින් හෝ පැසි පන්දු ක්‍රීඩාගාරයක් ලෙසින් හෝ භාවිතා කිරීමට තරම් විශාල, වර්ග අඩි 7120 ක ප්‍රමාණයේ ක්‍රීඩාගාරයක් එය සතු වෙයි. ක්‍රීඩාගාරයෙහි නව ආලෝකකරණ පද්ධතියේ පිහිටෙන් දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද එය භාවිතා කිරීමට හැකිවෙයි.

සූ චි ජාතික පාසල
පිහිටීම
හම්බන්තොට, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය ජාතික පාසල
අනුබැඳිය බෞද්ධ
"https://si.wikipedia.org/w/index.php?title=සූ_චි_ජාතික_පාසල&oldid=597004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි