සුක දේවාලය
සුක දේවාලය යනු යනු අත්හැර දමා ඇති දේවාලයකි. මෙම දේවාලය සප්තරථ සඳහා පුදකොට ඇති අතර, උපර ජංඝ කොටසේ දික්පාලයන්ගේ ස්ත්‍රී රූ නිරූපණය කොට ඇත. මෙම දේවාලය ඔරිස්සාවේ දේවාල නිර්මාණකරණයේ පරිණත අවධියක ඉදිවූ බැව් පෙනේ.[1][2]
සුක දේවාලය | |
---|---|
ଶୁକ ଶାରୀ ମନ୍ଦିର | |
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°Eඛණ්ඩාංක: 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ලිංගරාජ |
දිස්ත්‍රික්කය | ඛෝර්දා |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 22 m (72 ft) |
පිහිටීම
සංස්කරණයසුක දේවාලය පිහිටියේ භුබනේස්වර්හි පැරණි නගරයේ උත්තරදරාජා බාඩු ෂාහි ප්‍රදේශයේ සංකරානන්ද වීථියේ ය.[3] මෙය බින්දුසාගර් ජලාශයේ දකුණු ඉවුරේ සිට මීටර 50.00ක් දුරින් පිහිටා ඇත. දේවාලය බටහිරට මුහුණලා පිහිටා ඇත. මෙම දේවාලය වර්තමානයේ භාවිතයට නොගැනුණ ද, දේවාලයේ පිටත බිත්තිවල ඇති ප්‍රතිමා නිර්මාණ අනුව යෝජනා වී ඇත්තේ මෙම දේවාලය මුලින් ශිව දෙවියන්ට කැපකළ දෙවොලක් බවයි. මෙම දේවාලය ගෘහනිර්මාණ සහ ප්‍රතිමා ලක්ෂණ අතින් දියුණු ස්වභාවයක් පන්නුම් කළ ද, එය අත්හැර දමා ඇත. දේවාලය වර්තමාන පොළොව මට්ටමින් මීටර 1.80ක් පහළින් පිහිටා ඇත.
මෙම දේවාලයට මීටර 50ක් දුරින් නැගෙනහිරින් භාබානිසංකර දේවාලය පිහිටා ඇත. උතුරින් සාරි දෙවොලත්, දකුණින් නිවාස ගොඩනැගිලි ද දක්නට හැක.
වැදගත්කම
සංස්කරණයමෙම දේවාලය ක්‍රිව. 13වන සියවසේ දී ගංග පාලන සමයේ ඉදිවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය රේඛා දියොල් ස්ථල ක්‍රමයෙන් යුක්ත ය. මෙම දේවාලය ඔරිස්සා ගොඩනැගිලි සම්ප්‍රදායේ දියුණු අවධියක ඉදිව ඇති බව පෙනේ.
ගෘහනිර්මාණ ශිල්පය
සංස්කරණයමෙම දේවාලය බටහිරට මුහුණලා ඉදිකොට ඇත. සැකැස්ම අතින් මෙම දේවාලයේ විමානයක් සහ නවීකරණය කළ ද්වාර මණ්ඩපයක් දැකගත හැක. විමානය සප්තරථ ආකාරයේ එකක් වන අතර, එහි මධ්‍ය රාහයක් සහ අනුරාහ, අනුරථ සහ කණිකා පාග යන අංග පිරිවරා ඇත. වර්ග මීටර 5.80ක භූමියක පැතිරි විමානය අසල මීටර 0.90ක් දිගැති ඉදිරි ද්වාර මණ්ඩපයක් ඇත. රේඛා සම්ප්‍රදායයෙන් යුත් විමානයේ පහළ සිට ඉහළට උස මීටර 11කි. කොටස් පහකින් යුත් බාදාවේ උස 3.50කි. පභාගයේ පාදම මීටර 0.87ක් උසැති අතර, එහි බොරදම් පහක් වේ. එම බොරදම් ඛුර, කුම්භ, පට, කනි සහ බසන්ත ලෙස වේ. තල ජංඝ සහ උපර ජංඝ යන කොටස් මීටර 0.72 බැගින් වන අතර, ඒ සෑම එකක්ම බොරදම් තුනක් සහිත මීටර 0.32ක බන්දනාවකින් යුක්ත වේ. ගන්දි සහ මස්තක යන අංග පිළිවෙලින් මීටර 5.00 සහ මීටර 2.50 පරිදි වේ.
රාහ නිකේතන සහ පාර්ශ්ව දේවතා
සංස්කරණයපරිණත අවධියේ දර්ශීය දේවාලයක මෙන් මෙහි ද රාහ නිකේතන, තල ජංඝ නම් කොටසේ පැති තුනක ද්කනට ලැබේ. මේවා වර්තමානයේ හිස්ව පවතියි. මෙම හිස් නිකේතනයක මිනුම් උස මීටර 0.90 x පළල මීටර 0.45 සහ ගැඹුර මීටර 0.23 පරිදි වේ.
ශ්‍රේණිය (A/B/C)
සංස්කරණය- වාස්තු විද්‍යා: A
- ඓතිහාසික: C
- සංවිධානික: C
- සමාජ/සංස්කෘතික: C
තර්ජන සහ සංරක්ෂණය
සංස්කරණයඋපරිව්යූහයේ සහ එහි අවට ශාක වැඩෙමින් පවතියි. මෙම සංස්කෘතික උරුමය සහජන වැසිකිලියක් බවට පත්ව තිබීම හේතුවේන නරඹන්නන්ගේ ආකර්ෂණය ගිලිහී ඇත. ප්‍රදේශයේ වැසියන් අතර මේ පිළිබඳ අවබෝධය පුළුල් කළ යුතුව ඇත. යාබද නිවාසවල සහ සාරි දියුල්හි තාප්ප මෙය වටකොට ඇත.
X සහ XI මූල්‍ය කොමිසමේ ප්‍රදානයන් අනුව ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම දේවාලය පිළිසකර කොට ඇත.
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ http://ignca.nic.in/asi_reports/orkhurda171.pdf
- ^ http://ignca.nic.in/asp/all.asp?projectid=orkhr1710001
- ^ Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)