සිල්ලා හි ජින්සොං

සිල්ලාවේ රැජින (865-897)

සිල්ලා හි ජින්සොං (865–897 පමණ) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියෙහි පනස් එක්වන පාලකයා ය.[1] ඇය සොන්දොක් සහ ජින්දොක් රැජිනියන්ට පසුව සිල්ලාව පාලනය කළ තෙවන සහ අවසාන රැජිනිය ලෙස සැළකේ. ඇගේ රාජ්‍ය සමය එක්සත් සිල්ලාවේ අවසානය සනිටුහන් කළ අතර, එය පසුකාලීන තුන් රාජධානි යුගයෙහි ආරම්භය ද වේ.

සිල්ලා හි ජින්සොං
හංගුල්진성여왕
හන්ජා眞聖女王
ප්‍රතිශෝධිත රෝමානුකරණයJinseong yeowang
මැකූන්–‍රයිෂවර්Chinsŏng yŏwang
උපන් නාමය
හංගුල්김만, එසේම 김원
හන්ජා金曼, එසේම 金垣
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Man, එසේම Gim Won
මැකූන්–‍රයිෂවර්Kim Man, එසේම Kim Wŏn
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොන්ගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935

ජින්සොං යනු ග්‍යොංමුන් රජු සහ මුනුයි රැජිනගේ දියණියයි. හොන්ගං සහ ජොංගං රජවරුන්ගේ නැගණිය වූ මැය රාජ්‍යත්වයට පත්වූයේ සිය සොහොයුරන් දෙදෙනාම දරුවන් නොමැතිව මියයාම නිසායි. සොන්දොක් සහ ජින්දොක් රැජිනියන්ගේ සාර්ථක රාජ්‍ය සමයයන් සිහිගන්වමින් ඇය රාජ්‍යත්වයට පත්වුවද, මැය එම රැජිනියන් මෙන් සාර්ථක වූයේ නැත.

රාජ්‍ය සමය

සංස්කරණය

ජින්සොංගේ රාජ්‍ය සමය පිළිබඳ සම්ගුක් සගි තුළ සඳහන් වන්නේ එය දූෂිත පාලන සමයයක් බවත්, මෙකල අල්ලස් ලබාගැනීම බහුලව දක්නට ලැබුණු බවත් ආකර්ෂණීය පුරුෂයන් මාලිගාවට ගෙන්වා නොයෙකුත් දුරාචාරී ක්‍රියාවන් සිදුවූ බවත් ය. එසේම ඇය සහ ඉහළ සෙන්පතියකු (ගක්ගන්) වූ විහොං සමඟ සම්බන්ධයක් පැවති බවත් සඳහන් ය. සම්ගුක් සගි ග්‍රන්ථය කොන්ෆියුසියානුවාදීන් විසින් රචනා කරන ලද්දක් බැවින් ස්ත්‍රියක රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ පසුගාමී ආකල්ප ඔවුන් තුළ පවතින්නට ඇත. මෙම නිසා එම තොරතුරු සත්‍ය යැයි සිතීම අපහසු ය.

නමුත්, චෝයි චිවොන්ගේ වාර්තාවල සඳහන් වන්නේ ඇය කරුණාවන්ත හදවතක් සහිත තෘෂ්ණා රහිත පාලිකාවක වූ බවයි.

ඇගේ රාජ්‍ය සමය තුළ ජනයා නොසන්සුන් වූ අතර, බදු තවදුරටත් අය කළ නොහැකි විය. හමුදාවට සෙබළුන් බඳවා ගැනීම ද අසාර්ථක වූයේ ය. මෙම අභ්‍යන්තර ආකූලත්වයෙහි වාසිය ගත් වයඹදිග යං ගිල් සහ නිරිතදිග ග්යොන් හ්වොන් කැරැලි ඇතිකොට තමන්ගේම රාජධානි පිහිටුවූහ.

895 දී, ජින්සොං රැජින විසින් හොන්ගංගේ නීත්‍යානුකූල නොවන පුත්‍රයා වූ කිම් ‍යෝව කිරුළ හිමි කුමරුන් ලෙස නම්කරන ලදී. 897 ජූලි 4 දින ඇය සිහසුන අත්හැරි අතර, 897 දෙසැම්බර් 31 වන දින ඇය මරණයට පත් විය. ඇගේ දේහය ග්‍යොංජුහි සජාසා විහාරස්ථානයට උතුරින් භූමිදානය කරන ලදී.

ඇයගේ නියෝගයක් පරිදි හ්යංගා කෘතිවල පළමුවැන්න වූ සම්දේමොක් නිර්මාණය කෙරිණි.

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Lee Bae-yong, Women in Korean History, Ewha Womans University Press, 2008, pp. 145-147, ISBN 978-8-973-00772-1.
සිල්ලා හි ජින්සොං
උපත: ආ. 865 මරණය: 897
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ජොංගං
සිල්ලාවේ රැජින
සිල්ලා
887–897
අනුප්‍රාප්තික
හ්යෝගොං
ග්යොන් හ්වොන්
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලා_හි_ජින්සොං&oldid=474231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි