සිල්ලා හි ග්යොංමුන්

සිල්ලාවේ රජ

සිල්ලා හි ග්යොංමුන් (841–875) (රාජ්‍ය. 861–875) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 48වන පාලකයායි.[1] ඔහු හුයිගං රජුගේ මුණුපුරා වූ අතර, කිම් ග්යේ-මියොං නම් ඉචන්වරයාගේ පුත්‍රයා ද වේ. ඔහුගේ මව සින්මු රජුගේ දියණිය වූ ග්වංහ්වා ආර්යාවයි. ග්යොංමුන් විවාහ වූයේ හෝනන් රජුගේ දියණිය වූ මුනුයි රැජින සමඟයි.

සිල්ලා හි ග්යොංමුන්
හංගුල්경문왕
හන්ජා景文王
ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeongmun wang
මැකූන්–‍රයිෂවර්Kyŏngmun wang
උපන් නාමය
හංගුල්김응렴
හන්ජා金膺廉 or 金凝廉
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Eung-ryeom
මැකූන්–‍රයිෂවර්Kim Ŭng-ryŏm
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොන්ගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935

ග්‍යොංමුන් රාජ්‍ය සමයේ දී රාජ්‍යයේ අභ්‍යන්තර අසහනකාරීභාවය තීව්‍ර වූ අතර කැරැලි ද ගණනාවක් ඇති විය. ඔහු රාජ්‍යය ශක්තිමත් කිරීමට ප්‍රයත්න දැරූ නමුත් ඒවා අසාර්ථක විය. රාජ්‍යය පුරා දුර්භීක්ෂ ද ඇති විය. 869 දී, ඔහු සිය කිරුළ හිමි කුමරුන්ව (පසුකාලීනව හොන්ගං රජ වූ) තාං චීනය වෙත පිටත් කර හැරියේ කිම් යුන් සමඟ ය.

සම්ගුක් ‍යුසා ග්‍රන්ථය තුළ සඳහන් වන්නේ ග්‍යොංමුන් අවුරුදු 18 දී හ්වාරංවරයකු වූ බවයි.[2]

මොහුගේ දියණිය වූ, ජින්සොං, පසුකාලීනව සිල්ලාවේ 51වන පාලකයා බවට පත්වූ අතර, 887 දී රාජ්‍යත්වයට පත් ඇය කොරියාවේ තෙවන මෙන්ම අවසන් රාජ්‍ය පාලනය කළ රැජිනිය ලෙස සැලකේ.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 104. Silk Pagoda (2006). ISBN 1-59654-348-5
  2. Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 104. Silk Pagoda (2006). ISBN 1-59654-348-5
සිල්ලා හි ග්යොංමුන්
උපත: 841 මරණය: 875
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හෝනන්
සිල්ලාවේ රජ
සිල්ලා
861–875
අනුප්‍රාප්තික
හොන්ගං
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලා_හි_ග්යොංමුන්&oldid=474253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි