සිද්ධාර්ත් නිගම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නව යොවුන් නළුවකු වන අතර ඔහු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී ක්ෂේත්‍රයෙහි රංගනයේ නියැළෙයි. ඔහු ජනයා අතර ජනප්‍රිය වූයේ ධූම් 3 (2013) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිත සහ ඓතිහාසික නාට්‍ය රූපවාහිනී කතාමාලාවක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් කතාමාලාවේ අශෝක අධිරාජයාගේ ළමා විය නිරූපණය කිරීම හේතුවෙනි.[1]

සිද්ධාර්ත් නිගම් පුතා
නිගම් 2016 කලර්ස්හි වාර්ෂික උත්සවයක දී
උපත13 සැප්තැම්බර් 2000
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, ජිම්නාස්ටික් ශිල්පියකු
සක්‍රීය වසර2011 – වර්තමානය

දිවිය සහ වෘත්තිය සංස්කරණය

නිගම් උපත ලැබූයේ 2000දී වන අතර, ඔහු උපත ලබා හැදී වැඩුණේ උත්තර් ප්‍රදේශ්හි අලහබාදයේ ය.[2][3] ඔහු සිය දසව ශ්‍රේණියේ අධ්‍යාපනය ඛේල්ගාඔන් මහජන පාසලේ දී සම්පූර්ණ කළේ ය. එම පාසලේ දී ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවෙහි ද නිරත වූයේ ය.[2] පසුව ඔහු අලහබාද් සිට මුම්බායි වෙත පදිංචියට පිටත් විය.[3] පූනේහි 58වන ජාතික පාසල් ක්‍රීඩා ‍උළෙලේ දී නිගම් සමාන්තර දඬු ඉසව්වේ දී රන් පදක්කමත්, උස් දඬු ඉසව්වේ දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය.[4] ඔහුට වැඩිමහල් සොහොයුරකු ද වේ. ඔහුගේ මව විසින් රාජ්‍ය නොවන සංවිධානයක් සහ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.[5][6]

නිගම් සිය වෘත්තිය ආරම්භ කළේ ජිම්නාස්ටික් ශිල්පියකු ලෙසයි. එහි දී ඔහුව ජාතික මට්ටමේ ජිම්නාස්ටික් තරග සඳහා තේරීපත් වූ අතර, ඔහු රන් පදක්කමක් ද හිමි කරගෙන තිබේ.[7] අනතුරුව 2011දී රංගන දිවිය ආරම්භ කරමින් ඔහු බෝර්න්විටා වෙළඳ දැන්වීමකට පෙනී සිටියා ය.[7] මෙම වෙළඳ දැන්වීමෙහි ඔහුගේ රංගන ප්‍රතිභාව දුටු චිත්‍රපට නිෂ්පාදකයෝ ඔහුව ධූම් 3 චිත්‍රපටයට දායක කරගත්හ. මෙහි දී ඔහු‍ව යොදාගැනුණේ ආමිර් ඛාන්ගේ චරිතයේ ලාබාල විය නිරූපණය සඳහා ය.[8] මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ විජේ ක්‍රිෂ්ණා ආචාර්ය විසිනි. 2013 දෙසැම්බර් 20 දින මෙම චිත්‍රපටය මුදාහැරිණි.[9] බොලිවුඩ් හුංගාමා නැමැති රසවින්දන ද්වාරයේ තරන් ආදර්ශ් සිය විචාරයෙහි සඳහන් කොට ඇත්තේ, "සිද්ධාර්ත් නිගම්හට ඇත්තේ නැරඹිය යුතුම දක්ෂතාවයකි. ඔහු විශිෂ්ටයි!" යනුවෙනි.[10] ඉන්ඩියා ටුඩේ පුවත්පත වෙනුවෙන් සුහානි සිං පවසා ඇත්තේ, "ඔහු තමන්ගේ ස්ව ධෛර්යයයෙන් යුතු ප්‍රතිභාව සහ මනහර විලාසය මගින් තිරය ඒකාලෝක කරයි."[11]

මෙම චිත්‍රපටයෙන් ලද සාර්ථක ප්‍රවේශයත් සමග, ඔහු පුංචි තිරයේ රංගනයට ද පිවිසියේ ය. ඔහු විසින් මිත්‍යාමය රූපවාහිනී මාලා නාට්‍යයක් වන මහා කුම්භ්: ඒක් රහාසයා, ඒක් කහානි කතාමාලවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය. එහි දී ඔහු සුවිශේෂී බලයයන්ගෙන් යුතු රුද්‍රාගේ ළමා විය නිරූපණය කරන ලදී.[12] 2014 දෙසැම්බර් 15 දින මෙම කතාමාලාව ලයිෆ් ඕකේ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ විය.[13][14]

2015 පෙබරවාරි මස නිගම් විසින් චක්‍රවර්තින් අශෝක සම්රත් නැමැති ඓතිහාසික මාලා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලදී. මෙහි දී ඔහු සමග සමීර් ධර්මාධිකාරි, පල්ලවී සුභාෂ්, ම‍නෝජ් ජෝෂි, සුමිත් කොවුල්, අංකිතා ෂර්මා සහ තුනීෂා ෂර්මා යන නළු නිළියන් රංගනයෙන් දායක වූහ. මෙහි දී නිගම් විසින් අශෝක අධිරාජයාගේ ලාබාල විය නිරූපණය කරන ලදී.[15][16] මෙම කතාමාලාව තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඔහු විචාරක පැසසුමට පාත්‍ර විය. එසේම හොඳම ආධුනික නළුවා සඳහා සී ස්වර්ණ සම්මානය, වඩාත් ජේත්තුකාර ආධුනිකයා සඳහා ටෙලිවිෂන් ස්ටයිල් සම්මානය[17] ලයන්ස් ස්වර්ණ සම්මාන හා ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙවල්හි දී හොඳම ළමා නළුවා, දේශ් කි ලාඩ්ලා සඳහා 2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් මේ සඳහා ඔහුට හිමි විය.[18][19] 2016 දී ප්‍රියතම ළමා නළුවා සඳහා රන් පත් සම්මානය ද ඔහුට පිරිනැමිණි.

2015 පෙබරවාරි 15 දින, නිගම් K9 නිෂ්පාදන විකට/කථා මාලාවක් වන කොමඩි නයිට්ස් විත් කපිල් වැඩසටහනේ විශේෂ මහාශිවරාත්‍රී කථාංගය සඳහා විශේෂ අමුත්තකු ලෙස සහභාගී විය.[20]

නිර්මාණ දායකත්වය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය
චිත්‍රපට
2013 ධූම් 3 ලාබාල සාහිර් / සමාර්[lower-alpha 1]
රූපවාහිනී වැඩසටහන්
2014 මහා කුම්භ්: ඒක් රහාසයා, ඒක් කහානි ලාබාල රුද්‍ර
2015–16 චක්‍රවර්තින් අශෝක සම්රත් ලාබාල අශෝක අධිරාජයා/අග්‍රදූත්[lower-alpha 2]
2016 ජලක් දිඛ්ලා ජා 9 තරගකාරයකු
2017 පේෂ්වා බාජිරාඕ ලාබාල ශිවාජි (පසුබිම් නිරූපණය)[23]
2017 චන්ද්‍ර නන්දිනී ළමා බින්දුසාර (ප්‍රධාන)[24]

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය ප්‍රතිඵලය
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන වඩාත් බලාපොරොත්තු සහගත ළමා තරුව
(දේශ් කා ලාඩ්ලා)
චක්‍රවර්තින් අශෝක් සම්රත් දිනාගති[18][25]
2015 සී ස්වර්ණ සම්මාන හොඳම ආධුනික නළුවා චක්‍රවර්තින් අශෝක සම්රත් දිනාගති[19]
2015 ලයන්ස් ස්වර්ණ සම්මාන හොඳම ළමා නළුවා චක්‍රවර්තින් අශෝක සම්රත් දිනාගති[26]
2015 ටෙලිවිෂන් ස්ටයිල් අවෝඩ්ස් වඩාත් ජේත්තුකාර ආධුනිකයා චක්‍රවර්තින් අශෝක සම්රත් දිනාගති[17]
2015 ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම ළමා නළුවා චක්‍රවර්තින් අශෝක සම්රත් දිනාගති[27]
2016 රන් පත් සම්මාන ප්‍රියතම ළමා නළුවා චක්‍රවර්තින් අශෝක සම්රත් දිනාගති[28]

සටහන් සංස්කරණය

පාදක සටහන් සංස්කරණය

  1. නිගම් විසින් මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණයක් සිදුකරන ලදී.[21]
  2. මෙහි නිගම් නිරූපණය කළේ තනි චරිතයකි. ඒ සඳහා වෙනස් නම් දෙකක් යොදාගෙන ඇත.[22]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Siddharth Nigam aka Ashoka finalised; Yuvika Chaudhary approached for Jhalak Dikhhla Jaa".
  2. 2.0 2.1 "Meet junior Aamir Khan of 'Dhoom 3'". The Indian Express. 2013-12-31. සම්ප්‍රවේශය 2015-10-16.
  3. 3.0 3.1 "Siddharth Nigam: I feel I resemble Emperor Ashoka". The Times of India. 2015-02-04. සම්ප්‍රවේශය 2015-10-16.
  4. Lipika Varma (13 October 2015). "An Olympic medal is all I want, says Siddharth Nigam". Deccan Chronicle. සම්ප්‍රවේශය 2015-10-16.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; olympic- medal-all-i-want නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. "Television stars share their special Mother's Day messages". Deccan Chronicle. 2015-05-09. සම්ප්‍රවේශය 2015-10-16.
  7. 7.0 7.1 Lakshmi, K. (18 October 2015). "No sabhas? Well, there is always television". The Hindu. සම්ප්‍රවේශය 29 October 2015.
  8. Varma, Lipika (11 October 2015). "An Olympic medalis all I want: Siddharth Nigam". The Asian Age. සම්ප්‍රවේශය 29 October 2015.
  9. Subhash K Jha (27 December 2013). "Meet the young Aamir Khan in Dhoom 3". Rediff.com. සම්ප්‍රවේශය 29 October 2015.
  10. Adarsh, Taran (20 December 2013). "Dhoom 3". Bollywood Hungama. සම්ප්‍රවේශය 29 October 2015.
  11. Singh, Suhani (20 December 2013). "Movie review: Dhoom 3 on par with Hollywood's action flicks". India Today. සම්ප්‍රවේශය 29 October 2015.
  12. "Lost & found". The Tribune (Chandigarh). 2014-12-15. සම්ප්‍රවේශය 2015-10-16.
  13. Natasha Coutinho (2014-11-25). "Young Siddharth Nigam is fearless". Deccan Chronicle. සම්ප්‍රවේශය 2015-10-16.
  14. ""I am sure it will be a game-changer," says Gautam Rode about ' Maha Kumbh'". Deccan Chronicle. 2014-12-14. සම්ප්‍රවේශය 2015-10-16.
  15. "Siddharth Nigam, Sumit Kaul and Pallavi Subhash roped in for Ashoka". The Indian Express. 2014-12-19. සම්ප්‍රවේශය 2015-10-16.
  16. Srabanti Chakrabarti (1 March 2015). "Simulating regality". Deccan Herald. සම්ප්‍රවේශය 2015-10-16.
  17. 17.0 17.1 "Siddharth Nigam receives the 'Most Stylish Debut'". The Times of India. 2015-03-23. සම්ප්‍රවේශය 2015-10-16.
  18. 18.0 18.1 Prarthna Sarkar (2015-09-07). "ITA Awards 2015 Complete Winners List: Karan Patel, Shakti Arora, Radhika Madan, Anita Hassanandani and Others Win Big". International Business Times. සම්ප්‍රවේශය 2015-10-16.
  19. 19.0 19.1 Prarthna Sarkar (2015-06-22). "Zee Gold Awards 2015 Highlights, Complete Winners' List: 'Yeh Hai Mohabbatein' Bags Most Honours; Karan-Divyanka's Romance Steals the Show". International Business Times. සම්ප්‍රවේශය 2015-10-16.
  20. Anu James (2015-02-13). "'Comedy Nights with Kapil': Colors TV Celebs Grace Special Mahashivratri Episode". International Business Times. සම්ප්‍රවේශය 2015-10-16.
  21. "Twinkle twinkle little star". The Tribune (Chandigarh). 2015-06-03. සම්ප්‍රවේශය 2015-10-16.
  22. "Chakravartin Ashoka Samrat Serial Episode On Colors". The Times of India. සම්ප්‍රවේශය 30 October 2015.
  23. "Ashoka's Siddharth Nigam to now play young Chatrapati Shivaji". Hindustan Times. සම්ප්‍රවේශය 24 Nov 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  24. "Confirmed! After playing Samrat Ashok, Siddharth Nigam to play the emperor's father Bindusar in Chandra Nandini". Bollywood Life. 29 July 2017. සම්ප්‍රවේශය 29 July 2017.
  25. "The Indian Television Academy Awards 2015 winners". The Indian Television Academy Awards. 2015-09-06. සම්ප්‍රවේශය 2015-10-19.
  26. "22nd Lions Gold Awards: Naagin Adaa Khan, Mona Iqbal Bag Awards List Pic". filmibeat.com.
  27. "Indian Telly Awards 2015: Karan Patel, Kapil Sharma winners". Times of India.
  28. "Golden Petal Awards 2016 winners: Varun Kapoor, Helly Shah, Mouni Roy, Sudha Chandran take home trophies". International Business Times.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධාර්ත්_නිගම්&oldid=544568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි