සිඛී හෙවත් සික් ආගම 15 වන සියවසේ අගභාගයේදී ඉන්‍දියානු උප මහද්වීපීය කලාපය තුළ පංජාබ් ප්‍රාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වූව කි.[1][2][3][4][5][6] එය ප්‍රධාන ලොව ආගම්වල ළාබාලතම ආගමක් වන අතර ලෝකයේ පස්වන විශාලතම සංවිධානාත්මක ආගම වේ. [7]
21 වන සියවසේ මුල් භාගය වන විට සීඛ් ආගමිකයෝ, මිලියන 25 ක් පමණ වාසය කරති. .[8] සිඛ් දහම පදනම් වී ඇත්තේ ගුරු නානක් හෙවත් පළමු ගුරු (1469–1539) [9] සහ ඔහුගෙන් පසුව පැමිණි සීඛ් ගුරු නවදෙනාගේ අධ්‍යාත්මික ඉගැන්වීම් මත ය. දසවන ගුරු, ගුරු ගෝවින්‍ද් සිං, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ගුරු “ග්‍රන්ථ් සහීබ්”(සීඛ් ආගමික ග්‍රන්ථය) නම් කළ අතර, මනුෂ්‍ය ‘ගුරු’ වරුන්ගේ පෙළගැස්ම අවසන් කොට, සීක්වරුන්ට සදාකාලික, ආගමික අධ්‍යාත්මික මඟ පෙන්වීම ලෙස ශුද්ධ ලියවිල්ල ස්ථාපිත කළේය.[10][11][12] “සත්‍ය, විශ්වාසය, ආත්ම දමනය සහ පාරිශුද්ධත්‍වය” සහිත “ක්‍රියාශීලී, නිර්මාණාත්මක හා ප්‍රායෝගික ජීවිතය”, ජීවභෞතික සහ පාරභෞතික සත්‍යයට වඩා ඉහළින් ඇති බවත්, පරමාදර්ශී මනුෂ්‍යයන් “දෙවියන් වහන්සේ සමග එක්‍වීම තහවුරු කරන අතර ඔහුගේ කැමැත්ත දන්නා බව”ත් ගුරු නානක්තුමන් ඉගැන්වීය.[13] [14] හයවන ‘සික් ගුරු’ වන ගුරු හර්-ගොබින්‍ද් විසින් “මිරි” (දේශපාලන / තාවකාලික) සහ “පිරි” (අධ්‍යාත්මික) යන අංග අන්‍යෝන්‍ය වශයෙන් සහජීවනය සඳහා ස්ථාපිත කරන ලදි.[14] ‘සීඛ් ධර්‍ම ග්‍රන්ථය’ ආරම්භ වන්නේ “මූල මන්ත්‍ර” (ਮੂਲ ਮੰਤਰ) සහ “ඉක් ඕම්කාර්” (ੴ, 'එක් දෙවිවරයෙක්') පිළිබඳ මූලික යාච්ඤාවෙනි. ගුරු ග්‍රන්ථ් සහීබ් හි දක්‍වා ඇති සීක් ආගමේ මූලික විශ්වාසයන් අතර “එක් නිර්මාණකරුවෙකුගේ නම” පිළිබඳ විශ්වාසය හා භාවනාව ඇතුළත් වේ. තව ද දිව්‍යමය එක්සත් ස්වභාවය සහ සියලු මනුෂ්‍ය වර්‍ගයාගේ සමානාත්මතාවය; “සේවා” (පරාර්‍ථකාමී සේවය) ලෙස ද සියලු දෙනාගේ යහපත හා සමෘද්ධිය සඳහා යුක්තිය උදෙසා උත්සාහ කිරීම ද නිවැසියෙකුගේ ජීවිතය ගත කරන අතරතුර අවංකව හැසිරීම සහ යහපත් ජීවනෝපාය ක්‍රම ද සීඛ් ධර්‍මයේ මූලික ඉගැන්වීම් වෙයි.[15][16][17] සික් දහම අවධාරණය කරන්නේ “සිම්‍රන්” (ਸਿਮਰਨ, දෙවියන් වහන්සේගේ වචන මෙනෙහි කිරීම) සහ එය කිර්තාන් හරහා හෝ අභ්‍යන්තරව “නාම් ජප්නා” (උන් වහන්සේගේ නාමය ගැන මෙනෙහි කිරීම) තුළින් දෙවියන් වහන්සේගේ පැමිණ සිටීම දැනෙන මාධ්‍යයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.
මෙම ආගම හින්‍දු හා ඉස්ලාමයෙන් හැරීම් ලබා ගනිමින් ‘ආගමික පීඩා’ කාලවලදී ආගම වර්‍ධනය වී පරිණාමය විය. සික් ගුරු වරුන් දෙදෙනෙකු වන ගුරු අර්ජාන් (1563-1605) සහ ගුරු තේඝ් බහදූර් (1621–1675) ඉස්ලාම් ආගම වැළඳ ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු “මෝගල් පාලකයින්” විසින් වධහිංසා පමුණුවනු ලැබීය. ‘සික්’වරුන්ට හිංසා පීඩා කිරීම ගුරු ගෝවින්‍ද් සිං විසින් හෘද සාක්‍ෂියේ හා ආගමික නිදහස ආරක්‍ෂා කිරීමේ නියෝගයක් ලෙස “ඛල්සා” ආරම්භ කිරීමට හේතු විය.

ගුරු නානක්තුමා සීඛ් ධර්‍මය සොයාගන්නා ලදි.

මූලාශ්‍රසංස්කරණය

https://en.wikipedia.org/wiki/Sikhism
https://pa.wikipedia.org/wiki/%E0%A8%B8%E0%A8%BF%E0%A9%B1%E0%A8%96%E0%A9%80

බැහැර පිටුසංස්කරණය

  1. Almasy, Steve. 2018 [2012]. "Who are Sikhs and what do they believe?" CNN International. US: Turner Broadcasting System.
  2. Nesbitt, Eleanor M. (2005). Sikhism: a very short introduction. Oxford University Press. pp. 21–23. ISBN 978-0-19-280601-7.
  3. Singh, Nirbhai (1990). Philosophy of Sikhism: Reality and Its Manifestations. Atlantic Publishers. pp. 1–3.
  4. Takhar, Opinderjit Kaur (2016). Sikh Identity: An Exploration of Groups Among Sikhs. Taylor & Francis. p. 147. ISBN 978-1-351-90010-2.
  5. "Religions: Sikhism". BBC. 2014.{{cite web}}: CS1 maint: url-status (link)
  6. Cole, William Owen; Piara Singh Sambhi (1993). Sikhism and Christianity: A Comparative Study (Themes in Comparative Religion). Wallingford, UK: Palgrave Macmillan. p. 117. ISBN 978-0333541074.
  7. https://edition.cnn.com/2012/08/05/us/religion-what-is-a-sikh/index.html
  8. McLeod, William Hewat. 2019 [1998]. "Sikhism". Encyclopædia Britannica. https://www.britannica.com/topic/Sikhism. ප්‍රතිෂ්ඨාපනය 7 August 2018. 
  9. Singh, Patwant (2000). The Sikhs. New York: Alfred A Knopf. p. 17. ISBN 0-375-40728-6.
  10. Fenech, Louis, and William Hewat McLeod (2014). Historical Dictionary of Sikhism (3rd ed.). Rowman & Littlefield. ISBN 978-1442236004. pp. 17, 84–5.
  11. James, William (2011). God's Plenty: Religious Diversity in Kingston. McGill–Queen's University Press. ISBN 978-0773538894. pp. 241–42.
  12. Mann, Gurinder Singh (2001). The Making of Sikh Scripture. US: Oxford University Press. pp. 21–25, 123–24. ISBN 978-0-19-513024-9.
  13. Marwaha, Sonali Bhatt (2006). Colors of Truth: Religion, Self and Emotions : Perspectives of Hinduism, Buddhism, Jainism, Zoroastrianism, Islam, Sikhism and Contemporary Psychology. Concept Publishing Company. pp. 205–206. ISBN 978-81-8069-268-0. {{cite book}}: Invalid |ref=harv (help)
  14. 14.0 14.1 Marty, Martin E. (1996). Fundamentalisms and the State: Remaking Polities, Economies, and Militance. University of Chicago Press. p. 278. ISBN 978-0-226-50884-9. {{cite book}}: Invalid |ref=harv (help)
  15. Kalsi, Sewa Singh. Sikhism. Philadelphia: Chelsea House. pp. 41–50.
  16. Cole, William Owen; Piara Singh Sambhi (1995). The Sikhs: Their Religious Beliefs and Practices. Sussex Academic Press. p. 200.
  17. Teece, Geoff (2004). Sikhism:Religion in focus. Black Rabbit Books. p. 4. ISBN 978-1-58340-469-0.
"https://si.wikipedia.org/w/index.php?title=සික්_ධර්මය&oldid=456149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි