සැකිලි සාකච්ඡාව:ආයුබෝවන්

Latest comment: වසර 12කට පෙර by බිඟුවා in topic මේක කැතයි නේද?

pls consider this temp also

preview සංස්කරණය

ආයුබෝවන්, ආයුබෝවන්!

ආයුබෝවන් ආයුබෝවන්, ඔබව සාදරයෙන් පිළිගනිමු!

අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!


code සංස්කරණය

{{පරිශීලක:Shameermbm/ආයුබෝවන්}}

මේක කැතයි නේද? සංස්කරණය

සිංහල විකියේ ලිපි තනන විට සිංහලෙන් මාතෘකා යෙදීමට කාරුණික වන්න
ලිපි තුල සබැඳි යොදා තවත් ලිපි වලට යොමු කරන්න
රූප, වගු ආදිය භාවිතා කරන්න
ලිපියෙහි මාතෘකාව දරන වෙනත් භාෂා ලිපි තිබේනම් අන්තර්-භාෂා සබැඳි යොදන්න
ලිපිය ප්‍රවර්ගීකරණය කරන්න -- බිඟුවා සාකච්ඡාව 06:00, 27 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

ලොක්කා! කැත මොකක්ද? අන්තර්ගතයද නැත්නම් පාට වැඩ කිඳ නැති කමද? --- අස්ලාන් තම්බි (talk) 13:34, 27 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
සුහදශීලී මදි වගේ නේද? අණකිරීමක් වගේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:22, 27 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
පහුගිය පසිඳුගේ වැඩේදී වගේ වැඩේ වෙනව නම් අණ කිරීමක් වුනත් කමත් නැහැ නේද? කාරුණිත වන්න කියලා අණකිරීමක් නම් බෑගෑපත් වෙමි කියල වත් කියන්න වෙයි. පහුගිය දවස්වල නව්‍යයෝ ඉංග්‍රීසි මාතෘකා දා ගෙන යද්දී මෙම අණකිරීමෙන් තමයි ජාම බේර ගත්තේ. (ඔය ගොල්ල මට වැඩ කරන්න දෙන්නෙත් නැහැ වැඩ කරන්නෙත් නැහැ. නිකං මෝඩ ටෝක දාන්න හපා. වැඩ තියෙනවා -- පසිඳු කිව්ව නම් එහෙමයි) --- අස්ලාන් තම්බි (talk) 14:31, 27 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
මම මේක ඉවත් කරනවා. අස්ලාන් ඔයාට තිබ්බේ මේ සැකිල්ල වෙනස් කරන්නේ නැතුව මේ ටික දාලා වෙනස් සැකිල්ලක් හදලා ඒක භාවිතා කරන්න. අපි මේක සම්මත විදියට තියාගනිමු. සම්මත් දේවල් වෙනස් කරනකොට එකපාරම වෙනස් කරන එක හොඳ වැඩක් නෙමෙයිනේ. මම මේ සැකිල්ල ආරක්ෂණය කරනවා. ආරක්ෂණය වෙනසක් කරන්න ඕනෑ නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 15:44, 27 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
සිංහල විකිය පැහැදිලි ලෙස දේශපාලනීකරණය වී ඇත. බිඟුවා පිළ හා අනෙක් පිළ ලෙසින්. පසිඳු කරන වෙනස් කම් අපි විකි ප්‍රජා විමසුම් කලත් එහෙමමයි. අපි වෙනස් කමක් කලාම ඒක බලහත්කාරයෙන් ගලවනවා. කොච්චර කිව්වත් පරිපාලකයෝ හැසිරෙන්නේ අපි වැඩ කරන තැන්වල පරිපාලන අංශ වල නිලධාරින් හැටියටමයි. මේක මට නම් හරිම හිරිකිතයි. මින් පසු ලිපියක් සංස්කරණය කරනවා මිසක් මේ කිසි දේකට හවුල් වෙන්නේ නැහැ. බෙරේ පැලෙන කං තල තල ඉන්න අන්තිමේදී නටපු තොවිලයක් නැති වෙයි. මේක මහ ජරා පිළිවෙලක්. පරිපාලකයන්ට ඕන වුනාම එක එක සැකිලි සම්මත කියලා කියනවා. දැන් ඔය පිළිගැනීමේ සැකිලි හැට හුටාමාරත් තියෙනවා. තඹරු එකක් භාවිතා කරනවා. කෙටි ඒවත් තියෙනවා. කෝ ඔය කියන සම්මතය. --- අස්ලාන් තම්බි (talk) 16:33, 27 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
අස්ලාන්, ඔයා කැමති නැතනම් කිසි දේකට හවුල් වෙන්නේ නැතුව ඉන්න. ඔයා එහෙම නොකලා කියලා විකිය විනාස වෙන්නේ නෑ. කවුරුහරි අදාල වැඩේ කරයි. මෙතන නිකන් ආරවුල් හදන්න එපා. පිළ් බෙදවන්න එපා. ඔයාට සමගියෙන් වැඩ කරන්න අමාරු බව මම දන්නවා. ලිපි සංස්කරණ වැඩ කරන්නකෝ. ඔය ඕනෑ තරම් තියෙන්නේ කරන්න වැඩ. විකි සම්මතය තමා මේ සැකිල්ල භාවිතා කරන එක. විකිපීඩියා:පිළිගැනීමේ_කමිටුව මෙතැන්ට ගිහින් ඒක බලන්න. අනික TW එක භාවිතා කරන්නෙත් මේ සැකිල්ල. තමන්ට ඕනෑ විදියට ගොඩාක් අය භාවිතා කරන සැකිලි වෙනස් කරන්න එපා. බොරුවට වාද කර කර ඡන්ද තිය තිය ඉන්නෙ නැතිව වෙනත් වැඩකට යොමු වෙන්න. ඔයාට ගැලපෙන්නේ එහෙම වැඩ කියලයි මට හිතෙන්නේ. කැමති එකක් කරන්න. නමුත් අනවශ්‍යය ගැටළු ඇති කරන්න එපා. ජය! -- බිඟුවා සාකච්ඡාව 03:24, 28 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Return to "ආයුබෝවන්" page.