තෝරාගත් ලිපිය
විකිපීඩියා:Today's featured article/Title
සියඹලා: සියඹලා ගසේ නිඡබිම ගැන පැහැදිලි සඳහනක් නොමැත. දකුණු ආසියාතික රටවල් අතරින් ප්‍රථමයෙන් සියඹලා ගස රෝපණය කරනු ලැබුවේ ඉන්දියාවේය. ඉන්දියාවට වෙළදාමේ පැමිණි අරාබිවරුන් විසින් ගෙන එන ලද සියඹලා ගස, හඳුනා ගෙන ඇත්තේ ක්‍රි.ව. 1928 දී ය.

පැරණි සේයා රූ

සතියේ වදන
කියමනක්

තවත් අළුත් රූපවාහිනී යන්ත්‍රයක් ඉල්ලනවා වෙනුවට සෑම ‍දෙනාම සාමය ඉල්ලා සිටියොත් සාමය නියත වශයෙන් ඇති වේවි. -- ජෝන් ලෙනන්


රසබර හරබර ලිපි...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවතකින් බිඳක්...

    Globe

    • නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (29) අලුයම 3.00ට පමණ ගින්න හ‍ට ගත් බවයි.
    • කොළඹ - තූත්තුකුඩිය අතර මගී ප්‍රවාහනයේ නිරත වූ ස්කොෂියා ප‍්‍රින්ස් නෞකාවේ (රූපයේ) ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ලංකා නැව් සංස්ථාවේ සභාපති ප්‍රසාද් ගල්හේන පැවසුවේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එහි ගමනා ගමන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
    • ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය 27 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණ.
    • අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන් වූ ධීවරයින් සේවිම සඳහා නාවික හමුදාව නෞකා තුනක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය පැවසීය.
    • අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ධීවරයින් 40 දෙනෙකු අතුරුදන්ව ඇතැයි, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. කේ.කේ. අතුකොරල මහත්මිය පවසන්නීය.
    • පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්ගේ නියමය පරිදී පොලීසිය විසින් සම්පාදිත වාර්තාවක් පරිදී 2009 සිට මෙම වසරේ නොවැම්බර් දක්වා පැහැරගෙනයෑම් 882 සිදුවී ඇත.
    • ගෑස් මිල ඉහළ යාමක් සිදුනොවන බව ශ්‍රී ලංකාවේ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
    • මෙම වර්ෂයේ ගත වූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22,244ක් වාර්තා වී ඇතැයි සොඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාව අංශය සඳහන් කළේය. එසේම ඩෙංගු මරණ 151ක් සිදුව තිබේ.
    • 2012 වසරේ ජුලි මාසය වන විට ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
    • දෙසැම්බර් 15 දින ඇරඹීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් නම් කොට ඇත. ටී. එම්. ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තරංග පරණවිතාණ, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, චානක වෙලගෙදර, දිල්හාර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අජන්ත මැන්දිස්, හා රංගන හේරත් මෙම ක්‍රීඩකයන් වෙති.