සාකච්ඡාව:සිලෝන්

Latest comment: වසර 13කට පෙර by Singhalawap in topic පිලිතුර

ලිපියෙහි පහත සාවද්‍ය කරුණු ඇත.

  • 1956 න් පසුව රටේ නම සිලෝන් වෙතින් ලංකාව බවට පත් වීම. - 1956 දී වූයේ රටේ රාජ්‍ය කාර්යාලයන්හී භාවිතා කල භාෂාව සිංහල පමණක් වීමය. එනමුදු 1948 සිට 1972 දක්වා රාජ්‍යය සඳහා සියළු රාජ්‍ය ලේඛන, කාසි, මුදල් නෝට්ටු ආදියෙහි භාවිත වූ නිල ලාංඡනයෙහි ඉංග්‍රීසියෙන් සිලෝන් ලෙසත් සිංහලයෙන් ලංකා ලෙසත් දෙමළෙන් ඉලංකෛ ලෙසත් පැහැදිලිව දැක්වේ.
  • සිලෝන් යන්න සිංහලේ යන වදන ඉංග්‍රීස් උරුවට යොදාගනුලැබූවක් විය. - හතරවන සියවසෙහි රෝමානු ඉතිහාසඥ ඇමියානස් මාර්සෙලිනස් විසින් අප දිවයිනෙහි වැසියන් හැඳින්වූයේ සෙරන්ඩිව්ස් ලෙසින් වූ අතර හයවන සියවසෙහි ග්‍රීක නාවික කොස්මස් ඉන්ඩිප්ලෙවුස්ටස් විසින් මෙම දිවයින හැඳින්වූයේ සෙයිලාන් දිව ලෙසිනි. මෙම සෙයිලාන් වෙතින් අනෙකුත් යුරෝපීය වදන් බිඳී පැමිණ ඇත: මේ අතර ලතින් සෙලාන්, පෘතුගීසි සෙයිලෝ, ස්පාඥ්ඥ සෙයිලාන්, ප්‍රංශ සෙලෝන්, ලන්දේසි ෂෙයිලාන්, හා ඉංග්‍රීසි සිලෝන් වෙති. --- චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 15:16, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

පිලිතුර සංස්කරණය

  • මුල් කරුණ සම්බද්දව ඔබගේ තර්කයේ පදනමක් ඇත. දෙපසටම තර්ක කිරීමට කරුණු ඇත. ඔබ නිවැරදියයි සිතනලෙස ලිපිය සැකසීමට දායකවන්න.
  • සිංහලේ යන්න විවිධ ජාතීන් තම උරුවට යොදාගනු ලැබීය. සෙයිලාන් , සෙලාන්, සෙලෝන්, ෂෙයිලාන්, හා සිලෝන් ආදී සියල්ල මෙයට නිදසුන්වේ. Singhalawap (talk) 16:45, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සිලෝන්&oldid=487043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සිලෝන්" page.