සාකච්ඡාව:රොකට් තාක්ෂණය

Latest comment: වසර 9කට පෙර by Mr. 1100100

මෙම ලිපිය "පද්මා පැඩිඩිලියන්" විසින් රචිත "මිනිසාගේ විශිෂ්ටතම සොයා ගැනීම්" කෘතිය (. ISBN 955-8441-10-4. {{cite book}}: Missing or empty |title= (help)) ආශ්‍රයෙන් සකසන ලද්දකි. Mr. 1100100 (Talk) 12:45, 26 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

ISBN Search හි විමසා බැලුවෙමි. ඔබ සපයා ඇති ISBN අංකය සාවද්‍ය එකකි. --- Shwetha (talk) 13:54, 26 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
මෙය ප්‍රමානවත් වේ යැයි සිතමි.
ගොනුව:955-8441-10-4.jpg
Mr. 1100100 (Talk) 14:45, 26 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
ලිපියෙහි ආශ්‍ර ලෙස දක්වා ඇත්තේ ඉංග්‍රීසි ලිපියෙහි සමහරක් ආශ්‍රයන්ය. කතුවරිය විසින්ද එම ආශ්‍රයන් ඇයගේ පොතෙහි දැක්වූවාද? අනෙක් අතට, කතුවරිය පිළිබඳ කිසිම සටහනක් ලිපියෙහි නැත. --- Shwetha (talk) 15:33, 26 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
en:Aerospace engineering ලිපියෙන් මෙයට අදාල ආශ්‍රයන්ය ලබා ගත්තේ ලිපියෙහි ගුණාත්මක බාවය වැඩි දියුණු කිරීමටයි. කතුවරිය ගැන ලිපියෙහි සදහන් කල යුතු බව මා දැන සිටියේ නැහැ, මා මීට පෙර කිසිදු ලිපියක එවැනි සටහනක් යොදා ඇති බව දැක නැහැ. එවැනි සටහනක් ඇති ලිපියක් උදාහරණයක් ලෙස පෙන්වුවොතින් මින් පසු එම ආකාරයට සටහනක් යොදන්නම්. Mr. 1100100 (Talk) 17:02, 26 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
ඉංග්‍රීසි ලිපියෙහි ආශ්‍රයන් දමා ඇත්තේ එම ආශ්‍රයන් දැමූ ස්ථානය අසල ලිපි කොටස සඳහා එම ආශ්‍රය විසින් උපකාර ලබා දී ඇති බැවිනි. එම ආශ්‍රයන්ම ඔබද භාවිතා කර ඇත්තේ සිංහල ලිපියෙහි සමහර තැන් වලදීද එම ආශ්‍රයන්හී කරුණු උපයෝගී කර ගත් නිසා විය යුතුයි. එනමුදු, ඔබ පවසන පරිදී ලිපිය සඳහා ප්‍රධාන ආශ්‍ර දායකත්වය සපයා ඇත්තේ ඊනියා ග්‍රන්ථය සහ ඊිනියා කතුවරිය වෙයි. එවිට, එම ග්‍රන්ථය උපයෝගී කරගත් ස්ථානයන්හී එම ආශ්‍රය සඳහන් කල යුතු වෙයි. මෙය සාමාන්‍ය ශිෂ්ඨ සම්ප්‍රදායය වෙයි. විශේෂ දෙයක් නොවේ. --- Shwetha (talk) 18:23, 26 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
හරි, දැනුවත් කරාට බොහොම ස්තූතියි. මීට පසු එසේ කරන්නම්. Mr. 1100100 (Talk) 05:49, 27 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
Return to "රොකට් තාක්ෂණය" page.