සාකච්ඡාව:කුෂ්ඨරාජගල

Latest comment: වසර 8කට පෙර by L Manju

මෙම ප්‍රතිමා‍වේ නිර්මාණ ලක්ෂණ අනුව ක්‍රි.ව. 6 -7 සියවස්වලට අයත් වන බව පැහැදිළි යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.--ෆාහිම් (talk) 06:31, 7 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

එම නිසා මෙම ප්‍රතිමාවට දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය දක්වා ඉතිහාසයක් තිබෙන කතාව වැරදියි.--ෆාහිම් (talk) 06:32, 7 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

ප්‍රථිමාව සම්බන්ධව දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය දක්වා ඉතිහාසයක් තිබෙන බැව් එහි ප්‍රකාශ නොවේ, ප්‍රථිමාව අයත් වැලිගම අග්‍රබෝධි විහාරයට එතරම් ඉතිහාසයක් තිබෙන බවයි කියන්නේ. --L Manju (talk) 06:42, 7 දෙසැම්බර් 2015 (යූටීසී)Reply
එතැන අපැහැදිලි ගතිය අඩුකරන්නම්--L Manju (talk) 06:43, 7 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

මෙම ප්‍රතිමාවටත් අග්‍රබෝධි විහාරයටත් සම්බන්‍ධයක් නැත. කුෂ්ඨරාජ ගල පිහිටා තිබෙන්නේ අග්‍රබෝධි විහාරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින්.--ෆාහිම් (talk) 06:54, 7 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

ඔබ නිවැරදිව ලිපිය කියවා නැති හැඩයි පෙනෙන්නේ. දුම්රිය මාර්ගය නිසා පුදබිම දෙකඩ වුනු බව ලිපියේ දක්වන්වා. මෙම වැලිගම අග්‍රබෝධි විහාරයත් වැලිගම පිහිටි කුෂ්ට රාජ ගලත් පුරාණයේ තිබුණේ එකම බිම් කඩකය. බ්‍රිතාන්‍ය යුගයේ දී සාදන ලද දුම්රිය මාර්ගය නිසා මෙම පුදබිම අද වනවිට දෙකඩ වී ඇත. ඒ නිසා මෙම පුදබිම එකක් ලෙසින් පුරාණ කාලයේ දී පැවති බව ඉතා පැහැදිලි කරුණකි. යන්න මූලාශ්‍රයේ දැක්වෙනවා.--L Manju (talk) 06:59, 7 දෙසැම්බර් 2015 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කුෂ්ඨරාජගල&oldid=354144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "කුෂ්ඨරාජගල" page.