සාකච්ඡාව:කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සාවද්‍ය මඩ ප්‍රචාර විකිපීඩියා තුල පවත්වා ගැනීමට අවසර ලබා දීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.
සංස්කරණයමෙම පිටුවේ අන්තර්ගතව පවතින තොරතුරු වලින් බහුතරය සාවද්‍ය තොරතුරු වේ. ඒවා සංස්කරණය කළද නැවත නැවත එම තොරතුරු එකතු කිරීම පිළිබඳව වගකිවයුත්තන් අවධානය යොමු කළ යුතුය. එසේ ම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ චරිතයට අපහාස වන පරිදි සටහන් කර ඇති එම අභූත චෝදනා සහ ඉතාමත් නින්දිත ආකාරයෙන් ඉදිරිපත් කර ඇති සමහර තොරතුරු විකිපීඩියාව තුල පළකිරීමට ඉඩ ලබා දීම දැඩිව හෙලා දැකිය යුතුය.
විකිපීඩියාව යනු අසංයම බ්ලොග් අඩවියක් නොවී නිවරදි තොරතුරු ලබා ගැනීමට හැකි අවකාශයක් කිරීමට ඇඩ්මින් වරුන්ගේ අවධානය යොමු වීම ඉතාමත් වැදගත් වේ. එසේ නොවුනහොත් සිංහල විකිපීඩියාව පෞද්ගලික අමනාපකම් කොන්තර පිරිමසාගැනීමට අවභාවිතා කරන ලද අවකාශයක් වීම වලක්වා ගත නොහැකි වනු ඇත.
This request for help from administrators has been answered. If you need more help or have additional questions, please replace the code {{admin help-helped}} on this page with {{admin help}}, or contact the responding user(s) directly on their own user talk page. |
Amilaupathissa (talk) 08:34, 10 ජූනි 2020 (යූටීසී)
- @Amilaupathissa: ඇඩ්මින් වරුන්ට විකිපීඩියාවට අයිතිවාසිකම් කිව නොහැක. මෙම කරුණ සම්බන්ධයෙන් සංවාදයක් අරඹන්න. එයින් එන ප්‍රජා තීරණය ඇඩ්මින් වරයෙකුට ක්‍රියාත්මක කළ හැක. --Lee (talk) 22:48, 10 ජූනි 2020 (යූටීසී)
නිර්ණාමික සංස්කරණයන් සහ විකිපීඩියාවේ ගුණාත්මක භාවය
සංස්කරණයථේරවාද බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ චරිතයට අපහාස වන අයුරින් නිර්ණාමිකව සිදුකරණ සංස්කරණයන් නිසා උන්වහන්සේගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුවෙම්න් පවතින බව පෙනේ. එවනි කාරණා සඳහා ඉඩ තැබීම තුලින් සිංහල විකිපීඩියා වල ගුණාත්මක භාවය අභියෝගයට ලක්වීම වලක්වා ගත නොහැකි වනු ඇත. එම නිසා නිර්ණාමිකව සිදුකරණ සංස්කරණයන් සඳහා විධිමත් වැඩපිළිවලක් අවශ්‍යව ඇත.
This request for help from administrators has been answered. If you need more help or have additional questions, please replace the code {{admin help-helped}} on this page with {{admin help}}, or contact the responding user(s) directly on their own user talk page. |
Amilaupathissa (talk) 09:07, 10 ජූනි 2020 (යූටීසී)
- නිර්නාමික පරිශීලකයන් හට සංස්කරණ හැකියාව වාරණය කරන ලදී. --Lee (talk) 22:48, 10 ජූනි 2020 (යූටීසී)
අනුනායක ධූරය පිළිබඳව
සංස්කරණයඅතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 2019 වර්ෂයේ පිරිනැමූ අනුනායක පදවිය මේ වන විට අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්නිශවයේ නිකායික සංඝ සභාවේ තීරණයක් මත ඉවත් කර ඇති අතර ඒ හේතුවෙන් ඒ ධුරය විකිපීඩියා පිටුවෙන් ඉවත් කරන්න.මේ වන විට නැවත ශ්‍රීමත් අනුනායක ධුරය ලබාදීමට සාකච්ඡා වන අතර එසේ නැවත ලබා දෙනතෙක් ඒ ධුරය පිළිබඳව සිංහල හා ඉංග්‍රීසි භාෂා ලිපි වල අඩංගු විස්තර ඉවත් කරන්න...VihirLak007(talk) KushanSL2419wiki (talk) 17:00, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)
- මේ පිලිබඳව සඳහ්න් වන වෙබ් අඩවියක් හෝ මූලාශ්‍රයක් තිබේද? VihirLak007 (talk) 17:05, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)
- බුද්ධ ශාසන අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියේ සියලු නිකාය හා පාර්ශව සදහා වන මහානායක,අනුනායක හිමිවරුන්ට අදාල විස්තර දක්වා තියෙනවා,නමුත් ඒවා නිරන්තර සංස්කරණය වන්නේ නෑ.එම විස්තර 2019 හෝ 2020 දී තමයි යොමුකර තිබෙන්නේ.එහි අනුනායක ධුරය පිළිබඳව සදහන්.නමුත් 2021 දී ඇති වූ ගැටලුවක් මත නැවත එම ධූරය ඉවත් කර තිබෙනවා.ඒ ඉවත් කිරීම පිළිබඳව යාවත්කාලීන වී නෑ.එම විස්තර තුල සදහන් සමහර මහානායක, අනුනායක හිමිවරු දැනටමත් අපවත් වී ඇති අතර නව පදවි ලද හිමිවරු ගැන සදහන් වන්නේ නැත.ධුරය අහෝසි කිරීම ගැන නම් කිසිම වෙබ් අඩවියක හෝ වෙනත් මූලාශ්‍රයක සදහන් නොවන්නේ එය නිකායික පෞද්ගලික තීරණයක් නිසා,ඔබට එය අමරපුර ශ්‍ර කලයාණිවංශ නිකායේ නිල වෙබ් අඩවියේ ඇති දුරකථන අංක මගින් තහවුරු කර ගන්න පුළුවන්.ඒ ධුරය විකිපීඩියා තුල තිබුනත් ඉවත්කරත් ලොකු ගැටලුවක් නෑ,නිවැරදි තොරතුරක් නිසයි දැනුවත් කලේ KushanSL2419wiki (talk) 17:34, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)