සාකච්ඡාව:කාලගුණ විද්‍යාව

Latest comment: වසර 9කට පෙර by Mr. 1100100

Shwetha අන්තර්ජාලයෙන් තොරතුරු මෙහි බාවිත කිරීමට නොහැකියැයි නීතියක් තිබෙන්නේ කොහෙද? අන්තර්ජාලයෙන් හැර වෙනත් තැනකින් මෙවැනි පිටුවකට තොරතුරු සොයාගන්නේ කෙසේද? -- Mr. 1100100 (Talk) 06:05, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

මෙය හිමිකම් පිළිබඳ ගැටළුවකි. ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකුගෙන් තවදුරටත් විස්තර විමසා බැලිය හැකියි. --- Shwetha (talk) 06:13, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
තොරතුරු ලබාගත්තේ ඔබ සාරංශයේ සපයා ඇති බ්ලොග් අඩවියෙන් නොව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙනි (http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=95&Itemid=112&lang=si). එහි තොරතුරු පොදු වසම් සම්පත් යටතට අයත් වේ. Mr. 1100100 (Talk) 06:16, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
රජයේ වෙබ් අඩිවි පොදු වසම සම්පත් ගොන්නට වැටේ යනqවෙන් රීතියක් නැත. එසේ කිරීමට රජයේ දෙපාර්තමේන්තුවකට නොහැක. එය රජයේ දේපල වන බැවිනි. --- Shwetha (talk) 06:20, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
රජයේ වෙබ් අඩවි වල පවතින්නේ පොදු වසම් සම්පත් යටතට අයත් තොරතුරුය. ඔබේ තර්කය අනුව එසේ වුවත් නැතත් එම තොරතුරු සෑමවිටම මහජනයාට විවෘත තොරතුරු වේ. එවැනි තොරතුරු විකිපීඩියාවේ බාවිතා කිරීමට සම්පූර්ණයෙන් අවසර ලබාදී ඇත. -- Mr. 1100100 (Talk) 06:34, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
ඔබ පවසන දේ සථ්‍ය බව ඔප්පු කල හැකි නම් මම සතුටින් එකඟ වෙමි. ශ්‍රී ලංකාවේ හිමිකම් නීතියක් තිබිය යුතුය. එය පාර්ලිමේන්තු පණතක් මගින් තීති ගත කර තිබිය යුතුයි. එවන් තැනක ඔබ කියන දේ තිබේ නම් පවසන්න. මම ද එය පරිශීලනය කරමි. එවිට අප රණ්ඩු විය නැත. --- Shwetha (talk) 06:56, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
කරුණාකර මෙය රණ්ඩු කිරීමක් ලෙස නොසලකන්න.
ඔබ ඔප්පු කිරීමට යැයි පවසන්නේ, මා සදහන් කළ "රජයේ වෙබ් අඩවි වල තොරතුරු සෑමවිටම මහජනයාට විවෘත තොරතුරුය" යන දෙයද?
රජයේ වෙබ් අඩවියක ඇති තොරතුරු බහා ඇත්තේ ඕනෑම අයෙකුට පරිශීලනය කිරීමට නොවේද?
ඕනෑම රජයේ වෙබ් අඩවියක සියළුම හිමිකම් ඇවිරිනි යනුවෙන් සදහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට තොරතුරු ලබාගැනීමේ/දැනගැනීමේ පරම අයිතිය පාර්ලිමේන්තු පණතක් මගින් තීති ගත කර ඇති බව ඔබ නොදන්නවා විය නොහැක. එය එසේ නොමැති නම් මෙම විකිපීඩියාවද ශ්‍රී ලංකාව තුල තහනම් කළ යුතුය. -- Mr. 1100100 (Talk) 07:27, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
මෙම සංවාදය අපට ඉතා විගසිින් නිම කල හැක. පහත උද්ධෘතය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගතිමි.
"මෙම අඩවියේ අන්තර්ගත සියලු දේ දැනගැනීම සඳහා පමණි. වෙනත් ආකාරයකින් දක්වා නැති කල්හි, මෙම වෙබ් අඩවියේ අන්තර්ගත දේ බුද්ධිමය සහ කර්මාන්ත දේපළ පිළිබඳ නීතියෙන් ආවරණය වන බැවින් ඒවා ප්‍රතිනිෂ්පාදනය හෝ අනුවර්තනය සියලුම අවස්ථාවන්හි අවසර ලබා ගැනීමට යටත් වන්නේ ය."
වැඩි විස්තර සඳහා මෙතැන බලන්න. --- Shwetha (talk) 07:35, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
ප්‍රතිනිෂ්පාදනය හෝ අනුවර්තනය පමණක් අවසර ලබා ගැනීමට යටත් වී ඇත. තොරතුරු ලබාගැනීමට තහංචියක් නොමැත, වෙනස් කිරීම පමණක් තහනම් කර ඇත. මෙම අඩවියේ අන්තර්ගත සියලු දේ දැනගැනීම සඳහා පමණි යෙදීමෙන් තොරතුරු ලබා ගැනීමට අවසර දී ඇති බව පැහැදිලි වනවා නේද --- Mr. 1100100 (Talk) 08:14, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
ඔබ සිදු කර ඇත්තේ අනුවර්තනයකි (adaptation). ඔබ සිදු කලේ අනුවර්තනයක් නොව උපුටාගැනීමක් නම් තත්ත්වය දරුණ්‍රය. අනුවර්තනයට ඉඩ නොදේ නම් උපුටාගැන්මට කෙසේත් ඉඩ නොදේ. මෙම සංවාදය තුල තවදුරටත් නියැලීමට මගේ රුචියක් නැත. කිරියෙන් නැහැවුවද අඟුරු සුදු නොවේලු. සමහර දැඩි මතධාරීන්ට කිසියම් දැයක් අවබෝධ කරවීම දුෂ්කරය. කරුණාකර ශ්‍රී ලංකාව ආවරණය කරන [1] සහ [2] යන බුද්ධිමය දේපල ලියැවිලි බලන්න. --- Shwetha (talk) 08:36, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
හරි හරි ඔයා දිනුම් -- Mr. 1100100 (Talk) 08:40, 17 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
Return to "කාලගුණ විද්‍යාව" page.