සාකච්ඡාව:ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය

Latest comment: වසර 8කට පෙර by Rsekanayake

සිංහල විකිපීඩියාවේ අපි ලිපි තනන්නේ හෝ පරිවර්තනය කරන්නේ ඉංග්‍රීසි නොදන්නා සිංහල පමණක් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහාය. එබැවින් ලිපි අන්තර්ගතය තුල සබැඳි, ඉංග්‍රීසි විකියේ ලිපි වෙත බැඳීමෙන් ඔවුන්ට කිසිදු සෙතක් නොවේ. ඒ ඔවුන්ට ඉංග්‍රීසි බැරි නිසාය. එබැවින් එසේ කිරීමෙන් වලකින්න. ---- ශ්වෙත (talk) 16:46, 6 අප්‍රේල් 2012 (යූටීසී)Reply

@ශ්වෙත ගේ ඉහත මතය සමග එකග නොවෙමි.ඒ මක්නිසාද යත්,

  1. ඔවුන් ඉංග්‍රීසි ඉගෙනගත් දවසක බලාගන්න පුළුවන් නිසා .
  2. වෙනත් විකිපීඩීයානුවෙකුට එම සබැදියේ සිංහල පරිවර්තනයක් පසුකලක එක්කල හැකි නිසා.
  3. සිංහල විකිපීඩියාව යනු ඉංග්‍රීසි විකිපීඩියාවේම පරිවර්තනයක්ද යන්න සැක සහිත බව නිසා.
  4. වෙනත් භාෂා වන්ගෙන් සැදුම් ලත් විකි වල ඉංග්‍රීසි විකියේම පරිවර්තනයක් නැති බැවින් .( සොයාබලන්න )
  5. විකි පීඩියාව නිරන්තරයෙන් පෝෂණය වන බැවින්(නීති නීති වලට අනුව එය පෝෂණ අවදියේ ඇති බව සිතිය හැකි බැවින් )--Rsekanayake (talk) 15:18, 13 නොවැම්බර් 2015 (යූටීසී)Reply

ලිපි අන්තර්ගතය තුල සබැඳි, ඉංග්‍රීසි විකියේ ලිපි වෙත බැඳීම සංස්කරණය

සමාවන්න. මා සිතුවේ වැඩිදුර තොරතුරු සොයාගැනීනට අවශ්‍ය අයට උදව්වක් කිරීම පමණය. එම පිටු සඳහා සිංහල පිටු සෑදී නොමැති බැවින් ඒවා සාදන තෙක් අදාල ඉංග්‍රීසි විකි පිටුවට සබැඳුම යොමුකිරීමය.

සිංහල විකිපීඩීයාව පවතින්නේ ඉංග්‍රීසි නොදන්නා සිංහල පමණක් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහාය යන්න මා කලින් නොදැන සිටීයෙමි. සිංහල පිටු නොමැති තාක් ඉංග්‍රීසි පිටුවට හෝ යොමු කිරීමේ වැරද්දක්ද මා නොදකිමි.

ස්තූතියි.------ Nipuna Sudharaka (talk) 12:32, 7 අප්‍රේල් 2012 (යූටීසී)Reply

මම ඔබගේ පිළිතුරෙහි උපහාසයක් දුටිමි. ඒ ගැන කණගාටුවෙමි. ඔබ මටද වඩා ජ්‍යෙෂ්ඨයෙක් වන බැවිනි. සිංහල විකිපීඩීයාව පවතින්නේ ඉංග්‍රීසි නොදන්නා සිංහල පමණක් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහාය යන්න ඔබ කලින් දැන නොසියානම් දැනුදු එය තේරුම් ගන්නට උත්සාහ නොකිරීම ගැන කණගාටු වෙමි. ---ශ්වෙත (talk) 13:53, 7 අප්‍රේල් 2012 (යූටීසී)Reply
සිංහල විකිපීඩීයාව පවතින්නේ ඉංග්‍රීසි නොදන්නා සිංහල පමණක් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහාය වුවද, එය පරිශිලනය කරන සියලුදෙනා ඉංග්‍රීසි නොදන්නා අය නොවේ. එහෙයින් සිංහල පිටු නොමැති නම් ඉංග්‍රීසි පිටුවට හෝ යොමුකිරිමේ වරදක් මා නොදකිමි. ඉංග්‍රීසි නොදන්නා අයට එයින් යහපතක් නොවෙතත්, ඉංග්‍රීසි දන්නා දන්නා අයට එයින් යහපතක් වනු ඇත.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Dilanqs (සාකච්ඡාවදායකත්ව) විසින් 19:58, 7 අප්‍රේල් 2012‎ (UTC) හිදී එක් කර ඇත
යමක් කරන විට අප එය සිදු කල යුත්තේ සමස්තය ගැන සලකා මිස එහි උප කුලකයක් ගැන සලකා නොවේ. ඉංග්‍රීසි ලිපි වලින් ඉංග්‍රීසි දන්නා අයට සෙතක් වේ නම් එම ලිපි ඉංග්‍රීසි විකිය තුලින්ම පරිශීලනය කල හැකි නොවේද? ඒවා පරිවර්තනය කරන්නේ කුමකටද? පරිවර්තනය කල ලිපි ඉංග්‍රීසි දන්නා අයට වැදගත් නොවේ. එවුන් ඉංග්‍රීසි දන්නා නිසාය. මෙම පරිවර්තනය කල ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය ලිපිය වැදගත් වන්නේ ඉංග්‍රීසි දන්නා අයට නොවේ. ඔවුන්ට ඉංග්‍රීසි විකියට ගොඩවී en:Motion Picture Association of America film rating system ලිපිය කියවා එහි සබැඳි වලට ගොඩවී ඒවාද කියවා ප්‍රයෝජන ගත නොහැක. මෙම පරිවර්තනය කල ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය ලිපිය වැදගත් වන්නේ සිංහල පමණක් දන්නා ඉංග්‍රීසි නොදන්නා එවුනටයි. එබැවින් එහි සබැඳි සිංහල ලිපි වලට බැඳිය යුතු වෙයි. ඒවැනි ලිපි නිමෙවෙන තුරු ඒවා රතු බැඳි ලෙස පැවතුනත් ඒවා අවශ්‍ය ලිපි ලැයිස්තුවට වැටුනත් කම් නැත. සිංහලකම ගැන කැක්කුමක් ඇති කවුරුන් හෝ එම ලිපි තනනු ඇත. එතෙක් ඉංග්‍රීසි නොදන්නා අපේ සිංහල ගම් වල ඇත්තන් ඉවසා වදාරනු ඇත.--ශ්වෙත (talk) 15:56, 7 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Dear ශ්වෙත & Royly Fernando
According to my view both of you are having correct points & incorrect points.
I agree with ශ්වෙත that its not appropriate to giving links to other language wikipedia within article text. That will create several problems. Accepted method is to give the interwiki links of most appropriate article in other languages at the end. So if any user wants, he/she could go to the article in the language preferred & read further.
I agree with Royly Fernando that sinhala wikipedia is not only for ඉංග්‍රීසි නොදන්නා සිංහල පමණක් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහා. The sinhala wikipedia is for සිංහල දන්නා අයගේ ප්‍රයෝජනය සඳහා irrespective of whether they know any other language or not.
Singhalawap (talk) 16:57, 7 අප්‍රේල් 2012 (යූටීසී)Reply


Dear Singhalawap
Thanks for your kind opinion & if giving links to other language Wikipedia within article text will create problems, I'll remove them all. But I think it is better to remain film names in English other than change it to Sinhala. thanks ---- Royly Fernando (talk) 08:22, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply

ලිපියේ නම සංස්කරණය

ලිපියෙහි දැක්වෙන මෙම කර්කව්‍යය සිදු කරන්නේ ඇමරිකානු සලරූ සංගමය විසිනි. වෙනත් ඇමරිකානු ආයතන මගින් ද ඇමරිකානු චිත්‍රපට අරභයා මෙවැනි කර්තව්‍යයන් වෙනස් ආකාරයටකට කෙරෙනවා විය හැක. එබැවින් මෙම ලිපියෙහි මාතෘකාව ඇමරිකානු චිත්‍රපට වර්ගීකරණය යැයි යෙදීම සුදුසු නොවේ යැයි සිතමි. අනෙක් අතට මෙම මාතෘකාවේ භාවිතා වන වර්ගීකරණය යනු classification යන්නයි. ඉංග්‍රීසි මාතෘකාවෙහි එන rating යන්න සිංහලට පෙරලෙන්නේ ප්‍රමාණනය ලෙසිනි. එබැවින් මේ සියල්ල විමසා බලා ලිපියේ නම ඇමරිකානු සලරූ සංගමයෙහි චිත්‍රපට ප්‍රමාණනය කිරීමේ ක්‍රමවේදය විය යුතු යැයි සිතමි. --- ශ්වෙත (talk) 01:24, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply

ස්තූතියි ඔබගේ අදහසට. ප්‍රමාණනය යන්නට වඩා 'ඇමරිකානු සලරූ සංගමයෙහි චිත්‍රපට ඇගැයීමේ ක්‍රමවේදය' යන්න වඩා සුදුසු යැයි සිතමි. ---- Royly Fernando (talk) 08:22, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
මෙහිදී චිත්‍රපට Evaluation කිරීමට වඩා තව යමක් සිදුවන නිසා ප්‍රමාණනය වඩාත් සුදුසු යැයි මම සිතනවා. කොයිකවෙතත් තව අයගේ අදහස් ගලා ආ පසු වෙනසක් කල යුතු යැයි සිතමි. --ශ්වෙත (talk) 10:33, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
I agree with ඇමරිකානු සලරූ සංගමයෙහි චිත්‍රපට ??????? කිරීමේ ක්‍රමවේදය. I am not sure about choosing from ඇගැයීමේ/ ප්‍රමාණනය. Singhalawap (talk) 13:31, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
එසේනම් ඇමරිකානු සලරූ සංගමයෙහි චිත්‍රපට වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදය ලෙස තබමුද? ( සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට අයත් ලංකාවෙ රැඟුම් පාලක මණ්ඩලයේ වෙබ් අඩවියට අනුව ඔවුන්ට අයත් වන කාර්යයන් ලෙස දක්වා ඇත්තේ මහජන දර්ශන සඳහා අනුමැතිය දීම, ප්‍රතික්ෂේප කිරීම, 'වර්ගීකරණය' කිරීම හා අවශ්‍ය තන්හිදී සංස්කරණය කිරීම පිණිස නිර්දේශ කිරීම වේ.) ----- Royly Fernando (talk) 16:05, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
තව ටිකක් ඉවසමු. තව පරිශීලක අදහස් වලට ඉඩ දෙමු. හදිස්සියක් නැහැනේ. ඔබ කියපු වෙබ් අඩවියේ ඉංග්‍රීසි කොටසට ගියා. එහි තිබුනේ As such the main functions of the PPB are granting approval, refusal, classification of public performances, recommendation edition as a when necessary. ලෙසින්. ඒ අනුව ලංකාවෙ රැඟුම් පාලක මණ්ඩලයේ කාර්ය භාරයේ rating යන්න නැහැ. තියෙන්නේ classification යන්නයි. ඒක සිංහල කොටසේ තියෙන්නේ (ඔබ දක්වා ඇති පරිදීම) ඒ අනුව, මෙම ආයතනයේ ප්‍රධාන කාර්යයන් වනුයේ මහජන දර්ශන සඳහා අනුමැතිය දීම, ප්‍රතික්ෂේප කිරීම, වර්ගීකරණය කිරීම හා අවශ්‍ය තන්හිදී සංස්කරණය කිරීම පිණිස නිර්දේශ කිරීම වේ. ලෙසටයි. classification යන්නට වර්ගීකරණය කිරීම යන්න ගැලපෙනවා. මට හිතෙන විදිහට ලංකාවෙ රැඟුම් පාලක මණ්ඩලය rating කරන්නේ නැහැ. ලංකාවේ කිසිම චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් හෝ පිළිබඳ පූර්ව-ප්‍රදර්ශන ප්‍රචාරණ වලදී එහි rating දක්වනවා මම නම් දැක නැහැ. (අඩුම වශයෙන් ළමුන්ට සුදුසු නැහැ යන්නවත් දක්වන්නේ නැහැ. ළමුන් නිදයන්න ගිය පසු ප්‍රදර්ශනය කිරීමට සැලකිලිමත් වන්නේ නැහැ) -- ශ්වෙත (talk) 16:29, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
අනේ කිසිම හදිස්සියක් නෑ. ඔබගේ යෝජනාවට හා සිංහලවැප් ගේ අදහසට අදහස් දැක්වීමක් පමණයි මා සිදුකලේ. :) මේ ලිපියේ ඉදිරිය ඔබ වැනි ජේෂ්ඨයන්ට බාරයි. නවකයෙකු වූ මා සැබෑ දිරිගැන්වීමක් ලදිමි. ස්තූතියි. ජය෴෴ ------ Royly Fernando (talk) 20:16, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
ඔබගේ ඉහත සටහනෙහි යළි උපහාසයක් දුටිමි. මම ජ්‍යෙෂ්ඨයෙක් නොවෙමි. ලිපියක් කිසිවෙකුට හෝ කිසි කණ්ඩායමකට (හෝ සමූහයකට) භාර කල නොහැක. විකියේ සමස්තය අයත් වන්නේ සමස්තයටමයි. ඔබ නවකයෙකු නොවේ. වසර කිහිපයකට පෙර ලියාපදිංචි වී ඇති ඔබ, නිතර විකියට නොපැමිණෙතත් විකිය හැසිරවීම ගැන මනා පලපුරුද්දක් හා පරිචයක් සහිත බව දුටිමි. ඔබ සැබෑ දිරිගැන්වීමක් ලෙසින් බලාපොරොත්තු වූයේ වල් බූරු නිදහසක් නම් විකිය තුල (වෙනයම් කිසි තැනක හෝ) එය නොපතන්න; එය නොලැබේ. ප්‍රශ්න වලට ප්‍රශ්න ඇති කරන්න. එවිට ජය ලැබේ. --- ශ්වෙත (talk) 22:24, 8 අප්‍රේල් 2012 (යූටීසී)Reply
කිසිදු උපහාසයක් නොකල මාගේ සටහන් වලින් උපහාසයක් දිටී නම් එය ඔබගේ තවත් එක් සැඟවුනු දක්ෂතාවයක් වීමට පුළුවන. මා ලිපියේ ඉදිරිය යන්නෙන් අදහස් කලේ මම උප මාතෘකාවට අදාල වූ නම වෙනස් කිරීමයි. අනෙක මා මේ ලිපිය පරිවර්තනය කොට හා නාමය පිළිබඳ අදහස් ද දක්වා අවසානය. දැන් එය අයිති විකි සමස්තයට බව මම ද දනිමි. ලියාපදිංචිය පැරණි වුවද දායකත්වය අතින් මා තවමත් නවකයෙක්මි. ලැබූ දිරිගැන්වීමට කල ස්තූතිය 'වල්බූරු නිදහසක් බලාපොරොත්තු වීමක් ලෙස' අර්ථ දැක්වීම ගැන කණගාටු වෙමි. ජය෴෴ ------- Royly Fernando (talk) 14:01, 9 අප්‍රේල් 2012 (යූටීසී)Reply

--- ශ්වෙත (talk) 14:48, 9 අප්‍රේල් 2012 (යූටීසී)Reply

Return to "ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය" page.