ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය

ඇමෙරිකානු සලරූ සංගමයේ චිත්‍රපට වර්ගීකරණ පද්ධතිය භාවිතයට ගැනෙන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ඊට අයත්වන අනෙකුත් භූමි ප්‍රදේශවල තිරගත වනු ලබන චිත්‍රපට වල තේමාව හා අන්තර්ගතය නිශ්චිත වයස් කණ්ඩායම් හට යෝග්‍ය බව දැනුම් දීම සඳහාය. MPAA වර්ගීකරණය ලෙස හඳුන්වනු ලබන මෙය අදාල වන්නේ වර්ගීකරණය කිරීමට යොමු කරනු ලබන චිත්‍රපට සඳහා පමණි. MPAA වර්ගීකරණය නීතියෙන් අනිවාර්යය කර නොතිබුනත්; වර්ගීකරණය නොකර ප්‍රදර්ශණය කල හැකි වූවත්, බොහෝ සිනමා ශාලා වර්ගීකරණය නොකල හෝ X-වර්ගීකරණය ලැබූ චිත්‍රපට ප්‍රතික්ෂේප කරනු ලබයි. MPAA හි සාමාජිකයින් නොවූවත් වර්ගීකරණය සඳහා චිත්‍රපට යොමුකල හැක.[1] තම දරුවන් හට සුදුසු චිත්‍රපට තේරීමේදී දෙමාපියන් හට උදව් වන විවිධ චිත්‍රපට වර්ගීකරණ අතරට MPAA වර්ගීකරණයත් අයත් වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ වඩා දෙමාපියන් අතර වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති MPAA වර්ගීකරණ සැකැස්ම හට ප්‍රකාශන හිමිකම ලබා තිබීම නිසා අනෙකුත් සංවිධාන වලට එම සලකුණු භාවිත කල නොහැක. MPAA වර්ගීකරණය එහි තීරණ වල රහස්‍ය භාවය ගැන සහ නොගැලපීම් ගැනද විවේචනයට බඳුන්ව ඇත.[2]

MPAA හි වර්ගීකරණ සැකසුම පාලනය කරනු ලබන්නේ රාජ්‍ය ආයතනයක් නොවන Classification & Ratings Administration මඟිනි. මුල් කාලීනව සංස්ථාපිත විශ්ලේෂකයින් කණ්ඩායමක් විසින් චිත්‍රපටය ප්‍රදර්ශණය වූවාට පසුව පාරිභෝගික යෝජනාවක් ලෙස නිකුත් වූ අතර සිනමා ශාලා අයිතිකරුවන් ස්වෙච්චාවෙන්ම MPAA මඟින් දෙනු ලබන වර්ගීකරණයකට එකඟ වීමත් සමඟ ඔවුන්ගේ කාර්යය නව නිකුත් වීම සඳහාද බලපැවැත්විය.

චිත්‍රපට බොහෝ විට විවිධ ප්‍රභේද හා විවිධ වර්ගීකරණ යටතේ නිකුත් වේ. සමහර ප්‍රභේද සිනමා ශාලා වල පාඩු ලැබූවද සමහර විටෙක ගෘහස්ථ පාවිච්චියේදී සාර්ථකත්වයක් ලැබෙනු ඇත. (පහල දක්වා ඇති "NC-17 වර්ගීකරණයේ ආර්ථිකමය හැකියාව" ජේදය බලන්න).

වර්ගීකරණය සංස්කරණය

1990 සිට MPAA චිත්‍රපට වර්ගීකරණය පහත පරිදි වේ:

වර්ගීකරණ සලකුණ අදහස[3]
 
G වර්ගීකරණ සලකුණ
G- General Audiences (සාමාන්‍ය ප්‍රේක්ෂකයින්)
සියළුම වයස් කාණ්ඩ (All ages admitted)
(1968–වර්තමානය)
 
PG වර්ගීකරණ සලකුණ
PG- Parental Guidance Suggested (දෙමාපිය මඟපෙන්වීම යෝජිතයි)
සමහර කොටස් ළමුන් හට නුසුදුසු විය හැක (material may not be suitable for children)
(1978–වර්තමානය; 1972 සහ 1977 අතර "children" වචනය වෙනුවට "pre-teenagers." යෙදින)
 
PG-13 වර්ගීකරණ සලකුණ
PG-13- Parents Strongly Cautioned (දෙමාපියන්ට දැඩිව දැනුම් දේ )
සමහර කොටස් අවුරුදු 13 ට අඩු ළමුන්ට නුසුදුසු විය හැක (Some material may be inappropriate for children under 13)
(1984–present)
 
R වර්ගීකරණ සලකුණ
R- Restricted (සීමාන්විතයි)
අවුරුදු 17 ට අඩු අය දෙමාපියන් හෝ වැඩිහිටියෙක් සමඟ සිටිය යුතුයි. (requires an accompanying parent or adult guardian.)
(1970–වර්තමානය; 1968 සිට 1969 දක්වා නියමිත වයස 16 ලෙස සැලකින)
 
NC-17 වර්ගීකරණ සලකුණ
NC-17- No One 17 and Under Admitted (17න් පහල අයට අවසර නැත)
(1996–වර්තමානය; 1990 සිට 1996 දක්වා "No Children Under 17 Admitted" ලෙස දැක්වින)

චිත්‍රපටයක් වර්ගීකරණය වෙත යොමු නොකෙරෙනු ලැබුවොත් ලේබලය ලෙස සාමාන්‍යයෙන් NR (Not Rated) හෝ UR (Unrated) ලෙස යෙදේ. පැරණි චිත්‍රපට NR හෝ UR ලෙස පැවතේ. එහෙත් NR හෝ UR මඟින් හැමවිටම චිත්‍රපටියක් ළමුන්ට සුදුසු නැති බව නොහැඟවේ.

අතීතය සංස්කරණය

Hays කේතයේ භාවිතයේ නිමාව සංස්කරණය

1930 දී හඳුන්වා දී 1934 ජූලි 01 දා සිට අනිවාර්යය කරනු ලැබූ Hays කේතය, 1966 දී MPAA හි සභාපති වූ Jack Valenti, විසින් එවකට පැවති චිත්‍රපට හා සංස්කෘතික පරිසරයට තවදුරටත් නොගැලපෙන බව තීරණය කරන ලදී. ඔහුව එසේ කිරීමට බලපෑ මූලික හේතුව වූයේ ප්‍රධාන චිත්‍රාගාර තුලින් බිහිවූ The Pawnbroker] (1965), Blow-Up (1966), හා Who's Afraid of Virginia Woolf? (1966), වැනි පලමුවෙන්ම නිරුවත් දර්ශන රැගත් චිත්‍රපට හේතුවෙනි[4]

Valenti පිළිගත් චිත්‍රාගාර වලින් එම චිත්‍රපට සංස්කරණය කරන ලෙස ඉල්ලුවද එක් එක් චිත්‍රපටයට එය අදාල කරවීම කාර්යක්ෂම නොවන තත්වයට පත්විය.[4] කේතය නැවත වරක් සංශෝධනයට ලක් කර "SMA" (Suggested for Mature Audiences-පරිණත ප්‍රේක්ෂකයින්ට නිර්දේශිත) උපදේශණය තාවකාලිකව හඳුන්වා දෙන ලදී. කෙසේ වුවද "සිනමා නිර්මාපකයා තම නිර්මාණය කිරීමට දරනා නොවැලැක්විය හැකි ශක්තියට" මෙන්ම "සිනමා ක්ෂේත්‍රයට සිදුවිය හැකි රජයේ මැදිහත්වීමකට" ප්‍රතිචාර වශයෙන් නව වර්ගීකරණයක අවශ්‍ය තාව Valenti හට පසක් විය..[4]

1968 නොවැම්බර් 01 වැනිදා, ස්වෙච්ඡා MPAA චිත්‍රපට වර්ගීකරණය හඳුන්වා දීම සිදුවිය. එහි නිරීක්ෂක හා මඟපෙන්වීමේ කටයුතු MPAA, National Association of Theater Owners (NATO-ජාතික සිනමාශාලා හිමියන්ගේ සංගමය), හා International Film Importers & Distributors of America (IFIDA-ඇමෙරිකානු ජාත්‍යන්තර සිනමා ආනයන හා බෙදාහැරීම්).[4] යන ආයතන මඟින් සිදුකරන ලදී.

පළමු චිත්‍රපට වර්ගීකරණයන් නම්[4]:

  • G: General Audiences – සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
  • M: Mature Audiences – පරිණත ප්‍රේක්ෂකයින් - දෙමාපිය මනාපය අවවාදාත්මකයි
  • R: Restricted – වයස 16 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
  • X: Adults Only - අවුරුදු 18 වැඩි අයට පමණයි (එම අවුරුද්දේ අවසානයේ 17 දක්වා වෙනස් කරනු ලැබීය)

පලමුවෙන්ම මෙහි අඩංගු වීමට නියමිතව තිබුනේ දෙමාපියන් හට තමන් කැමති චිත්‍රපටයකට තම ළමුන්ව රැගෙන යා හැකි පරිද්දෙන් වර්ගගත කිරීම් තුනක් පමණක් වන අතර ජාතික සිනමාශාලා හිමියන්ගේ සංගමය උදක්ම කියා සිටියේ ප්‍රාන්ත නීතිමය තත්වයන් මත වැඩිහිටියන්ට පමණයි වශයෙන්ද ප්‍රභේදයක් හඳුන්වා දෙන ලෙසය. "X" වර්ගීකරණය MPAA හි ප්‍රකාශන හිමිකමක් නොවන අතර MPAA හට යොමු නොකරන ඕනෑම චිත්‍රපටයකට තම කැමැත්තෙන් "X" හෝ වෙනත් ඕනෑම MPAA ප්‍රකාශන හිමිකම් නැති වර්ගීකරණයක් කරගත හැක.[4]

මෙම MPAA හී හඳුන්වා දීමත් සමඟම ඇමරිකාවද චිත්‍රපට වර්ගීකරණයට එකතු විය. ඕස්ට්‍රේලියාව හා එක්සත් රාජධානිය මෙම ක්‍රියාදාමය 20 වන සියවසේ මුල්භාගයේ පමණ හඳුන්වා දී තිබිණ.[5]

M සිට GP දක්වා හා එහි සිට PG දක්වා සංස්කරණය

M වර්ගීකරණයද නැතිනම් R වර්ගීකරණයද අන්තර්ගතයේ තීව්‍ර බැවින් වැඩි යන්න දෙමාපියන් හට පැටලිලි සහගත වූ බැවින් 1970 ජනවාරි මාසයේ "GP" වර්ගීකරණය හඳුන්වා දෙන ලදී.[6]

1970 සිට 1972 දක්වා භාවිතා කළ වර්ගීකරණය:

  • Rated G: General Audiences සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
  • Rated GP: All ages Admitted. Parental Guidance Suggested. සියළු වයස්. දෙමාපිය මනාපය අවවාදාත්මකයි
  • Rated R: Restricted. වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
  • Rated X: අවුරුදු 17 වැඩි අයට පමණයි.

1970 දී R- හා X- වර්ගීකරණය ලැබූ කාණ්ඩ වලට වයස් සීමාව 16 සිට 17 දක්වා වැඩිවුනු අතර ඊට පසුව X සඳහා 18 දක්වා වැඩිකර ළමුන් කාමෝද්දීපණ දර්ශන නැරඹිම වැලැක්වීමට තීරණය විය.[7][8] කෙසේ වුවද X වර්ගීකරණයේ වයස් සීමාව ප්‍රාන්තයට අනුව වෙනස් විය.

1972 දෙමාපියන් විසින් පෙන්වා දෙන ලද්දේ "GP" වර්ගීකරණය මඟින් චිත්‍රපටයේ සැබෑ අන්තර්ගතය හෙළි නොකරන බවයි. 1971 දි MPAA අන්තර්ගතයේ උපදේශ වැකියක් එකතු කරන ලදී. Contains material not generally suitable for pre-teenagers(යෞව්වන වියේ මුල් අවධියේ සිටින්නන්ට අන්තර්ගතය සුදුසු නොවේ). 1972 පෙබරවාරි මාසයේදී MPAA විසින් GP වර්ගීකරණය නව PG වර්ගීකරණය ලෙස වෙනස් කරන ලදී.[9]

1972 සිට 1984 දක්වා භාවිතා කල වර්ගීකරණය:

  • Rated G: General Audiences — සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
  • Rated PG: Parental Guidance Suggested — යෞව්වන වියේ මුල් අවධියේ සිටින්නන්ට අන්තර්ගතය සුදුසු නොවිය හැක.
  • Rated R: Restricted — වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
  • Rated X: අවුරුදු 17 වැඩි අයට පමණයි.

1978 අග භාගයේ PG වර්ගීකරණයේ "යෞව්වන විය" යන්න "ළමුන්" ලෙස වෙනස් විය.[10][11]

PG-13 වර්ගීකරණය එකතු කිරීම සංස්කරණය

1984 දී Indiana Jones and the Temple of Doom හා Gremlins චිත්‍රපට වල විවෘත ප්‍රචණ්ඩත්වය හා රුධිර දර්ශණ නිසා දෙමාපියන් අතර PG වර්ගීකරණය ගැන ගැටළුකාරී තත්වයක් ඇතිවන ලදී.[12][13] ඔවුන්ගේ පැමිණිලි හේතුවෙන් Temple of Doom හී අධ්‍යක්ෂක හා Gremlins හී නිෂ්පාදක වන ස්ටීවන් ස්පිල්බර්ග් විසින් R වර්ගීකරණයට තරම් නොවන හා PG වර්ගීකරණය ඉක්මවා යන අන්තර්ගතය සඳහා නව වර්ගීකරණයක් MPAA සභාපති වූ Jack Valenti වෙත යෝජනා කරන ලදී. ස්පිල්බර්ග් ගේ යෝජනාව වූයේ PG-13 හෝ PG-14 වැනි අතරමැදි වර්ගීකරණයකි.[14]සිනමාශාලා හිමියන් හා Valenti අතර එකඟතාවයෙන් MPAA විසින් නව PG-13 වර්ගීකරණයක් 1984 ජූලි පලමුවැනිදා හඳුන්වා දෙන ලදී. එහි අදහස වු‍යේ සමහර දර්ශණ 13 පහල ළමුන්ට නුසුදුසු විය හැකි බවයි. ස්පිල්බර්ග් ගේ එම චිත්‍රපට ප්‍රති-වර්ගීකරණය නොවීය.

PG-13 වර්ගීකරණය යටතේ බෙදාහැරි පළමු චිත්‍රපටි වන්නේ ඊට පසු සතියේ එකම දිනක නිකුත් වූ Red Dawn (1984). [http://en.wikipedia.org/wiki/Dreamscape_(film) Dreamscape හා The Woman in Red චිත්‍රපට වේ. The Flamingo Kid (1984) මෙම වර්ගීකරණය ලැබූ පලමු චිත්‍රපටය වූවද 1984 දෙසැම්බර් දක්වා එය තිරගත නොවීය. [15]

1984 සිට 1986 දක්වා භාවිතා වූ වර්ගීකරණය:

  • Rated G: General Audiences – සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
  • Rated PG: Parental Guidance Suggested – සමහට දර්ශණ ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
  • Rated PG-13: Parents Are Strongly Cautioned to Give Special Guidance for Attendance of Children Under 13 – සමහර දර්ශණ 13 පහල ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
  • Rated R: Restricted – වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
  • Rated X: අවුරුදු 17 වැඩි අයට පමණයි.

1986, දී PG-13 වර්ගීකරණයේ වචන Parents Strongly Cautioned – Some Material May be Inappropriate for Children Under 13 ලෙසට වෙනස් විය.

X වෙනුවට NC-17 ආදේශ වීම සංස්කරණය

වර්ගීකරණයේ මුල් කාලයේ, X වර්ගීකරණය ලැබූ, Midnight Cowboy] (1969), A Clockwork Orange (1971), Fritz the Cat (1972), සහ Last Tango in Paris (1973) චිත්‍රපට නිරුවත් දර්ශණ අඩංගු නොවන එහෙත් අන්තර්ගතය වැඩිහිටියන්ට පමණක් සීමා වූ එවා ලෙස සැලකේ. කෙසේ වුවද එසේ දර්ශණ අඩංගු චිත්‍රපටද ප්‍රකාශන හිමිකමක් නොවූ X වර්ගීකරණය ස්වකැමැත්තෙන් යොදා ගන්නා ලදී. එසේම ඇමරිකානු සංස්කෘතිය තුල X වර්ගීකරණය (නිල් චිත්‍රපට සඳහා යෙදෙන XXX ද සමඟ) කාමෝද්දීපන චිත්‍රපට සඳහා තුල්‍යාර්ථයක් දෙන්නක් බවට පත්විය.[16]

1989 දී කලාත්මක චිත්‍රපට ලෙස විචාර ලැබූ, The Cook, the Thief, His Wife & Her Lover හා Henry: Portrait of a Serial Killer, තීව්‍ර ලෙස වැඩිහිටින්ට පමණක් වූ අන්තර්ගතය සහිතව නිපදවිය. එම දෙකම R වර්ගීකරණයට ලක් නොවූ නිසා වානිජ්‍ය බෙදාහැරීම සීමාසහිත විය.[1]

1990 සැප්තැම්බර් 27 MPAA විසින් NC-17 ("No Children Under 17 Admitted") වර්ගීකරණය වැඩිහිටියන් සඳහා වන තම නිල සළකුණ ලෙස MPAA මුද්‍රාව සමඟ හඳුන්වා දෙනු ලැබීය.[17] NC-17 වර්ගීකරණය ලැබූ පළමු චිත්‍රපටය Henry & June වේ.[17][18]

1990 සිට 1990 හි අගභාගය දක්වා භාවිතා වූ වර්ගීකර්ණය:

  • Rated G: General Audiences – All Ages Admitted. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
  • Rated PG: Parental Guidance Suggested – Some Material May Not be Suitable for Children. සමහර දර්ශණ ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
  • Rated PG-13: Parents Strongly Cautioned – Some Material May be Inappropriate for Children Under 13. සමහර දර්ශණ 13 පහල ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
  • Rated R: Restricted – Under 17 Requires Accompanying Parent or Adult Guardian. වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
  • Rated NC-17: No Children Under 17 Admitted. අවුරුදු 17 අඩු ලමුන්ට අවසර නැත.

1990 අග භාගයේ NC-17 වර්ගීකරණයේ "No Children Under 17 Admitted" කොටස "No One 17 And Under Admitted" ලෙස වෙනස් කරන ලදී. සාමාන්‍ය භාවිතයේදී X වර්ගීකරණය ලැබූ චිත්‍රපට දැන්වීම් බාරනොගත් මාධ්‍ය ආයතන NC-17 චිත්‍රපටද ප්‍රතික්ෂේප විය. ඊට අමතරව මහාපරිමාණ චිත්‍රපට ව්‍යාපාර ද උදා Blockbuster Video හා Hollywood Video NC-17 තබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.[19]

ප්‍රති-වර්ගීකරණය වූ චිත්‍රපට සංස්කරණය

Midnight Cowboy චිත්‍රපටය 1969 දී X වර්ගීකරණය ලැබූවද 1971 දී R ලෙස ප්‍රති-වර්ගීකරණය විය.[20]

දෙමාපියන් හට වැඩිදුර තොරතුරු සංස්කරණය

1990 සැප්තැම්බර් සිට MPAA විසින් R වර්ගීකරණය ලැබූ චිත්‍රපට වෙත එම වර්ගීකරණය ලැබීමට හේතුවූ කාරණාව කෙටියෙන් දක්වනු ලැබේ. එමඟින් දෙමාපියන් හට එහි අන්තර්ගතය පිළිබඳ යම් හැඳින්වීමක් ලැබේ. උදාහරණයක් ලෙසට, Martin Scorcese විසින් 2006 එලි දක්වනු ලැබූ The Departed ච්ත්‍රපටයට R ලැබීමට හේතුවූ කාරණා ලෙස "Strong Brutal Violence, Pervasive Language, Some Strong Sexual Content, and Drug Material" (දරුණු ප්‍රචණ්ඩත්වය, භාෂාව, ලිංගික දර්ශණ හා මත්ද්‍රව්‍ය) යන කාරණා දක්වා තිබේ. ටික කලකට පසු MPAA විසින් PG, PG-13 සහ NC-17 සඳහාද කරුණු පැහැදිළි කිරීම් දක්වන්නට යෙදිණි.[21]

2011 ඔක්තෝබර් වන විට බොහෝ චිත්‍රපට සඳහා නිල හේතු පැහැදිළි කිරීම් දක්වනු ලබයි. සමහර 1990 මුල් කාලයේ චිත්‍රපට නැවත ගෘහ භාවිතය සඳහා නිකුත් කරන විටද හේතු දක්වනු ලැබේ.

ප්‍රචාරණ මාධ්‍ය සංස්කරණය

MPAA විසින් චිත්‍රපට පෙර හඳුන්වා දීම් පට(film trailer), මුද්‍රිත ප්‍රචාරණ, පෝස්ටර් හා අනෙකුත් චිත්‍රපට ප්‍රචාරණ මාධ්‍ය සඳහාද වර්ගීකරණය සිදු කරනු ලබයි. චිත්‍රපට පෙර හඳුන්වාදීම් පට ඒවාට ලැබෙන වර්ගීකරණය අනුව කොළ තීරුව "green band", කහ තීරුව "yellow band", හෝ රතු තීරුව "red band" ලෙස හැඳින්වේ. කොළ, කහ හෝ රතු කාඩ් පතක් මඟින් පෙර හඳුන්වා දීම් දර්ශණය පටන් ගැනීමට පෙර නියමිත වර්ගීකරණය පෙන්වනු ලැබේ.

  • Green band: සියළුම හෝ අදාල ප්‍රේක්ෂකයින්ට අනුමත වී ඇත; ඔනෑම වර්ගීකරණයක චිත්‍රපටයක් ඉදිරියෙන් පෙන්විය හැක
  • Yellow band: වයසට අදාල පේක්ෂකයින් හට අනුමත වී ඇත; අන්තර්ජාල පෙර හඳුන්වාදීම් පමණි.[22]
  • Red band: සීමිත ප්‍රේක්ෂකයින් හට අනුමත වී ඇත; R, NC-17 හෝ වර්ගීකරණය නොකල චිත්‍රපට ඉදිරියෙන් ප්‍රදර්ශණය කල හැක.[23]

වර්ගීකරණ ක්‍රියාවලිය සංස්කරණය

භාෂාව සංස්කරණය

  • චිත්‍රපටයේ දෙබස් වල ලිංගිකත්වය පදනම් කර ගත් පරුෂ වචන (උදා fuck) එකේ සිට හතර දක්වා භාවිතා වේ නම් එය R ලැබීමට හේතුවක් වුවත් එය ලිංගිකත්වය පදනම් නොවූ expletive පදයක් ලෙස යෙදේ නම් එයට PG-13 වර්ගීකරණය වර්තමානයෙ දෙනු ලැබේ. (මෙය Chili Palmer විසින් චිත්‍රපට කර්මාන්තය පිළිබද කල චෝදනාවේ දක්වා ඇත.) මේ දක්වා එයට පරිබාහිරව ගොස් ඇත්තේ චිත්‍රපට දෙකක් පමණි. දෙවන ගල්ෆ් යුද්ධයේ සොල්දාදුවෙන් වෙනුවෙන් තැනූ වාර්තාමය චිත්‍රපටයක් වූ Gunner Palace චිත්‍රපයටේ එම වචනය 42 වතාවක්ද, දෙවතාවක් ලිංගිකත්වය මත පදනම්ව ද[24], සහ The Hip Hop Project හී 17 වතාවක් යෙදී ඇත.[25]. එම චිත්‍රපට දෙකම MPAA වෙත ප්‍රති-වර්ගීකරණය සදහා යොමු කර ඇත.

මත්ද්‍රව්‍ය සංස්කරණය

  • මත්ද්‍රව්‍ය වලට අදාලවෙන සඳහනක් marijuana යෙදීම චිත්‍රපටයට අවම PG-13 වර්ගීකරණයක් ලැබීමට හේතුවක් වේ. PG වර්ගීකරණයක් ලැබිය යුතුවූවත් මත්ද්‍රව්‍යට අදාලව (කෙටි කාලයක් දර්ශණය වූ හා කෙටි වදන් සහිතව) PG-13 ලැබූ චිත්‍රපටයකට ප්‍රචලිත උදාහරණයක් නම් Whale Rider චිත්‍රපටයයි. චිත්‍රපටයේ අඩංගු වන්නේ කෙටි දර්ශණයක් වූවත් අදාල වර්ගීකරණයට හේතු වූයේ මත්ද්‍රව්‍ය භාවිත උපකරණ වල කෙටි දර්ශණයක් නිසාවෙනි. විවේචක Roger Ebert එම MPAA තීරණය විවේචනය කලේ "a wild overreaction." ලෙසිනි.[26]
  • 2007 මැයි මාසයේ දුම්බීම පිළිබඳ වචනයෙන් විස්තර කිරීමද චිත්‍රපට වර්ගීකරණයට බලපාන බව MPAA නිවේදනය කරන ලදී.[27][28]

[වෝල්ට් ඩිස්නි සමාගම] දුම්බීම තවදුරටත් තම චිත්‍රපටවල ප්‍රදර්ශණය නොකරනු ලබයි. එම තහනමෙන් පසුවද 101 Dalmatians], චිත්‍රපටය සංස්කරණයෙන් තොරව එහි Cruella de Vil ව උමතු දුම්බොන්නෙක් ලෙස පෙන්වීම කරණු ලැබුවත් DVD ලෙස එළිදක්වනු ලැබීය. 2011 Nickelodeon සජීවීකරණය කළ Rango චිත්‍රපටයට ලැබූ PG වර්ගීකරණය නිසා මතභේදයකට තුඩු දෙනු ලැබීය. චිත්‍රපටයේ දුම්බීම විස්තර කරන අවස්ථා හැටකට වඩා ඇති බැවින් ළමුන්ට සුදුසු PG වර්ගීකරණය නුසුදුසු බව තර්ක කරණු ලැබීය.[29]

ලිංගික දර්ශණ අන්තර්ගතය සංස්කරණය

2010 වන විට MPAA විසින් පිරිමි නග්නත්වය පිළිබද වචන හාවිතයද සූචකයට ඇතුලත් කරන ලදී.[30]

MPAA වර්ගීකරණ මණ්ඩලය සංස්කරණය

This Film Is Not Yet Ratedචිත්‍රපටයට අනුව 2005 දෙසැම්බර් මාසයේ එහි සාමාජිකයින් වූයේ: [31]

  • Joan Graves, මුලසුන
  • Anthony "Tony" Hey, ජේෂ්ඨ වර්ගීකරු, 61,
  • Scott Young, ජේෂ්ඨ වර්ගීකරු, 51,
  • Joann Yatabe, ජේෂ්ඨ වර්ගීකරු, 61,
  • Matt Ioakimedes, 46,
  • Barry Freeman, 45,
  • Arleen Bates, 44,
  • Joan Worden, 56,
  • Howard Fridkin, 47,
  • Kori Jones, මියගොස් ඇත.

සහ MPAA ඇපෑල මණ්ඩල සභිකයින්:


This Film is Not Yet Rated වාර්තා චිත්‍රපටයට අනුව වර්ගීකරණ ක්‍රියාත්මක වන රටවල් 30 ක් අතරින් සංවිධානයේ සාමාජිකයින් හෙළිනොකරන එකම රට ඇමරිකාවයි. MPAA තොරතුරු පිටතට අනාවරණය නොකරන බවට සාමාජිකයින් ගිවිසුම් අත්සන් කල යුතු වේ.[31]

වර්ගීකරණයේ බලපෑම් සංස්කරණය

අවසන් දශකයේ සිට PG වර්ගීකරණය ළමා චිත්‍රපට වලට බහුලව ලැබෙන නිසා යෞවනයන් හා වැඩිහිටියන් ඉලක්ක කර තනන චිත්‍රපට වලට මෙම වර්ගීකරණයෙන් වානිජව අසතුටුඩායක බලපෑම් එල්ල වේ. උදාහරණයක් ලෙස 2004 නිකුත් වූ Sky Captain and the World of Tomorrow, චිත්‍රපටය ළමුන් ඉලක්ක කර නොනිපදවූ අතර PG වර්ගීකරණය ලැබුණු අතර එය ආදායම් වාර්තා අතින් අසාර්ථක වීමට යෞවනයින් විසින් එක බොළඳ ළමා කතාවක් ලෙස සැලකීම හේතුවක් විය හැක.[32]

NC-17 වර්ගීකරණයේ ආර්ථිකමය හැකියාව සංස්කරණය

NC-17 වර්ගීකරණය භාවිතයේ මුල් අවධියේදී එම වර්ගීකරණය ලැබූ චිත්‍රපට කිහිපයක් පමණක් සාර්ථක විය. වර්ථමානයේ NC-17 චිත්‍රපට මූලිකව දර්ශණය වන්නේ වර්ගීකරණ ගැන වැඩි අවධානයක් යොමු නොකරණ art house චිත්‍රපට ශාලාවල පමණි. Blue Valentine චිත්‍රපටයට NC-17 ලබාදීමට MPAA ගත් තීරණය මතභේදයට තුඩු දුන් අවස්ථාවේදී (මෙම තීරණය Weinstein සමාගම අභියෝගයට ලක් කල අතර අවසානයේ සංස්කරණයකින් තොරවම එයට R වර්ගීකරණය ලබාදීමට සිදුවිය), ජනප්‍රිය Ryan Gosling පෙන්වා දෙනු ලැබුවේ NC-17 චිත්‍රපට පුළුල් ප්‍රචාරණයකට ඉඩකඩ නැති බව, AMC හා Regal වැනි ප්‍රධාන සිනමා ශාලා වලින් ප්‍රතික්ෂේප කිරීම හා art house සිනමා ශාලා නොමැති ප්‍රදේශ වල ජනතාවට මේවා නැරඹීමට නොහැකි බවයි.

1995 දී United Artists සමාගම විසින් විශාල වියදමක් දරා Showgirls (1995) චිත්‍රපටය නිකුත් කරන ලදි. එය වඩාත්ම පුළුල් බෙදාහැරීමකට ලක්වූ NC-17 චිත්‍රපටය විය. (එකවර සිනමා ශාලා 1,388 ක ප්‍රදර්ශනය විය), නමුත් එහි වානිජව අසාර්ථක වූ එහි අයවැය වූ ඩොලර්මිලියන 45 න් ලබාගත හැකිවූයේ 45% ක් පමණි.[33] මෙයද NC-17 වර්ගීකරණය වානිජව අසාර්ථක වියහැකි බවට හේතුවක් ජනිත කිරීමට උදව්වක් විය.

Scream චිත්‍රපටයට එහි රූපමය ප්‍රචණ්ඩතාවය නිසා NC-17 වර්ගීකරණය ලැබුණු අතර එයට ආයෝජනය කල Miramax Films සමාගම එම වර්ගීකරණය යටතේ බෙදාහැරීම ප්‍රතික්ෂේප කරන ලදී. අධ්‍යක්ෂක Wes Craven විශාල උත්සහයක් දරා සංස්කරණය කිරීම ගණනාවකින් පසුව R වර්ගීකරණයක් සඳහා නැවත යොමුකරන ලදී. මෙම අවස්ථාවේදි සාමාජිකයින් විවෘත මනසකින් මෙම හාස්‍යජනක කාරණාව දෙස බලා අවශ්‍ය වර්ගීකරණය ලබාදෙන ලදී. මෙම චිත්‍රපටය වෙනත් දෘෂ්‍ය මාධ්‍ය සඳහා නිකුත් කිරීමේදි සංස්කරණය නොකල් මුල් පිටපත නිකුත් වුනු අතර පසුව එය නිවැරදි කරගන්නා ලදී.

Requiem for a Dream (2000) චිත්‍රපටයට NC-17 වර්ගීකරණය ලැබුණු ඇතර එයට R ලබාගැනීමට සංස්කරණය කිරීම Darren Aronofsky ප්‍රතික්ෂේප කරන ලදී. ඔහුගේ තීරණයට ගරුකල Artisan Entertainment ආයතනය වර්ගීකරණය නොකල පිටපතක් ලෙස එය නිකුත් කරනු ලැබීය. R වර්ගීකරණ පිටපතක් පසුව නිකුත් කරන ලදී.

සමහර NC-17 සිනමා නිකුතු වල වර්තමාන සාර්ථකත්වයක් දැකිය හැකි අවස්ථා ඇත. කෙසේවුවද Fox Searchlight Pictures විසින් යූරෝපියානු චිත්‍රපටයක් වූ The Dreamers (2003) හි ඇමරිකානු සංස්කරණය NC-17 යටතේ ඇමරිකාවේ සිනමාශාලා වලට නිකුත් කරන ලදී. පසුව DVD ලෙස මුල් NC-17 පිටපත හා සංස්කරණය කල R පිටපත නිකුත් කරන ලදී. A Fox Searchlight සමාගමේ ප්‍රකාශකයෙකුට අනුව NC-17 වර්ගීකරණය ඔවුන්ට කරදරයක් නොදුන් බව ප්‍රකාශ කරයි. (ඔවුන්ට වෙන් කිරීමේදි කිසි ප්‍රශ්නයක් ඇති නොවූ අතර Mormon ට අයත් Deseret News පමණක් දැන්වීම් බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත) එසේම Fox Searchlight චිත්‍රපටයේ ආදායම් වාර්තා ගැන සෑහීමකට පත්වේ.[34] තවත් සැලකිය හැකි කරුණක් නම් NC-17 ලැබූ විදේශීය චිත්‍රපටයක් වූ Bad Education ඇමරිකාවේ සිනමා ශාලාවලින් පමණක් ඩොලර් මිලියන 5.2 ක ආදායමක් ලැබීය.[35] (විදේශීය චිත්‍රපටයකට සාමාන්‍ය සාර්ථකත්වයකි).[36]).


1990 දශකයේ අගභාගයේ සිට වර්ධනය වූ ගෘහස්ථ වෙළඳ පොල NC-17 චිත්‍රපට සඳහා හිතකර මාධ්‍යක් විය. R වර්ගීකරණය සිනමාශාලා සඳහා හිතකර බැවින් බොහෝවිට චිත්‍රපට නිෂ්පාදකයින් සංස්කරණය කල පිටපත් ඒ සඳහා ලබා දී සංස්කරණය නොකල "(uncut)", (වර්ගීකරණය නොකල හෝ NC-17) පිටපත් සීමිත දර්ශණ වාර සඳහා, වෙනත් මාධ්‍ය ලෙස (DVD හෝ Blu-Ray) සහ විදේශීය වෙළඳ පොලට නිකුත් කරනු ලැබීය. මෙම ක්‍රියාදාමය ගෘහස්ථ භාවිතයට චිත්‍රපට විකිණිමට අත්වැලක් සපයන ලදී.

Variety සඟරාවට අනුව 2007 මාර්තු වන විට MPAA සභාපති Dan Glickman විසින් නව වර්ගීකරණයක් හඳුන්වා දීමට හෝ NC-17 අපකීර්තිය අඩුකිරීමට ක්‍රියාමාර්ග ගැනීමට සිටි බව දැක්වේ. චිත්‍රපටියේ ආදායම් වාර්තාවලට වන හානිය නිසා චිත්‍රාගාර විසින් MPAA හට NC-17 ඉවත් කරන ලෙස පවසා ඇත.[37][38]

විද්වත් නීතීඥයෙකු වූ Julie Hilden ට අනුව MPAA හට "masterpiece exception" (ශ්‍රේෂ්ඨ කලාකෘති වලට සහනයක්) තිබිය යුතුබව පවසයි. සාමාන්‍යයෙන් NC-17 ලැබෙන චිත්‍රපටයක් වූවත් චිත්‍රපටයේ පණිවුඩය ලබා දීමට ප්‍රචණ්ඩත්වය අවැසිනම් එය ලබාදීම එහි අරමුණයි. ඒ සඳහා උදාහරණයක් ලෙස Saving Private Ryan චිත්‍රපටයේ විස්තර කෙරෙන බිහිසුනු D-Day ගොඩබැසීම් දර්ශණය සඳහන් කරයි. ඇය තවදුරටත් පවසන්නේ එමඟින් අනෙකුත් චිත්‍රපට ඇගයීමේදි සිද්ධි යෙදුම හා පෙනෙනා දර්ශණය නොසලකා හැරීම හා ප්‍රචණ්ඩත්වය ගැන නවමු විධිවලින් පෙන්නුම් කරන වඩා තියුණු චිත්‍රපටවලට වඩා සාම්ප්‍රදායික චිත්‍රපටවලට වාසියක් අත්විය හැකි බවයි.[39]

"R කාඩ්පත්" නිකුත් කිරීම සංස්කරණය

2004 වර්ෂයේ ආරම්භයේ සිට GKC Theatres (වර්තමානයේ Carmike Cinemas) විසින් යෞවනයන් හට වැඩිහිටියෙක් නොමැතිව R වර්ගීකරණය ලද චිත්‍රපට බැලීමට 'R-කාඩ්පත්' නම් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම කාඩ්පත් මහත් මතභේදයක් ඇතිකරන ලද අතර MPAA හී Jack Valenti අදහස් දක්වමින්, එමඟින් ස්වෙච්ඡා චිත්‍රපට වර්ගීකරණය විකෘත කරන බව හා සියළුව R චිත්‍රපට එක සමාන නොවන බවද පවසන ලදී.[40] සිනමාශාලා හිමියන්ගේ සංගමයේ John Fithian ද කාඩ්පත් ක්‍රමය අනතුරුදායක බව පවසන ලදී. ඔහු තවාදුරටත් Christian Science Monitor සඟරාව වෙත අදහස් දක්වමින් R වර්ගීකරණය පවුලේ එකට නැරඹිය හැකි තත්වයේ ඇති Billy Elliot සහ Erin Brockovich (චිත්‍රපට දෙකම භාෂාව නිසා R ලැබීය) සමඟම ප්‍රචණ්ඩත්වය උපරිමයෙන් විදහා දැක්වෙන Pulp Fiction සහ Kill Bill එක මට්ටමේ සලකා ඇති බවටද පවසා සිටී.[41] මෙම ප්‍රකාශය නිවැරදි වූවත් Billy Elliot ගෘහස්ත භාවිතය සඳහා නිකුත් කිරීමේදී PG-13 ලබාගන්නා ලදී.

විවේචන සංස්කරණය

ලිංගික හා භාෂා ප්‍රචණ්ඩත්වය ගැන ප්‍රමුඛත්වයෙන් සැලකීම සංස්කරණය

චිත්‍රපට වර්ගීකරණය හට ප්‍රබල විවේචන එල්ල වී ඇත. චිත්‍රපට විචාරක Roger Ebert ට අනුව බිහිසුණු දර්ශණ මත වර්ගීකරණයට ලක් කිරීමට වඩා ලිංගිකත්වය මත වර්ගීකරණය කරනු ලබයි. ලිංගිකත්වය හා බිහිසුණු කම අතර අසමාන වර්ගීකරණය ගැන David Ansen ඇතුළු තවත් චිත්‍රපට විවේචකයින්ද බොහෝ චිත්‍රපට නිපදවන්නන්ද අදහස් දක්වා ඇත. තවදුරටත් අදහස් දක්වන Ebert, වර්ගීකරණය චිත්‍රපටයේ සුළු ලක්ෂණය දෙස හඹා යෑම මිස (පරුෂ වචනය භාවිත කල අවස්ථා ගණන වැනි) චිත්‍රපටයේ ප්‍රධාන අර්ථය ගැන උනන්දුවක් නොදක්වන (උදාහරණයක් ලෙස ලිංගිකත්වයේ හා ප්‍රචණ්ඩත්වයේ විපාක තේමාකර ගත් චිත්‍රපට) බව පවසයි. ඔහු යෝජනා කරන්නේ A (adults only වැඩිහිටියන්ට පමණයි) වර්ගීකරණයක් මඟින් NC-17 තරමට ලිංගිකත්වය නොමැති හා බාලවයස් කරුවන්ට නොගැලපෙන ප්‍රචණ්ඩත්වය හෝ ලිංගිකත්වය ඇති චිත්‍රපට වෙන් කරන ලෙසයි. තවදුරටත් ඔහු බොහෝ දෙනෙකුට නොතේරෙන NC-17 වෙනුවට වැඩිදෙනෙකුට තේරෙන X නැවත ආදේශ කරන ලෙස ඔහු යෝජනා කරන අතර හා A හා X මඟින් වැඩිහිටියන්ට පමණක් වන්නේ ලිංගික දර්ශන මතද නැද්ද යන්න පැහැදිලි වන බව ඔහුගේ මතයයි.

මෙයට අදහස් දක්වන MPAA සභාපති Dan Glickman පවසන්නේ බොහෝ චිත්‍රපට පළමුව ලිංගිකත්වයට වඩා ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් NC-17 ලබන නමුත් ඔවුන් පසුව R ලබාගැනීම සඳහා ඒවා සංස්කරණය කරනු ලබන බවයි.[42]

1969 සිට 1970 දක්වා කාලය තුල CARA අභ්‍යන්තර විවේචකයෙක් ලෙස වර්ගීකරණය සිදුකල ආයතනයේ සේවය කොට වර්තමානයේ චිත්‍රපට විචාරයේ හා රචනයේ යෙදෙන Stephen Farber මීට ප්‍රතිවිරුද්ධ අදහස දරමින්, The Movie Ratings Game[43] වාර්තාවක් කරමින් පවසා සිටින්නේ ප්‍රචණ්ඩත්වයට වඩා ලිංගිකත්වයට ප්‍රමුඛස්ථානයක් දෙනු ලබන බවයි. This Film Is Not Yet Rated චිත්‍රපටයද මෙයට සමානම අදහසක් දරමින් MPAA වෙබ් අඩවිය උපුටාගනිමින් පවසා සිටින්නේ ප්‍රචණ්ඩත්වයට වඩා හතරගුණයක් වැඩියෙන් ලිංගිකත්වය නිසා NC-17 ලබාගන්න බවය.

South Park සමාගමේ Bigger, Longer & Uncut වාරණය ගැන අදහස් දැක්වූ චිත්‍රපටයකි. එහි මුල් නාමය වූයේ South Park: All Hell Breaks Loose, වූ අතර MPAA විසින් නමේ "Hell" (අපාය) ලෙස තිබූ නිසා අවසර නොදෙන ලදී. කෙසේ වුවද MPAA නව නාමයට අවසර ලබාදුන් අතර එහි අඩංගු වෙන නාම විශේෂණ මඟින් චිත්‍රපටිය ගැන මෙන්ම පුරුෂ ලිංගය ගැනද විස්තර කල හැක. සමාගම පවසන්නේ නාමය පැහැදිළිවම විහිළුවක් බව හා MPAA එය හරිහැටි වටහා නොගත් බවය.[44] චිත්‍රපටයේ අවසන් පද කිහිපය නම් "Just remember what the MPAA says: Horrific, deplorable violence is okay, as long as people don't say any naughty words!" "(MPAA කියපු දේ මතකෙට ගන්න: මිනිස්සු නරක වචන කියන් නැති තාක් භයංකර, නින්දිත ප්‍රචණ්ඩත්වය තිබ්බට කමක් නෑ")

2011 Bully වාර්තාමය චිත්‍රපටියට එහි භාෂාව නිසා R වර්ගීකරණය ලැබුණු අතර එමඟින් එහි පරමාර්ථ ප්‍රේක්ෂකයින් වූ මැද හා උසස් අධ්‍යාපන වයසේ ළමුන්ට එය නැරඹීම වැලකී යන බවට[45] මහත් විවාදයක් මතුවුණි. Common Sense Media එයට එකඟ නොවූ අතර දහතුනට වැඩි ළමුන්ට නිර්දේශ කරන ලදී.[46] චිත්‍රපටයේ අධ්‍යක්ෂක Lee Hirsch "එය ඔවුන් කලින් අසා නැති දෙයක්" යැයි පවසන ලදී. වර්ගීකරණය වෙනස් කර ගැනීමට පවසා අත්සන් 300,000 කට වැඩි පෙත්සමක් අත්සන් කරවන ලදී.[47]

ස්වාධීන චිත්‍රාගාර වෙත දැඩි ප්‍රමිති දැක්වීම සංස්කරණය

බොහෝ විවේචකයින් මෙන්ම ස්වාධීන බෙදාහරින්නන්ද නඟන චෝදනාවක් නම් ස්වාධීන චිත්‍රාගාර වෙතට වඩා ප්‍රධාන චිත්‍රාගාර වෙත බොහෝවිට මෘදු පිළිගැනීමක් ලැබෙන බවය. ඒ සඳහා ඔවුන් සංසන්දනය කරන Saving Private Ryan චිත්‍රපටය ස්ටීවන් ස්පිල්බර්ග් ගේ නොවුනානම් බොහෝවිට එහි ඇති නෝමැන්ඩිය වෙත ගොඩ බසින D-Day දර්ශණයේ ඇති තීව්‍ර තාව මත එය NC-17 ලෙස වර්ගීකරණය වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. ස්වාධීන බෙදාහැරීමක් වූ නිරුවත් දර්ශණ නොමැති (එක් දර්ශණයක ජර්මන් සෙබලෙක් ප්‍රංශ කාන්තාවක් දූෂණය කිරීමට සැරසීමක් හැර), පරුෂ වචන අඩු හා අවම ප්‍රචණ්ඩත්වයක් ඇති Saints and Soldiers චිත්‍රපටයට R ලැබීමට හේතුවූයේ ප්‍රධාන නළුවා වෙඩි වැදී මිය යන දර්ශණය නිසා බව කියැවුනු අතර එම එක් සංස්කරණය මඟින් PG-13 වර්ගීකරණය ගතහැකිව තිබුණි.[48][49]

හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වූ Scary Movie නිකුත් වූයේ වෝල්ට් ඩිස්නි සමාගමේ කොටසක් වූ Dimension Films මඟිනි. එහි අශෝභන ලිංගිකත්වය පදනම් කරගත් විහිළු, භාෂාව, මත්ද්‍රව්‍ය පාවිච්චිය හා ප්‍රචණ්ඩත්වය සමඟ සෘජු පුරුෂ ලිංගයක දර්ශණ අඩංගු වූවා වුවත් එයට ලැබුනු R වර්ගීකරණය බොහෝ විවේචනයට බඳුන් විය. එය හා සැසඳීමේදී ස්වාධීන බෙදාහැරීමක් වූ [ South Park] සමාගමේ සාපේක්ෂව අඩු ලිංගිකත්වය මත පදනම් වූ Orgazmo චිත්‍රපටය හට එහි "පැහැදිලි ලිංගික අන්තර්ගතය හා දෙබස්" හේතුවෙන් NC-17 ලැබිණි. (එහි පෙන්වූ එකම පුරුෂ ලිංගය කෘතිම එකකි). එම කාලයේ සමාගම හට එය සංස්කරණය කිරීමට මුදල් නොතිබූ නිසා එය NC-17 වර්ගීකරනයේම රැඳිණි. Adam Carolla ගේ The Hammer චිත්‍රපටය PG-13 ලැබීමට සුදුසු තත්වයේ අවම පරුෂ වචන භාවිතයේ තිබුණු චිත්‍රපටයක් වුවද එයට ලැබී තිබුනේ R වර්ගීකරණයකි. එසේම ඔස්කාර් සම්මාන ලැබූ ස්වාධීන බෙදාහැරීමක් වූ The King's Speech, චිත්‍රපටයේ "fuck" වචනය අවස්ථා දෙකකදී 17 වතාවක් යෙදී තිබුනද ඉතිරි කොටසේ ඇති දැමුණු අන්තර්ගතය මත හා එම ශාපකිරීම කතාවට විශාල වශයෙන් වැදගත් වීම නිසා එයට ලැබුනු R වර්ගකිරීම විවේචනයට ලක්විය. පසුව සංස්කරණය කොට PG-13 නිකුත් වුවද එය DVD ලෙස නිකුත් නොවීය. මෙම අසමතුලිත තාවය පාලනය කිරීමට සමහර චිත්‍රාගාර විධායික නිලධාරීන් හා MPAA හා එකව වැඩකල සාර්ථක නිෂ්පාදකයින් එක්ව චිත්‍රපට නිපදවන්නන් හට තම චිත්‍රපට යොමුකිරීමට නව සමාගම් ඇතිකරගෙන ඇත. උදාහරණ ලෙස Dunn Films හා Motion Picture Consulting LLC හැඳින්විය හැක.

නිර්ණායක ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලීම සංස්කරණය

මධ්‍යස්ථ හා නිදහස් බොහෝ විවේචකයින්ගේ ඉල්ලීමක් නම් MPAA වර්ගීකරණ ප්‍රමිති එළිදරව් කරන ලෙසයි. MPAA නිතරම පෙන්වාදෙනු ලබන්නේ ජාතික මට්ටමේ විද්‍යාත්මක ඡන්ද විමසුම් මඟින් (සෑම වසරකම නිව් ජර්සි ප්‍රාන්තයේ ප්‍රින්ස්ටන් හී Opinion Research Corporation ආයතනය මඟින් පවත්වනු ලබයි) වර්ගීකරණය උපකාරීදායක බවට දෙමාපියන් තහවුරු කරන බවයි. Kirby Dick වැනි විවේචකයින් පවසන්නේ කිසිවක් නැතිවාට වඩා වර්ගීකරණයක් තිබීම උපකාරී වන බව එමඟින් ඔප්පු වන බවයි. [31] තවත් මතුකරන කාරණාවක් නම් MPAA සමහර තීරණ ගැනීමට හේතුවූ කාරණා ගැන කිසිවක් සඳහන් නොකිරීමයි. අවම වශයෙන් චිත්‍රපට නිෂ්පාදකයා හට වත් වෙනත් වර්ගීකරණයක් ගැනීමට සංස්කරණය කලයුතු දර්ශණය පෙන්වීම සිදු නොකරයි.


වර්ගීකරණය ලිහිල් වීමේ චෝදනාව සංස්කරණය

චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව සෑම විටම සැලකුවද,[50] මෑත කාලයේ MPAA මුහුණ දීමට සිදූවූ චෝදනාවක් නම් වර්ගීකරණය ලිහිල් වීමේ චෝදනාවයි. වර්තමනයේ වර්ගීකරණ ප්‍රභේදවලට අයත්වන චිත්‍රපට වල දශක දෙකකට පෙර එම ප්‍රභේදයේ තිබූ චිත්‍රපටවලට වඩා ප්‍රතිරෝධ කරුණු බහුල වී ඇත.[51] 2004 දී Harvard School of Public Health හී අධ්‍යන ප්‍රධානී Kimberly Thompson ට අනුව පරුෂ වචන, ලිංගික දර්ශණ හා ප්‍රචණ්ඩත්වයේ පැහැදිළි වැඩිවීමක් 1992 හා 2003 අතර ඇතිවී තිබෙන බව නිගමනය කර ඇත.[52]

විව්ධ ස්වාධීන සේවා මෙන්ම 2000 සැප්තැම්බර් හිදේ ChildCare Action Project විසින්ද ප්‍රකාශ කරනු ලැබූ වාර්තාවකට අනුවද Harvard School of Public Health හි නිගමන වලට සමානව වර්ගීකරණයේ ලිහිල් වීමක් පෙන්වනු බවට ඉඟිකරනු ලබයි.[53]

අදාලතාවය ප්‍රශ්න කිරීම සංස්කරණය

Slashfilm.com හී කතෲ David Chen තම වෙබ් අඩවියේ මෙසේ සඳහන් කොට ඇත. "MPAA හා ඔවුන්ගේ දරුණු යල්පැන ගිය අදහස් හෙලා දැකිමට කාලය එලඹ ඇත. අපි ගමන් කරමින් සිටින්නේ අපේ සියුම් සංවේදනයට දැකිය හැකි හා නොහැකි දෙවල් තීරණය කිරීමට මවක් වැනි සංවිධාන අවශ්‍ය නොවන යුගයකට වේ. මම බලාපොරොත්තු වෙනවා MPAA හි අහෝසි වීම අනිවාර්යය බව."[54]Chicago Tribune හී චිත්‍රපට විවේචක Michael Phillips ට අනුව MPAA වර්ගීකරණ කණ්ඩායම අදාල නොවන හා මෝඩ තත්වයට පත්ව ඇත. එහි සාමාජිකයින් තවදුරටත් ඔබේවත් මගෙවත් කැමැත්තන් හදවතේ රඳවාගෙන නොමැත. ඔවුන් ප්‍රචණ්ඩත්වයට සැහැල්ලුවෙන් සලකන නමුත් නිරුවතට හා භාෂාවට පුදුමාකාර ලෙස ප්‍රතිචාර දක්වනු ලබයි"[55]

විකල්ප වර්ගීකරණ සංස්කරණය

ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයින් වෙත සංස්කරණය

MPAA වර්ගීකරණය ප්‍රධාන චිත්‍රාගාරවලින් පරිභාහිරව නොසලකා සිටිය හැක. MPAA ක්‍රමය නිෂ්ඵල යැයි සැලකූ එහෙත් තම චිත්‍රපටය වර්ගීකරණය නොකරන ලද ගණයට වැටීමට අකමැති චිත්‍රපටකරුවන් විසින් 2010 දී Voluntary Media Rating (VoMeR) පද්ධතිය පිහිටුවා ගන්නා ලදී.[56] Voluntary Media වර්ගීකරණය තමා විසින්ම පණවා ගනු ලබන වර්ගීකරණයකි. වර්ගීකරණයේ ප්‍රධාන වර්ග දෙකක දෙමාපියන්ට කරන අවවාද දක්නට ලැබේ; එනම් දෙමාපියන් සමඟ වයසින් පහල [ wA < (වයස) ] හා සීමාසහිත අන්තර්ගතය වයසින් පහල [ Rc < (වයස) ] වේ. අවවාදයේ පරිමාණය වයස අනුව වෙනස් වේ. මෙම ක්‍රමයේ තොරතුරු දෙන ආකාර දෙකක් පවතී. එනම් අකුර+වයස කේතය හා එළිදරව් කරන විස්තරයයි.[56]

ඇමරිකානු වෘතාන්ත චිත්‍රපටයක් වූ Spectrauma මෙම ක්‍රමයට අනුගත වූ පළමු චිත්‍රපටයයි. එයට අදාල වූයේ wA < 14 වර්ගීකරණයයි.[56][57]


වැඩිදුර තොරතුරු සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 Maljack Prouctions v MPAA, US Dist. Court, DC Circuit
  2. Bowles, Scott (2007-04-10). "Debating the MPAA's mission". USA Today. {{cite news}}: External link in |newspaper= (help)
  3. http://www.mpaa.org/ratings/what-each-rating-means
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 http://www.skepticfiles.org/en001/mpaarate.htm
  5. Austin, Bruce A. (1989). "The Movie Rating System". Immediate Seating: A Look at Movie Audiences. Wadsworth Publishing. p. 110. ISBN 0-534-09366-3. {{cite book}}: |access-date= requires |url= (help)
  6. http://www.mpaa.org/Ratings_hstry_Rvsns.asp
  7. Siskel, Gene (1970-01-28). "The Movies". Chicago Tribune. p. B5. {{cite news}}: External link in |work= (help)
  8. Beck, Joan (1970-02-24). "Children's Film Fare Skimpy". Chicago Tribune. p. B3. {{cite news}}: External link in |work= (help)
  9. United Press International (1972-02-03). "New 'PG' Film Rating Clarifies Picture Type". Chicago Tribune. p. W14.
  10. "The Influence of the MPAA'S Film-Rating System on Motion Picture Attendance: a Pilot Study" in Journal of Psychology, Vol. 106, 1980, by Bruce A. Austin
  11. MPAA rating at end of movie clip යූ ටියුබ් වෙත
  12. "Gremlins in the Rating System" සංරක්ෂණය කළ පිටපත 2010-10-29 at the Wayback Machine from TIME
  13. The Top 10 Most Inappropriate PG Movies from Spike
  14. Q&A: Steven Spielberg on Indiana Jones from Vanity Fair
  15. Eller, Claudia (2000-09-29). "FTC Playing Parent or Big Brother?". Los Angeles Times. The Motion Picture Assn. of America ... gave the first PG-13 rating that same year to Garry Marshall's "The Flamingo Kid" ...
  16. The MPAA Rating Systems
  17. 17.0 17.1 "X-Film Rating Dropped and Replaced with NC-17"
  18. "Henry Miller Meets the MPAA"
  19. First Major Film With an NC-17 Rating Is Embraced by the Studio from New York Times
  20. IMDB contributors. "Parents Guide for Midnight Cowboy (1969)". සම්ප්‍රවේශය 31 January 2012. {{cite web}}: |last= has generic name (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  21. Changes in the Rating System, http://www.mpaa.org/Ratings_hstry_Rvsns.asp, ප්‍රතිෂ්ඨාපනය 2006-04-07 
  22. Halbfinger, David (2007-06-13). "Attention, Web Surfers: The Following Film Trailer May Be Racy or Graphic". The New York Times.
  23. http://www.mpaa.org/FlmRat_Advertising.asp
  24. "SCREEN IT! PARENTAL REVIEW: GUNNER PALACE". screenit.com. 2005-03-11. සම්ප්‍රවේශය 2007-07-26.
  25. "'The Hip Hop Project' Rated PG-13, Despite 17 F-Words - The Moviefone Blog". 2007-04-27. සම්ප්‍රවේශය 2012-3-31. {{cite web}}: Check date values in: |accessdate= (help)
  26. Ebert, Roger (2003-11-16). "Movie Answer Man". Chicago Sun-Times. 2007-10-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-07-26. {{cite news}}: External link in |publisher= (help)
  27. "FILM RATING BOARD TO CONSIDER SMOKING AS A FACTOR" (PDF). MPAA. 2007-05-10. 2007-06-12 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-07-26.
  28. "Universal Pictures Policy Regarding Tobacco Depictions in Films". Universal Studios]. 2007-04-16. සම්ප්‍රවේශය 2008-08-05. {{cite web}}: External link in |publisher= (help)
  29. Rubin, Rita (2011-03-08). "PG-rated 'Rango' has anti-smoking advocates fuming". USA Today.
  30. Thompson, Brian (2010-10-11). "Spangle Magazine". Spangle Magazine. සම්ප්‍රවේශය 2011-02-01.
  31. 31.0 31.1 31.2 Kirby Dick (2006-01-25). This Film is not Yet Rated (Film). {{cite AV media}}: External link in |people= and |title= (help)
  32. Byrne, Bridget (2004-09-20). ""Sky Captain" Takes Flight". E! Online]. 2004-09-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-07-26. {{cite web}}: External link in |publisher= (help)
  33. http://www.filmsite.org/greatestflops16.html
  34. NC-17 comes out from hiding from Los Angeles Times
  35. Bad Education performance from Box Office Mojo
  36. Foreign affairs from The Hollywood Reporter
  37. BD Horror News – MPAA Creating 'Heavy-R', A More PC Version of NC-17 සංරක්ෂණය කළ පිටපත 2012-10-10 at the Wayback Machine from bloody-disgusting.com
  38. MPAA Wants New Rating For 'Heavy R' – Cinematical
  39. Hilden, Julie (July 16, 2007). "Free Speech and the Concept of "Torture Porn": Why are Critics So Hostile to "Hostel II"?". FindLaw's Writ. සම්ප්‍රවේශය 22 March 2011. {{cite news}}: Check |authorlink= value (help); External link in |agency= and |authorlink= (help)
  40. Pinto, Barbara (2004-06-01). "'R-Cards' Let Teens See Racy Movies: Some in Industry Say Cards Defeat Purpose of Ratings". ABC News. සම්ප්‍රවේශය 2007-07-26. {{cite web}}: External link in |publisher= (help)
  41. Paulson, Amanda (2004-05-24). "Under 17 not admitted without R-card". Christian Science Monitor. සම්ප්‍රවේශය 2007-07-26. {{cite news}}: External link in |publisher= (help)
  42. Cruz, Gilbert (October 30, 2008). "Happy 40th Birthday, Movie Ratings". Time. November 6, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 6, 2012.
  43. Stephen Farber. The Movie Rating Game. Paperback ed. Public Affairs Press; 1972 [cited October 3, 2011]. ISBN 978-0-8183-0181-0.
  44. "The History of South Park".
  45. "MPAA: Don't Let the Bullies Win!". සම්ප්‍රවේශය 18 March 2012.
  46. Bozdech, Betsy. "Bully". Common Sense Media. සම්ප්‍රවේශය 18 March 2012. {{cite web}}: External link in |publisher= (help)
  47. http://www.dailycomet.com/article/20120307/APE/1203070943[permanent dead link]
  48. "R rating stuns 'Saints' makers". Deseret News. සම්ප්‍රවේශය 2008-03-15.
  49. Baggaley, Thomas. "LDS Cinema Gets Better and Gets a Bum Rating". meridianmagazine.com. සම්ප්‍රවේශය 2008-03-15.
  50. Tobias, Patricia Eliot (1999). "Who Put the Sin in Cinema?". Written By. April 16, 2003 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 6, 2010. {{cite journal}}: Unknown parameter |month= ignored (help)
  51. Greydanus, Steven D. (October 24, 2004). "'Ratings Creep' – or a Case of 'Once Bitten, Twice Shy'?". National Catholic Register. සම්ප්‍රවේශය September 6, 2010. {{cite web}}: External link in |publisher= (help); Italic or bold markup not allowed in: |publisher= (help)
  52. Thompson, Kimberly M.; Yokota, Fumie (2004). "Violence, sex and profanity in films: correlation of movie ratings with content". MedGenMed. 6 (3): 3. PMC 1435631. PMID 15520625. {{cite journal}}: Unknown parameter |laydate= ignored (help); Unknown parameter |laysource= ignored (help); Unknown parameter |laysummary= ignored (help)
  53. Carder, Thomas A. (2000). "R-13". Texas: ChildCare Action Project. සම්ප්‍රවේශය September 6, 2010. {{cite web}}: External link in |publisher= (help); Unknown parameter |month= ignored (help)
  54. Chen, David (November 8, 2010). "Why the MPAA Should Be Ashamed of Itself". slashfilm.com. සම්ප්‍රවේශය October 3, 2011.
  55. Phillips, Michael (November 4, 2010). "There's a word for the MPAA..." Chicago Tribune. සම්ප්‍රවේශය February 8, 2012.
  56. 56.0 56.1 56.2 "VoMeR".
  57. සැකිල්ල:IMDB title

බාහිර සබැඳි සංස්කරණය